News Category
From Date
To Date
Maximum Number of Result

උමාඔය කැබිනට් පත්‍රකාව දැම්මේ අනුර දිසානායකයි..- මහින්දගෙන් මාධ්‍ය නිවේදනයක්

Feb 12, 2024 at 06:23 PM
|

2005 ජනවාරි මාසයේදී උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේ එවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක දක්වා තිබේ.

දශක ගණනාවක් මුලුල්ලේ සාකච්ඡා සහ සැලසුම් මට්ටමේ තිබුනත් කිසිදු ආණ්ඩුවකට මහ පොළවේ යතාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වූ යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක් තම ජනාධිපති ධූරය දැරූ කාලයේ එකින් එක ඉදි වීමට පටන් ගත් විට එම සාර්ථකත්වයට ඊර්ෂියා කළ පාර්ශවයන් මේ ජයග්‍රහණ හෑල්ලූවට ලක් කිරීම සඳහා මේ ව්‍යාපෘතිවල වියදම් ඇස්තමේන්තු අසාමාන්‍ය ලෙස වැඩිකොට, එමගින් අයතා ලෙස මුදල් ඉපයූ බවට ප්‍රචාරයක් ගෙන ගිය බවත් ඒ මහතා පවසයි.

මාධ්‍ය නිවේදනය පහළින්...

උමා ඔය ව්‍යාපෘතියත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම

උමා ඔය ව්‍යාපෘතියේ මෙගාවොට් 120 ක ජල විදුලි බලාගාරය මේ මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මෙය වික්ටෝරියා, කොත්මලේ සහ ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර වලට පසුව රටේ විශාලම ජල විදුලි බලාගාර වලින් එකක් වනු ඇති අතර, ඒ හරහා ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය තවත් අඩු වියදම් විදුලි ප්‍රභවයක් දායාද වනු ඇත. මධ්‍යම කදුකරයේ සිට ජලය ගිනිකොනදිග වියළි කලාපයට හරවා යැවීම ඉලක්ක කරගත් උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ 2010 මාර්තු මාසයේදීය. දශක ගණනාවක් මුලුල්ලේ සාකච්ඡා සහ සැලසුම් මට්ටමේ තිබුනත් කිසිදු ආණ්ඩුවකට මහ පොළවේ යතාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වූ යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක්ම මම ජනාධිපති ධූරය දැරූ කාලයේ එකින් එක ඉදි වීමට පටන් ගත් විට එම සාර්ථකත්වයට ඊර්ෂියා කළ පාර්ශවයන් මේ ජයග්‍රහණ හෑල්ලූවට ලක් කිරීම සඳහා මගේ ආණ්ඩුවේ සාමාජිකයන් මේ ව්‍යාපෘතිවල වියදම් ඇස්තමේන්තු අසාමාන්‍ය ලෙස වැඩිකොට, එමගින් අයතා ලෙස මුදල් ඉපයූ බවට ප්‍රචාරයක් ගෙන ගියේ ය.

මෙවැනි මුල්‍යමය අකටයුතුකම් පිළිබඳ සාක්ෂි කිසිදාක කිසිවෙකුවත් විසින් මහජනතාව ඉදිරියේ ගෙන හැර දක්වා නොතිබුණද, මෙවන් ප්‍රචාර නිසා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන කවුරුන් වූවත් හොරෙකු යැයි විශ්වාස කරන මුළු පරම්පරාවක්ම බිහි වී ඇත. මෙවැනි ප්‍රචාර හේතුකොට ගෙන රටට යමක් කිරීමේ හැකියාව ඇති අය දුෂ්ඨයන් ලෙස හංවඩු ගැසුණු අතර, කයිවාරු ගැසීම, විවේචනය කිරීම හා බොරු කීම හැර වෙන කිසිවක් කිරීමට හැකියාවක් නැති අය වීරයන් බවට පත් විය. යම්කිසි ඉදිකිරීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී දූෂණයක් සිදුවී ඇති බවට සාක්ෂි තිබේ නම් එම සාක්ෂි පරීක්ෂා කර බැලීම වෙනම කාරණයකි. නමුත් කිසිදු සාක්ෂියක් නොමැතිව දේශපාලනික චේතනාවෙන් කරන චෝදනා නිසා අත්‍යවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති පවා ආරම්භ කිරීමට ආණ්ඩු සහ දේශපාලඥයින් අතර මැලිකමක් ඇතිවීම වැලැක්විය නොහැක.

