කතෝලික සභාවේ කොඳු නාරටිය ධීවරයෝ... ධීවරයින්ට අයිති ලෙල්ලම පවරා ගත්තට ලැජ්ජවෙන්න ඕනේ - අගරදගුරු නිවස ඉදිරියේ ධීවරයෝ විරෝධයේ (වීඩියෝ)
මීගමුව පිටිපන ලෙල්ලම, කොළඹ අගරදගුරු පදවියට පවරා ගැනීමට විරෝධය පළ කිරීම සඳහා එහි ධීවරයින් ඊයේ දහවල් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වුණි.
ඒ සිය ගැටලුවට නිසි විසඳුමක් ලබාදෙන්නැයි ඉල්ලමිනි.
එහිදී ඔවුන් පැවසුවේ කතෝලික සභාවේ කොඳුනාරටිය ධීවරයන් බවත්, ධීවරයින්ට අයිති ලෙල්ලම අගරදගුරු පදවියට පවරා ගැනීම සම්බන්ධයෙන් ලැජ්ජා වියයුත් බවත් ය.
ලෙල්ලම යනුවෙන් ජනප්‍රිය වී ඇති මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපල පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය පසුගියදා නියෝග කළේය.
ඒ, පිටිපන එක්සත් ධීවර සමිතියේ නිලධාරි මණ්ඩලයට එරෙහිව අගරදගුරු හිමිපාණන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදීය.
ඒ අනුව මීගමුව පිටිපන ලෙල්ලම, කොළඹ අගරදගුරු පදවියට පවරා ගැනීමට විරෝධය පළ කිරීම සඳහා ලෙල්ලමේ ධීවර කටයුතු සිදුකරන ධීවරයින් ඊයේ දහවල් කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති මැදුර ඉදිරිපිටට පැමිණියේය.
විරෝධය පළ කළ ඔවුන් පසුව තමන්ට සිදුවූ අසාධාරණය ගැන වතිකානය දැනුවත් කරමින් අපෝස්තලික තානාපති මැදුර වෙත ලිපියක්ද යොමු කළේය.
අනතුරුව ඔවුන් පැමිණියේ කොළඹ, අගරදගුරු නිල නිවස ඉදිරිපිටටය.
එහිදීද විරෝධතාවයේ නිරත වූ ඔවුන් කොළඹ අගරදගුරු හිමිපාණන්ට දැඩි විරෝධයක් එල්ල කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්