News Category
From Date
To Date
Maximum Number of Result

හරීන් ප්‍රනාන්දු "ලංකාව ඉන්දියාවේ කොටසක්!" කියද්දී "ජනපති -රාජපක්ෂවරු - බලයට ඉව අල්ලන විපක්ෂ කල්ලි" කසාය බීපු ගොළුවන් වගේ දත කට පූට්ටු කරගෙන ඉන්නවා - විමල් වීරවංශ

Feb 17, 2024 at 07:16 PM
|

හරීන් ප්‍රනාන්දු සංචාරක අමාත්‍යවරයා ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකදී සිදුකරන ලද "ලංකාව ඉන්දියාවේ කොටසක්!" යන බරපතළ ප්‍රකාශය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, "රටේ ස්වෛරීත්වය රැක්කේ අපි" කියා පවසන රාජපක්ෂවරුන්, විපක්‍ෂ නායකවරයා ඇතුළු බලයට ඉව අල්ලන විපක්ෂයේ අනෙකුත් කල්ලි කණ්ඩායම් කසාය බිව් ගොළුවන් සේ දත කට පූට්ටු කරගෙන ඉන්නා බවත් ඉන් පෙනී යන්නේ, "ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු වහල්භාවය කොතරම් බරපතළ ලෙස එළාගෙන යනවාද? එයට මේ ආණ්ඩුව සහ බලයට ඉව අල්ලන විපක්ෂ කල්ලි කණ්ඩායම් කොතරම් දුරට අවනත වී තිබෙනවාද?" යන්න බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(17) සවස පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජානිපෙ නායකවරයා මෙසේද සඳහන් කළේය.

'ලංකාව ඉන්දියාවේ කොටසක්?' 

"පසුගියදා ඉන්දියාවේදී සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා, 'ලංකාව ඉන්දියාවේ කොටසක්!' කියා. ඉන්දියාව තුළ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකදී ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙකු 'ලංකාව ඉන්දියාවේ කොටසක්!' යැයි පැවසීම බරපතළ ප්‍රකාශයක්. නිවට, නියාලු විදියට මෝඩ හිනාවකුත් දාගෙන, මේ ප්‍රකාශය පමණක් නොවෙයි, 'අපේ ගුවන්තොටුපළවල්, වරායවල් ආදී සියල්ලම අපි ඉන්දියාවට දෙනවා' කියන එකයි එහිදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවට ඈඳලා දෙන්න  "හොඳම වෙලාව" ඇවිල්ලා 

අමාත්‍යවරයෙකු යම් රටකට ගිහින් තමන්ගේ රට ඒ රටේ කොටසක් කියා කරන ප්‍රකාශය බරපතළ නැද්ද? එහෙම ප්‍රකාශයක් කරන්න සදාචාරාත්මක හා නෛතික බලයක් ඔහුට තිබෙනවාද? පාර්ලිමේන්තුව තුළ අපි මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන විට රටේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය සුරකින බවට දිවුරුම් දෙනවා. එය උල්ලංඝනය කරන්න කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බැහැ. දැන් මේ හරීන් ප්‍රනාන්දු කියන විදියට 'ලංකාව ඉන්දියාවේ කොටසක්!' නම් ශ්‍රී ලංකාව තවදුරටත් ස්වෛරී රාජ්‍යයක් නොවෙයි. අද මේ ආර්ථික අර්බුදය ඇතුළේ  ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ඉන්දියාව හමුවේ පාවාදෙන එකයි මේ පාලක පැළැන්තිය කරන්නේ. ඒ වගේම මෙවැනි බරපතළ ප්‍රකාශයක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු කළාම ඒක ඇහුණේ නැහැ වගේ ඉඳීමයි බලයට ඉව අල්ලන විපක්ෂ කල්ලි කණ්ඩායම් කරන්නේ. හරීන් ප්‍රනාන්දුලා හිතනවා නම් 'ආර්ථික අර්බුදයේ කරවටක් ගිලුණු සමාජය නිර්වින්දනය වෙලා. ශ්‍රී ලංකාව ඉන්දියාවට ඈඳලා දෙන්න මේ වෙලාව තමයි හොඳම වෙලාව' කියලා ඒක එසේ වීමට අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ.

හරීන් ප්‍රනාන්දුලා කරමින් ඉන්නා දේ...

