
විදුලිබල පනට අනුව ලාභ ලැබිය නොහැකියි... ලැබූ ලාභය විදුලි පාරිභෝගිකයන්ට බෙදිය යුතුයි – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික
දෙදහස් නවයේ විදුලිබල පනතේ 30 වැනි වගන්තිය අනුව විදුලිබල මණ්ඩලයට ලාභ ලැබිය නොහැකි බැවින් එම මණ්ඩලය ලැබුවා යැයි කියන රුපියල් බිලියන හැටකට ආසන්න ලාභය මෙම රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන් අතරේ රුපියල් දොළොස්දහස බැගින් බෙදා දිය යුතු යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසයි.
දෙදහස් 2023 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය බිලියන හැටකට ආසන්න ලාභයක් ලබා ඇති බව එම මණ්ඩලයේම දත්ත අනුව පෙන්නුම් කරන්නේ යැයි ද හෙතෙම සඳහන් කරයි.
මේ පිළිබඳව අදහස් දක්වන ඒ මහතා,
"මේ රටේ විදුලි පාරිභෝගිකයෝ ලක්ෂ හැත්ත තුනක් ඉන්නවා. ඒ නිසා මේ බිලියන හැටක ලාභය ඔවුන් අතරේ බෙදා හැරීමට රජය වහාම පියවරගත යුතුයි. එවිට එක් විදුලි පාරිභෝගිකයකුට රුපියල් දොළොස් දහසක මුදලක් සාමාන්‍ය වශයෙන් දෙන්න පුළුවන්. විදුලි බල පනතට අනුව, එහෙමත් නැත්නම් රටේ නීතියට අනුව විදුලි බල මණ්ඩලයට ලාභ ලබන්න බෑ. සාධාරණ පිරිවැය පමණයි අය කළ හැක්කේ. ඒ නිසා මේ ලැබුවා යැයි කියන ලාභය අනීතිකයි. මේ නිසා වහාම විදුලි පාරිභෝගිකයන් අතරේ එම ලාභය බෙදාහැරීමට රජය කටයුතු කළ යුතුයි. කංචන ඇමැතිවරයා වහාම මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
