
පොහොරවලින් හොරා කෑ සමාගම් පහක ලොක්කන්ට වැඩ වරදින ලකුණු!
ගොවීන්ට සහනාධාර පොහොර වශයෙන් ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි 100 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කීපයක ප්‍රධාන තනතුරු දරන්නන් 10 දෙනකු පමණ තව දින කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මගින් යුහුසුළුව කටයුතු කරනු ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම අත්අඩංගුවට පත්වන පුද්ගලයන් අතර කාන්තාවන්ද සිටින බව දැනගන්නට ඇත.
ප්‍රධාන පෙළේ සමාගම් පහක ප්‍රධාන තනතුරු දරන්නන් ද ඒ අතර සිටින බව දැනගන්නට ඇත.
2018 වසරේ සිට ගොවීන්ට ලබා දීමට නියමිතව තිබූ සහනාධාර පොහොර ගොවීන් වෙත ලබා නොදී විවිධ වංචනික ක්‍රම මගින් වැඩි මිලට හොරණ, කෑගල්ල හා මාදම්පේ ප්‍රදේශවල පිහිටා තිබෙන ප්‍රධාන පෙළේ කර්මාන්ත අංශයේ සමාගම් වෙත ලබා දී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇති බව පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
යූරියා පොහොර මිටියක් රුපියල් 2500/= ආනයනය කර ගොවීන් වෙත පොහොර සහනාධාරය ලබාදීමේ වැඩසටහන යටතේ රුපියල් 1100/= මිලකට ලබාදිය යුතුව වුවත් එම පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් 3500/= අධික මිලකට කූට ලේඛන සකසා අලෙවි කර රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන අංශය විමර්ශන කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
- ලංකාදීප -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
