
හරීන්ව වහාම ඇමැතිකමින් නෙරපණු! ඉන්දියාවට රට විකිණීම නවතනු!: මහජන උද්ඝෝෂනයට විශාල පිරිසක් එක්වෙයි
හරීන්ව වහාම ඇමැතිකමින් නෙරපණු! ඉන්දියාවට රට විකිණීම නවතනු!: මහජන උද්ඝෝෂනය අද (පෙ.බ.20) පෙ:ව 10:00 ට නො 78, සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය, අමාත්‍ය කාර්යාලය (ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය), ගාලුපාර, කොළඹ 03 යන ස්ථානයේදී පැවැත්විණි.
මේ සඳහා සිවිල් සංවිධාන, බහුජන සංවිධාන හා ජාතික සංවිධාන රැසක් එක්වූ අතර එහි දී අදහස් දක්වමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ හරීන් ප්‍රනාන්දු ඇමැති වරයා වැරදි තුනක් සිදුකර ඇති බවය.
ජාත්‍යන්තර සමුළුවකට ගොස් මේ රටේ ව්‍යවස්ථාවේ 4 වැනි උප ශීර්ෂය රටේ ස්වෛරී භාවය රකින බවට අනුව ඔහු දුන් දිවුරුම කඩකර ඇති බවත්, ඉන්දියාවට ගොස් මෙරට ගුවන්තොටුපළවල් ලබා දීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට ප්‍රකාශ ලබාදිය නොහැකි බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඔහු කර ඇති ප්‍රකාශයට අනුව වෙනත් රටක නම් ඔහුට හිමිවන්නේ මරණ දඩුවම බවත්, ලංකාවේ එබඳු තත්ත්වයක් නොමැති වුවද අඩුතරමින් ඔහුට අමාත්‍ය මණ්ඩලයේ සිටීමට හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
එනිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහුව කැබිනට් මණ්ඩලයෙන් වහාම ඉවත් කළ යුතු බවද සඳහන් කරන ඒ මහතා, රටේ ඉඩම් ගන්න තමන් ළගට එන්න යැයි හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා එහිදී කළ ප්‍රකාශය ද ඔහුට කළ හැකි ප්‍රකාශයක් නොවන බව සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
