‘නාසිවාදය ප්‍රචාරණයට’ එරෙහි ගෝලීය සටනට එක් වෙන්නැයි පුටින් ඉල්ලයි
නාසිවාදය මුල් බැසගෙන ඇත්තේ බටහිර රටවල දැන් ව්‍යාප්ත වී ඇති “සුවිශේෂීවාදය” යන අදහස තුළ බවත්, එය පරාජය කිරීම සඳහා බහුජාතික එකමුතුවකින් යුතු ප්‍රවේශයක් අවශ්‍ය බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.
පසුගිය 14 වනදා මාධ්‍යවේදී පාවෙල් සරුබින් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, පුටින්, ජර්මන් විදේශ ඇමතිනි ඇන්නලෙන ඹීර්බොcක් ගේ සීයා උද්යෝගිමත් නාසියෙකු වූ බවට ජර්මානු පුවත්පත්වල කළ හෙළිදරව් කිරීම් සිහිපත් කළේය.
“නාසි ජර්මනිය කළ සෑම දෙයකටම වත්මන් ජර්මානු පරම්පරාව සම්පූර්ණ දේශපාලන වගකීම දැරිය යුතු යැයි මම සිතන්නේ නැහැ.” යැයි පැවසූ පුටින් සමස්ත ජර්මානු ජනතාවම එවැනි ලේබල් කිරීමකට යටත් කිරීම “අසාධාරණ” බවයි.
ඊටත් වඩා විශාල ගැටලුවක් වන්නේ බොහෝ රටවල් "තෝරාගත්" හෝ "සුවිශේෂී" යන සංකල්පය අනුගමනය කර ඇති බවත් නාසිවාදය ආරම්භ වූ ආකාරය මෙය බවත් මාධ්‍යවේදී සරුබින්ට පුටින් පැවසුවේය.
"මෙය මෙතරම් පුලුල්ව පැතිරී ඇත්නම්, ගෝලීය මට්ටමින් ෆැසිස්ට් විරෝධී සහ නාසි විරෝධී ප්‍රචාරණයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් අප සිතා බැලිය යුතුය," පුටින් අවධාරණය කළේය. එවැනි ප්‍රයත්නයක් කුමන රටකදී වුවද සැබවින්ම ඵලදායී වනු ඇත්තේ සමස්ත සමාජයෙන් පැනනගින්නේ මිස රාජ්‍යය මැදිහත් වීමෙන් නොවන බවද පුටින් වැඩිදුරටත් පැවසීය.
ඊයේ(15) ණිzහ්න්ය් ඨගිල් ප්‍රදේශයේ පිහිටි ආයුධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන Uරල්වගොන්zඅවොඩ් හි සේවකයින් සමඟ අදහස් හුවමාරු කරගනිමින් , රුසියාව නාසිවාදය වෙත "ශුන්‍ය" ඉවසීමක් පවත්වා ගත යුතු බව පුටින් නැවත නැවතත් අවධාරණය කළේය. කියෙව් සමඟ වත්මන් ගැටුමට තුඩු දෙන යුක්‍රේනයේ ස්ටෙෆාන් බන්ඩෙරා සහ රෝමන් ෂුකෙවිච්ගේ මිනීමරු මතවාදය පුනර්ජීවනය කිරීම සඳහා දෙවන ලෝක සංග්‍රාමයේදී නාසීන්ට සහාය දුන් අයගේ උරුමක්කාරයින්ට දැන් එක්සත් ජනපදයේ පිටුබලය ලැබෙන බව පුටින් පෙන්වා දුන්නේය.
