ආණ්ඩුව හදන්නේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ගෙනැවිත් පුංචි ඡන්දයට සහ පළාත් සභා ඡන්දයට කරපු දේ ජනපතිවරණයටත් කරන්නයි... මේක සීනි තැවරූ විෂ ගුලියක් - උදය ගම්මන්පිල
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ජනාධිපතිවරණය නොපැවැත්වීමට සිදු කරන කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (13) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය.
එහිදී ඔහු තවදුරටත් පැවසුවේ, රාජ්‍ය නොවන සංවිධාන හරහා කරළියට ගෙනැවිත් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව, ජනාධිපතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවේද ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා ,
"විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ආණ්ඩුවේ ආශිර්වාදයෙන් රාජ්‍ය නොවන සංවිධාන හරහා කරළියට ගෙනැවිත් තිබෙනවා. මේ යෝජනාව මීට පෙර ගෙන ආ අවස්ථාවේදී විපක්ෂ නායකයා කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ සැනෙන් පාර්ලිමේන්තුවත් විසුරුවා හරිනවා නම් මේ යෝජනාවට සහය දෙන්න සූදානම් කියලා. ඒ නිසා මෙවර යෝජනාවේ අන්තර්කාලින විධිවිධානයක් ලෙස යෝජනාව අනුමත වුණු සැනෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ විධිවිධානයක් ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. විපක්ෂයේ සමහර පක්ෂ දැනටමත් මේ යෝජනාවට සහයෝගය පළ කර තිබෙනවා. සජබ, ජවිපෙ සහ දෙමළ සන්ධානය විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම තමන්ගේ ප්‍රතිපත්තිය කරගෙන සිටින නිසා මේ සියලුම පක්ෂ මීට සහයෝගය ලබා දේවි කියා ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා.
ඇත්තෙන්ම මේක සීනි තැවරූ විෂ ගුලියක්. ආණ්ඩුව හදන්නේ විපක්ෂය ආකර්ෂණය වන යෝජනාවක් වන විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම ගෙනැවිත් පුංචි ඡන්දයට සහ පළාත් සභා මැතිවරණයට කරපු දේ ජනපතිවරණයටත් කරන්නයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් අනුමත කිරීමට අමතරව ජනමතවිචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතුයි කියා දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. එහෙම නම් මේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් අනුමත වූ බවට කථානායක විසින් ජනාධිපතිට දැනුම් දුන්නාම ජනාධිපති ජනමතවිචාරණයකදී ජනතාවගේ අනුමැතියට යොමු කරන්න ඕනෙ. ජනතාව ඒක අනුමත කළාට පස්සේ කරන්න ඕනි දේ සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80වන වගන්තියේ. ජනමතවිචාරණයේ දී ජනතාව විසින් යථා පරිදි අනුමත කළ බවට ජනාධිපතිගේ අත්සනින් සහතිකයක් නිකුත් කළාම තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය නීතියක් වෙන්නේ. නමුත් ජනමතවිචාරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කරලා අධිකරණයේ පෙත්සම් ගොනු කරලා නම් තීන්දුව ලබාදෙන තුරුම ජනාධිපතිට අත්සන් කරන්න බෑ කියලා ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.
ඒ කියන්නේ ජනමතවිචාරණ ප්‍රතිඵල අභියෝගයට ලක් කරලා කවුරු හරි පෙත්සමක් ඉදිරිපත් කළොත් අවුරුදු කීයකින් හරි ඒකේ තීන්දුව දෙන තුරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන්නේ නෑ. එතකොට 2025 අගෝස්තු පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු මේ ජනපීඩක ආණ්ඩුව තවදුරටත් පවතිනවා. ජනමතවිචාරණ පනතේ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණොත් මාස හයක් තුළ නඩු අහලා ඉවර කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය හැකි උපරිමයෙන් උත්සාහ කළ යුතුයි කියලා තිබෙනවා. උත්සාහ කළ යුතු නමුත් අනිවාර්යෙන් මාස හයකින් අවසන් කළ යුතුයි කියලා නෑ.
ජනපති ව්‍යවස්ථා සංශෝධනයට අත්සන තබන තුරු පවතින ව්‍යවස්ථාව වලංගුයි. විධායක ජනාධිපති ධුරය තිබෙනවානෙ. ඒ නිසා ජනාධිපතිවරණය පවත්වන්න බාධාවක් නෑනෙ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. තාක්ෂණිකව ඒක ඇත්තක් නමුත් ප්‍රායෝගික යථාර්ථයක් නොවේ. ඕනෑම මොහොතක අවලංගු වෙන්න පුළුවන් විධායක ජනාධිපති ධුරය වෙනුවෙන් ඡන්දයක් පවත්වන්න ආණ්ඩුව මුදල් ලබාදෙන්නේ නෑ. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන්නේ පැහැදිලිවම විපක්ෂයට අටවපු උගුලක්. ඒකට හසු වෙන්න එපා කියලා අපි විපක්ෂයේ සියලුම පක්ෂ වලින් ඉල්ලා සිටිනවා".
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..