
පඩි වැඩි කරගත් හැටි ගැන මහ බැංකුව නිවේදනයකින් පහදයි
ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවිසුමට අනුකූලව සිදුකර ඇති බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ලිඛිතව අවස්ථාව ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම්දීම අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපතිවරයා වෙත ඉකුත් 22 වැනිදා මහ බැංකු අධිපති ලිපියක් යොමු කළ බව අදාළ නිවේදනයේ දැක්වෙයි.
එම අවස්ථාව ලැබුණු පසු සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමට මහ බැංකුව සූදානමින් පසුවන බව එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර මහ බැංකුවේ වැටුප් වැඩි කිරීමේ සිද්ධිය පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවීමට යෝජනා කරන බවත්, එසේ කැඳවා අදාළ වැටුප් වර්ධක සම්බන්ධව මෑත කාලීනව ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා ගැනීම සුදුසු බවත් ය.
කෙසේ වුවද, රාජ්‍ය අංශයේ පටි තදකිරීමට අදාළ නියෝගය නොතකා තුන් අවුරුදු වැටුප් සංශෝධනය යටතේ 29.53% සිට 79.97% දක්වා අනුපාතයකින් මහ බැංකු සේවකයන්ගේ වැටුප් සකස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි විවේචනවලට හේතු වී තිබේ.
මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයාගේ මාසික වැටුප රුපියල් 974,965ක සිට රුපියල් ලක්ෂ 17 දක්වා වන පරාසයකින් ඉහළ නංවා ඇති බවත් කාර්යාල කාර්ය සහායකයන්ගේ වැටුප් ද සැළකිව යුතු ලෙස ඉහළ නංවා ඇති බවත් සඳහන්ය.
කාර්යාල කාර්ය සහායකයකුගේ මුළු වැටුප මේ වනවිට ආරම්භක මට්ටමේ වෛද්‍යවරයකුගේ වැටුපට වඩා ඉහළ ගොස් ඇතැයි ආරංචි මාර්ග පවසයි.
මෙවැනි විශාල වැටුප් වැඩිවීමක් සිදුකිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබුණේ මේ වන විට රටේ බහුතරය ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින පසුබිමක් මධ්‍යයේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