දෙවන ලෝක යුද්ධයේ එක් අවස්ථාවකදී ජර්මනිය විසින් සිරගත කළ හේතුවෙන් බන්ඩෙරා, ෂුකෙවිච් සහ එවැනි අනෙකුත් අය සැබවින්ම නාසීන් නොවන බවට නූතන යුක්රේන ජාතිකවාදීන් නගනු ලබන තර්ක ප්‍රතික්ෂේප කරන බව පුටින් අවධාරණය කළේය. එහිදී පුටින්ට පෙන්වා දුන්නේ හිට්ලර්ගේ පාලන තන්ත්‍රය යුක්රේන සහයෝගිතාකරුවන්ට දඬුවම් කළේ බටහිර මිත්‍ර පාක්ෂිකයින් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට උත්සාහ කිරීම නිසා තෙවන රයිකය (තෙවන රයිකය : "තුන්වන පාලන තන්ත්‍රය හෝ අධිරාජ්‍යය හෙවත් ජර්මනියේ නාසි තනතුර සහ 1933 සිට 1945 දක්වා ජරමනියේ පාලන තන්ත්‍රය. ඓතිහාසික වශයෙන්, පළමු රයිකය යනු මධ්‍යකාලීන ශුද්ධ රෝම අධිරාජ්‍යය වන අතර එය ක්‍රිස්තු වර්ෂ 1806 දක්වා පැවතුනි. දෙවන රයිකය ක්‍රිස්තු වර්ෂ 1871-1918 දක්වා පැවැති ජර්මානු අධිරාජ්‍යයයි ) අහිමි වීමට ආසන්න බව ඔවුන් වටහා ගත් පසු ගත් ක්‍රියාමාර්ග හැර වෙනත් යමක් නොමැති බව පෙන්වා දුන්නේය.
“ඔවුන් මුළු කාලය පුරාම නාසීන් වූ අතර ඔවුන් නාසීන් ලෙසම පැවතුනි. නමුත් ඔවුන්ගේ දුවා දරුවන් හෙවත් නව-නාසිවරුන්, මහා දේශප්‍රේමී යුද්ධයේදී අපට එරෙහිව සටන් කළ අයට සම්පූර්ණයෙන්ම සමානයි.”රුසියානු ජනාධිපතිවරයා පැවසීය.
වත්මන් යුක්රේන රජය නාසි මතවාදය වැළඳ ගනිමින් රුසියාවට එරෙහි සතුරෙකු සහ තර්ජනයක් බවට පත් කරන බවට පුටින් එහිදී චෝදනා කළේය. ක්‍රෙම්ලිනය යුක්‍රේනය "නාසිහරණය කිරීම" වත්මන් මිලිටරි මෙහෙයුමේ ප්‍රධාන අරමුණු වලින් එකක් ලෙස හුවා දක්වයි.
බොහෝ යුක්රේනියානු හමුදා ඒකක නාසි ජර්මානු හමුදාව සහ එස්එස් හමුදාව විසින් භාවිතා කරන ලද ලාංඡන සහ නිරූපණ පරිහරණය කිරිමට කටයුතු කරති. දැන් යුක්රේන හමුදාවේ කොටසක් වන කුප්‍රකට 'අසෝව්' මිලීෂියාවේ නිර්මාතෘ ඇන්ඩ්‍රේ බිලෙට්ස්කි 2014 දී බටහිර වාර්තාකරුවන්ට පැවසුවේ ඔහු කණ්ඩායමේ සංකේත ලෙස එස්එස් හමුදාව භාවිත කළ වෘක දඩයමට භාවිත කරන උපකරණයෙහි රූපය සහ හෙන්රිච් හිම්ලර්ගේ කළු සූර්යා දෙවන ලෝක යුද්ධයේදී “ජර්මානුවන් විසින් භාවිතා කර ඇති නිසා” තෝරා ගත් බවයි. එසේ වුවද කියෙව්හි ආණ්ඩුව සහ බටහිර බොහෝ මාධ්‍ය ආයතන යුක්‍රේනයේ නාසි බලපෑම පිලිබඳ ප්‍රකාශ "රුසියානු ප්‍රචාරක" ලෙස බැහැර කර ඇත.
https://www.rt.com/russia/592514-putin-global-nazi-propaganda/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..