
නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනයේ මතය පවසයි
බටහිර මාධ්‍ය විසින් රුසියාවේ විපක්ෂ නායකවරයා ලෙසින් වර නැංවූ ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රුසියාවේ ෆෙඩරල් චරිතශෝධනාගාර සේවය (Russia’s Federal Penitentiary Service- FSIN) අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙෂ්කොව් මාධ්‍ය වෙත පැවසීය.
"අන්තවාදයට" සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් වසර 19ක සිර දඬුවමක් විඳිමින් සිටි නවාල්නි Yamalo-Nenets කළාපයේ බන්ධනාගාරයක් තුළ ඊයේ(16) පස්වරුවේ මිය ගියේය. රුසියාවේ ෆෙඩරල් චරිතශෝධනාගාර සේවයට අනුව, 47 හැවිරිදි නවාල්නි ව්‍යායාම සඳහා ඇවිදීමෙන් පසු අසනීප වී සිහිය නැති වී ඇති අතර, ටික වේලාවකට පසු වෛද්‍යවරුන් විසින් ඔහු මිය ගිය බව ප්‍රකාශ කළේය.
රුසියාවේ ෆෙඩරල් චරිතශෝධනාගාර සේවය "එවැනි තත්වයක් තුළ ගත යුතු සියලු පියවර ගනිමින් සිටිනවා",දිමිත්‍රි පෙෂ්කොව් වාර්තාකරුවන්ට පැවසීය. ඒ අනුව විශේෂ පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයා පැවසුවේ නවාල්නිගේ අභාවයට හේතුව වෛද්‍ය වෘත්තිකයන් විසින් නිශ්චිතවම තීරණය කරනු ඇති බවත්, තත්ත්වය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දැනුවත් කර ඇති බවත්ය.
මීට පෙර, රුසියානු රාජ්‍ය සේවා මූලාශ්‍රයක් උපුටා දක්වමින් එරට මාධ්‍ය පැවසුවේ නවාල්නි රුධිර කැටියක් සිරවීම හේතුවෙන් මරණයට ගොදුරු වූ බවයි.
නවාල්නිගේ අභාවය සම්බන්ධයෙන් "රුසියාව වගකිව යුතු" බව එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය ප්‍රකාශ කළාය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් පැවසුවේ "මෙම ඛේදජනක මරණයට රුසියානු පාලනය තනිකරම වගකිව යුතු බව යුරෝපා සංගමය විශ්වාස කරන" බවයි.
“පැහැදිලිවම, මේවා සම්පූර්ණයෙන්ම උමතු ප්‍රකාශයන්,” පෙස්කොව් මාධ්‍ය වෙත අවධාරණය කළේය. “මරණයට හේතුව ගැන කිසිම තොරතුරක් නැහැ. එවැනි ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි සහ නුසුදුසු යැයි අපි සලකනවා.”
නවාල්නි ප්‍රථමයෙන් දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු ලෙසත්, සිරගතකිරීමට ප්‍රථම සෑම වසරකම මොස්කව්හි පැවති අතිජාතිකවාදී රැලියක් වූ "රුසියානු පාගමනේ" නායකයෙකු ලෙසත් ප්‍රසිද්ධියට පත් විය. ඔහු පසුව බටහිර ලිබරල් විශ්වාසයන් සමඟ ඔහුගේ දෘෂ්ටිවාදය පෙලගැස්සවීමට කටයුතු කර අතර ජනාධිපති පුටින්ගේ විරුද්ධවාදියෙකු ලෙස ස්ථානගත විය.ඔහු විසින් කරනු ලැබූ වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් තිබියදී පවා 2018 ජනාධිපතිවරණයට තරඟ කිරීමට ඔහු උත්සාහ කළේය.
නවාල්නි 2021 මුල් භාගයේදී සිරගත කරනු ලැබුවේ ඔහුගේ පරිවාස කොන්දේසි කඩ කිරීම හේතුවෙනි. ඔහුට පසුගිය වසරේදි "අන්තවාදය" පෝෂණය කිරීමේ වරද සඳහා අමතර වසර 19ක දඬුවම් ලැබිණි. දෙසැම්බරයේ දී, ඔහු ආක්ටික් කවයට කිලෝමීටර 40 ක් ඉහළින් පිහිටා ඇති රුසියාවේ Yamalo-Nenets කලාපයේ 'Polar Wolf ' ජනපදයට මාරු කරනු ලැබුවේය.
https://www.rt.com/russia/592565-kremlin-comment-navalny-death/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
