
කතෝලික සභාවේ කොඳු නාරටිය ධීවරයෝ... ධීවරයින්ට අයිති ලෙල්ලම පවරා ගත්තට ලැජ්ජවෙන්න ඕනේ - අගරදගුරු නිවස ඉදිරියේ ධීවරයෝ විරෝධයේ (වීඩියෝ)
මීගමුව පිටිපන ලෙල්ලම, කොළඹ අගරදගුරු පදවියට පවරා ගැනීමට විරෝධය පළ කිරීම සඳහා එහි ධීවරයින් ඊයේ දහවල් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වුණි.
ඒ සිය ගැටලුවට නිසි විසඳුමක් ලබාදෙන්නැයි ඉල්ලමිනි.
එහිදී ඔවුන් පැවසුවේ කතෝලික සභාවේ කොඳුනාරටිය ධීවරයන් බවත්, ධීවරයින්ට අයිති ලෙල්ලම අගරදගුරු පදවියට පවරා ගැනීම සම්බන්ධයෙන් ලැජ්ජා වියයුත් බවත් ය.
ලෙල්ලම යනුවෙන් ජනප්‍රිය වී ඇති මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපල පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය පසුගියදා නියෝග කළේය.
ඒ, පිටිපන එක්සත් ධීවර සමිතියේ නිලධාරි මණ්ඩලයට එරෙහිව අගරදගුරු හිමිපාණන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදීය.
ඒ අනුව මීගමුව පිටිපන ලෙල්ලම, කොළඹ අගරදගුරු පදවියට පවරා ගැනීමට විරෝධය පළ කිරීම සඳහා ලෙල්ලමේ ධීවර කටයුතු සිදුකරන ධීවරයින් ඊයේ දහවල් කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති මැදුර ඉදිරිපිටට පැමිණියේය.
විරෝධය පළ කළ ඔවුන් පසුව තමන්ට සිදුවූ අසාධාරණය ගැන වතිකානය දැනුවත් කරමින් අපෝස්තලික තානාපති මැදුර වෙත ලිපියක්ද යොමු කළේය.
අනතුරුව ඔවුන් පැමිණියේ කොළඹ, අගරදගුරු නිල නිවස ඉදිරිපිටටය.
එහිදීද විරෝධතාවයේ නිරත වූ ඔවුන් කොළඹ අගරදගුරු හිමිපාණන්ට දැඩි විරෝධයක් එල්ල කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
