
ණය කන්ද බිලියන විසිඅට දහට නැගලා - එක් අයෙක් ලක්‍ෂ 12.5ක් ණයයි
රජය දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය 2023 වසරේ ඔක්තෝබර් වන විට රුපියල් බිලියන විසිඅටදහස් අනූහතරයි දශම හයයි නවයක් (28094.69ක්) බවත් ඒ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් දොළොස්ලක්‍ෂ හැටපන්දහසකට (12,65,000 කට) ආසන්න වී ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.
මේ අනුව හතරදෙනකුගෙන් යුත් පවුලක් වෙනුවෙන් රජය ලබා ගන්නා ලද ණය ප්‍රමාණය රුපියල් පනස්ලක්‍ෂ හැටදහසකට (50,60,000කට) වැඩි වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය 2020 වසර වන විට පැවතුණේ රුපියල් හය ලක්‍ෂ අනූදහසකට (690,000) ආසන්න ප්‍රමාණයකි. එය 2021 වසර වන විට රුපියල් ලක්ෂ 08 ඉක්මවා තිබුණි. එහෙත් පසුගිය වසර තුනක කාලයේ දී එම මුදල දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
රටේ මුළු ණය ප්‍රමාණය ගැන සලකා බැලූ විට එය පැවතුණේ රුපියල් බිලියන 13,031ක් වශයෙනි. 2020 වසර වන විට එය බිලියන 15,117 දක්වා වැඩිවී තිබුණු අතර 2021 වසර වන විට රුපියල් බිලියන 17,614 දක්වා වර්ධනය වී ඇත. 2022 වසර වන විට රුපියල් බිලියන 27,492 දක්වා වර්ධනය වී ඇත.
ඒ අනුව පෙනී යන්නේ 2019 වසර වන විට රජය එක් පුද්ගලයකු වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 598,000ක් බවය. 2020 වසර වන විට 690,000 දක්වාත් 2021 වසර වන විට 795,000 දක්වාත් එය වැඩිවී ඇත. මේ කාලයේ දී ඒක පුද්ගල ණය ප්‍රමාණය වැඩිවී ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයකිනි. එනම් වර්ෂයකට වැඩි වී ඇත්තේ රුපියල් ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයකිනි. නමුත් 2022 සහ 2023 වර්ෂ දෙක සලකා බැලූවිට ශීඝ්‍රයෙන් වර්ධනය වීමක් දක්නට පුළුවන.
මෙයට අමතරව රජය ජනතාව වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය ලක්ෂ 50 ඉක්මවන අතරේ ජනතාව ද තනි වශයෙන් මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ඇත. ඊට අමතරව රත්තරන් බඩු උකස් තැබීම ද විශාල වශයෙන් සිදුකර ඇත. මේ වන විට බොහෝ ජනතාව ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද වැඩිදුරටත් වසන්ත අතුකෝරල පැවසීය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