හරීන් ප්‍රනාන්දුගේ කටින් මේක එළියට පැන්නේ නිකම් නොවෙයි. එයා දන්නවා ඊළඟට සිදුවීමට නියමිත දේවල් ටික. මාර්තු මාසයේ එට්කා ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි. එට්කා ගිවිසුම අත්සන් කළාට පසුව ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකයට, රැකියා වෙළඳපොළට, වෙළඳාමට ඉන්දියානුවන්ට කිසිදු බාධාවකින් තොරව ඇතුළු වෙන්න පුළුවන්. එහෙම කාලයක් ගියාම මේ රට ඉන්දියානුවන් බහුතරයක් ඉන්න රටක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම අපේ ගුවන්තොටුපළවල්, වරායවල්, ටෙලිකොම්, විදුලි බල මණ්ඩලය ඇතුළු ආර්ථික මර්මස්ථාන සියල්ල ඉදිරියේදී ඉන්දියානු සමාගම් අතට යාමට නියමිතයි. ඒ වගේම ඉන්දියාව සමඟ බලශක්ති ඒකාබද්ධකරණයටත් පාර කැපෙමින් තිබෙනවා. හරීන් ප්‍රනාන්දුලා කරමින් ඉන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට පත්කිරීම තමයි. නිවට, නියාලු විදිහට මෝඩ හිනාවකුත් දාගෙන තමන් ඇතුළු පාලක නඩය කරමින් සිටින දේ තමයි ඔහු ඉන්දියාවේදී පැවසුවේ.

"කසාය බීපු ගොළුවන්"

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිව යුතුයි, 'මේ ප්‍රකාශය පිළිගන්නවාද? නැද්ද?' කියා. වෙන රටක ජනාධිපතිවරයෙකු නම් තම රටේ අමාත්‍යවරයෙකු මෙවැනි ප්‍රකාශයක් කළාම පළමුවෙන්ම කරන්නේ ඒ ඇමතිවරයා අමාත්‍ය ධුරයෙන් නෙරපීම. නමුත් මේ ජනාධිපතිවරයා එහෙම කරයි කියලා අපි නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. විපක්‍ෂ නායකයාට, බලයට ඉව අල්ලන විපක්ෂයේ ගුස්පිකාරයන්ට මේක ඇහුණේ නැද්ද? මේකට වහාම ප්‍රතික්‍රියා දැක්විය යුතු නැද්ද? ආණ්ඩුවේ ඇමතිවරුන් මේ වගේ බරපතළ ප්‍රකාශ කරන විට බලයට ඉව අල්ලන විපක්ෂයේ කල්ලි කණ්ඩායම් නිහඬව ඉන්නවා කියන්නේ ඔවුන් ද ආණ්ඩුවේ මතය දරනවා කියන එක නොවෙයිද? මේ ගැන ආණ්ඩුවට කත් හදින පොහොට්ටුකාරයෝ ටිකවත් 'හූම්' ශබ්දයක් නඟන්නේ නැහැ. 'රටේ ස්වෛරීත්වය අපි තමයි රැක්කේ' කියන රාජපක්ෂලාත් ශබ්දයක් නැහැ. හරීන් ප්‍රනාන්දු, 'ලංකාව ඉන්දියාවේ කොටසක්!' කියනකොට මේ සියලුදෙනාම කසාය බීපු ගොළුවන් වගේ දත කට පූට්ටු කරගෙන ඉන්නවා. මේකෙන් පෙනෙන්නේ, 'ඉන්දියානු වහල්භාවය කොතරම් බරපතළ විදියට එළාගෙන යනවාද? ඒකට මේ පරාධීන ආණ්ඩුව කොතරම් දුරකට අවනත වෙලාද?' කියන එකයි.

අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා,'මේ ප්‍රකාශය සුළු කොට තකන්න එපා! එය නිසි බරින් තේරුම් ගන්න. ඒ ප්‍රකාශයට පමණක් ලඝු නොවී, සැබෑ ලෙසම ලංකාව ඉන්දියාවේ පාට් එකක් බවට පත්කරන මෙහෙයුමට එරෙහි වන්න' කියා."

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ මතුගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සංජය කරවිට, කැස්බෑව නගර සභාවේ හිටපු මන්ත්‍රී රංජිත් පත්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රධාන පුවත්

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.