විධායක බලතල අහෝසි කරනවා කියලා අපේ තාත්තත් පොරොන්දු දුන්නා... තවම ඒ පොරොන්දුව ඉෂ්ඨ වෙලා නැහැ - නාමල් කියයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල් දමනවා නම් එය වැරදි බවත්, ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දැමීමට බලයක් ලබාදී නැතිබවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙසේ පැවසූයේ කැලණි විහාරය වැදපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා,
"ව්‍යවස්ථානුකූලව මේ රටේ මැතිවරණයක් පැවැත්විය යුතුයි. ව්‍යවස්තානුකූලව ඉදිරියේ දී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයයි .එම නිසා ඕනෑම දේශපාලන පක්ෂයක වගකීම තමයි ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන මැතිවරණයට සූදානම් වීම.
ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්වීමට. කවුරු කෙසේ මාධ්‍ය හරහා මොන යෝජනා කළත් අපි කලබල විය යුතු නැහැ. අපි සියලුදෙනා ව්‍යවස්ථාව විශ්වාස කරනවා. පසුගිය කාලයේ අරගල කළෙත් ව්‍යවස්ථාවට පටහැනිව ගිහින්. අපි මේ රටේ වර්තමාන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව පත්කළෙත් ව්‍යවස්ථානුකූලවයි. අපි හැමදාම ව්‍යවස්ථාව ආරක්ෂා කරපු දේශපාලන බලවේගයක්. අපි ඉදිරියේදීත් ව්‍යවස්ථාව ආාරක්ෂා කිරීමට බැදී සිටිනවා. ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දාන්න බලයක් නැහැ.
ව්‍යවස්ථානුකූලව මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්ට නියමිත දිනට බලය ලැබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා හැමෝම කතා වෙනවා. මට දේශපාලනය මතක කාලේ ඉදලා මම ඔය විධායක බලතල අහෝසි කිරීම ගැන අහලා තිබෙනවා. අපේ තාත්තා ඇතුළු හැමෝම හැම මැතිවරණයකදීම ඔය ගැන පොරොන්දු දීලා තිබෙනවා. තවම ඒ පොරොන්දුව ඉෂ්ඨ වෙලා නැහැ. මැතිවරණ ක්‍රමයත් එක්ක තමයි විධායක බලතල බැඳිලා තිබෙන්නේ. රටට සුදුසු ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට පුලුවන්. නමුත් ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල්දාන්න උත්සාහ කරනවා නම් එය වැරුදියි.
රනිල් වික්‍රමසිමංහ මහත්තයා මේ රටේ අවුරුදු 45 ක් ට වැඩි කාලයක් දේශපාලනය කරපු කෙනෙක්. එතුමාට තිබෙනන ලොකුම ආශිර්වාදය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කරනවා කියා එදා එතුමා අපේ තාත්තාට පවා චෝදනා කළා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්