
විධායක බලතල අහෝසි කරනවා කියලා අපේ තාත්තත් පොරොන්දු දුන්නා... තවම ඒ පොරොන්දුව ඉෂ්ඨ වෙලා නැහැ - නාමල් කියයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල් දමනවා නම් එය වැරදි බවත්, ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දැමීමට බලයක් ලබාදී නැතිබවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙසේ පැවසූයේ කැලණි විහාරය වැදපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා,
"ව්‍යවස්ථානුකූලව මේ රටේ මැතිවරණයක් පැවැත්විය යුතුයි. ව්‍යවස්තානුකූලව ඉදිරියේ දී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයයි .එම නිසා ඕනෑම දේශපාලන පක්ෂයක වගකීම තමයි ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන මැතිවරණයට සූදානම් වීම.
ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්වීමට. කවුරු කෙසේ මාධ්‍ය හරහා මොන යෝජනා කළත් අපි කලබල විය යුතු නැහැ. අපි සියලුදෙනා ව්‍යවස්ථාව විශ්වාස කරනවා. පසුගිය කාලයේ අරගල කළෙත් ව්‍යවස්ථාවට පටහැනිව ගිහින්. අපි මේ රටේ වර්තමාන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව පත්කළෙත් ව්‍යවස්ථානුකූලවයි. අපි හැමදාම ව්‍යවස්ථාව ආරක්ෂා කරපු දේශපාලන බලවේගයක්. අපි ඉදිරියේදීත් ව්‍යවස්ථාව ආාරක්ෂා කිරීමට බැදී සිටිනවා. ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දාන්න බලයක් නැහැ.
ව්‍යවස්ථානුකූලව මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්ට නියමිත දිනට බලය ලැබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා හැමෝම කතා වෙනවා. මට දේශපාලනය මතක කාලේ ඉදලා මම ඔය විධායක බලතල අහෝසි කිරීම ගැන අහලා තිබෙනවා. අපේ තාත්තා ඇතුළු හැමෝම හැම මැතිවරණයකදීම ඔය ගැන පොරොන්දු දීලා තිබෙනවා. තවම ඒ පොරොන්දුව ඉෂ්ඨ වෙලා නැහැ. මැතිවරණ ක්‍රමයත් එක්ක තමයි විධායක බලතල බැඳිලා තිබෙන්නේ. රටට සුදුසු ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට පුලුවන්. නමුත් ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල්දාන්න උත්සාහ කරනවා නම් එය වැරුදියි.
රනිල් වික්‍රමසිමංහ මහත්තයා මේ රටේ අවුරුදු 45 ක් ට වැඩි කාලයක් දේශපාලනය කරපු කෙනෙක්. එතුමාට තිබෙනන ලොකුම ආශිර්වාදය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කරනවා කියා එදා එතුමා අපේ තාත්තාට පවා චෝදනා කළා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
