
දේශපාලකයන්ට සිංහල භාෂාව ඕනෑ වන්නේ ඡන්ද ලබා ගැනීමට පමණයි... සිංහල විශ්වකෝෂයත්, සිංහල ශබ්දකෝෂයත් මේ වනවිට අකර්මණ්‍යයි - මහාචාර්ය සඳගෝමි කෝපරහේවා
දේශපාලකයන්ට සිංහල භාෂාව අවශ්‍ය වන්නේ ඡන්ද ලබා ගැනීමට පමණක් යැයි මහාචාර්ය සඳගෝමි කෝපරහේවා කොළඹ 7 පදනම් ආයතනයේ පැවති මවු භාෂා දින ජාතික සැමරුම් උත්සවයේදී ඊයේ (පෙබ. 21) චෝදනා කළේ ය.
පාර්ලිමේන්තුවට ගිය පසු සිංහල භාෂාව අමතක කරන දේශපාලකයන්ට නැවතත් එය අවශ්‍ය වන්නේ ඡන්ද ලබා ගැනීමට හා නිවෙසේදී කතා කිරීමට පමණක් යැයි ද මහාචාර්ය කෝපරහේවා අවධාරණය කළේ ය.
සිංහලය රාජ්‍ය භාෂාව කර වසර හැටකට වඩා ගතව ඇතත් ආණ්ඩුකරණයේදී එය නිසි ලෙස භාවිත කෙරෙන්නේ නැතැයි කී හෙතෙම අඩුම තරමින් කැබිනට් පත්‍රිකාවක්වත් නිවැරදි සිංහලයෙන් සකස් නොවන්නේ යැයි ද චෝදනා කළේ ය.
තේ, රබර්, පොල්වලට ඕනෑ තරම් පර්යේෂණ ඇති රටේ සිංහල භාෂාව සඳහා පර්යේෂණ ආයතන ඇත්තේ අතිශය සුළු සංඛ්‍යාවක් යැයි ඒ මහතා කීවේ ය. එසේ තිබෙන අතළොස්සක් වූ පර්යේෂණ ආයතනවලට ද රජයෙන් ලබා දෙන මුදල් ප්‍රමාණවත් නැතැයි ද ජාතික අය-වැයෙන් ඒවාට වෙන්වන්නේ ද ඉතා සුළු මුදලක් යැයි ද මහාචාර්යවරයා චෝදනා කළේ ය.
සිංහල විශ්වකෝෂය මෙන්ම සිංහල ශබ්දකෝෂය ද මේ වනවිට අකර්මණ්‍ය යැයි කී හෙතෙම ඉතිරිව තිබෙන්නේ මොන කෝෂය දැයි සිතාගත නොහැකි යැයි පැවසීය. ආරම්භක අධ්‍යාපනයේදී පාසලේදී සිංහල බසින් ඉගෙනගත්තත් පසුකාලීනව ලද ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් පසුව මවුබස අමතක කර ඇතැයි ද කෝපරහේවා මහතා කීවේ ය.
- මව්බිම -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
