
හරීන් කර ඇත්තේ රාජද්‍රෝහී ක්‍රියාවක්... මරණ දඬුවම ලබාදිය හැකියි - ගම්මන්පිල කියයි
ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් යයි ප්‍රකාශ කිරීමෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා රාජද්‍රෝහී වරදක් සිදු කර ඇති බවත් එය මරණ දඬුවම් බව ලබාදිය හැකි වරදක් බවත් පිවිතුරු හෙළ උරුම නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
‘හරින් ප්‍රනාන්දු ඇමතිතුමා ඉන්දියාවේ ගිහින් ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ප්‍රකාශ කරලා තිබුණා. මේක සෘජුවම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ස්වාධීනත්වය උල්ලංඝණය කිරීමක්.
මේ ප්‍රකාශය එක පැත්තකින් ඇමතිවරයෙකු ලෙස පත්වීම ලබා ගැනීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබා දුන්නු දිවුරුම උල්ලංඝණය කිරීමක්.
ඒ අනුව හරින් ඇමතිතුමා තවදුරටත් ඇමති ධූරය දැරීමට නුසුදුස්සෙකු වෙනවා. අනිත් පැත්තෙන් අපේ රට තවත් රටකට ඈඳීමට කටයුතු කිරීම රාජද්‍රෝහි ක්‍රියාවක්. රාජද්‍රෝහි කියන්නේ සිය රාජ්‍යයට ද්‍රෝහිවීම මිස රජතුමෙකුට ද්‍රෝහිවීම නොවේ.
අපේ දණ්ඩ නීති සංග්‍රහයේ රාජද්‍රෝහිත්වයට නියම කරලා තිබෙන දඬුවම මරණ දඬුවම. සරලව කිව්වොත් හරින් ප්‍රනාන්දු ඇමතිවරයා කරලා තිබෙන්නේ මරණ දඬුවම ලබා දිය හැකි වරදක්’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