1950 ගණන්වල සිට බලයට පත් වූ විවිධ රජයන් දශක ගණනාවක් තිස්සේ සැලසුම් කළ නමුත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අධිවේගී මාර්ග, විදුලිබල ජනන ව්‍යාපෘති, වාරිමාර්ග ව්‍යාපෘති යනාදිය ඉදි කිරීමට 2006-2014 අතර මගේ වසර නවයක පාලන කාලය තුළ හැකිවීම වාසනාවකි. එයට අමතරව, රට පුරා පාරවල් කාපට් කිරීම, රෝහල් සහ පාසල් වැඩි දියුණු කිරීමත්, නාගරික අඩු ආදායම් ලාභීන්ට අලුත් නිවාස ව්‍යාපෘතීන් ඉදි කිරීමත් සිදු වූ නිසා, ඒ වැඩ අවුරුදු ගණනාවකට ප්‍රමාණවත් විය. නමුත් අද වන විට මම ජනාධිපති ධුරයෙන් ඉවත් වී දස වෙනි වසර ආරම්භ වී ඇති අතර, කර්මාන්ත හා සේවා අංශයේ අවශ්‍යතා සපුරාලීම සඳහා අඩු වියදම් විදුලි උත්පාදනය වැනි ක්ෂේත්‍ර වල නව ආයෝජන අවශ්‍ය වී ඇත.

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ජනතාවගේ යහපැවැත්ම සඳහා යටිතල පහසුකම් ව්‍යාපෘති මගින් ලබා දෙන දායකත්වය අගය කරන නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ ආරම්භ කිරීමට සුවිශේෂී අවස්ථාවක් සැලසේ. 1948 සිට රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක රටේ දැනට පවතින යටිතල පහසුකම් සංවර්ධනයට දායකත්වය ලබා දී ඇත. කෙසේ වෙතත්, විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය වෙන්නේ උමා ඔය ව්‍යාපෘතියයි.

මගේ ආණ්ඩුව උමා ඔය ව්‍යාපෘතිය ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර වසර පනහකට වැඩි කාලයක් මුලුල්ලේ විවිධ ආණ්ඩු යටතේ එය සාකච්ඡාවට ලක්ව තිබුණි. 1959 දී ඇමෙරිකාවේ යුනයිටඩ් ස්ටේට්ස් ඔපරේෂන්ස් මිෂන් ආයතනය සහ කැනේඩියන් හන්ටින් සර්වේ කොපරේෂන් ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යනයකින් උමා ඔය ව්‍යාපෘතිය ප්‍රථම වරට යෝජනා කරන ලදී. එය 1960 ගණන් වල ඩඩ්ලි සේනානායක රජය සමයේ මහවැලි ව්‍යාපෘතිය සඳහා වූ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනෙත්, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේත් ඒකාබද්ධ සැලසුමේ ද ඇතුළත් විය. රණසිංහ ප්‍රේමදාස සහ චන්ද්‍රිකා කුමාරතුංග රජයන් යටතේ ද උමා ඔය ව්‍යාපෘතිය ගැන වැඩිදුර අධ්‍යනයන් සිදු විය. උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය වූයේ, 2001-2004 එ.ජා.ප ආණ්ඩුවේ කරු ජයසූරිය සහ ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් විදුලිබල හා බලශක්ති සහ වාරිමාර්ග අමාත්‍ය ධුර දැරූ සමයේදී ය.

මේ ආකාරයට අඩසියවසකට වැඩි කාලයක් මුලුල්ලේ සැලසුම් වෙමින් පැවති මෙම ව්‍යාපෘතිය මගේ ආණ්ඩුව විසින් ඉදිකිරීම ආරම්භ කළ විට දේශපාලන විරුද්ධවාදීන් චෝදනා කළේ මගේ ගමේ ඉඩම්වලට ජලය සැපයීමට හම්බන්තොටට ජලය හරවා යැවීම සඳහා උමා ඔය ව්‍යාපෘතිය මම ආරම්භ කළ බවයි. මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුවෙන අතරතුර ජනතා විමුක්ති පෙරමුණ උමා ඔය ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනයට ලක් කළ අතර, එහි නායකයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ රාජපක්ෂලාගේ සිහින සැබෑ කිරීමට හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපළ සඳහා එම ප්‍රදේශයට ජලය හරවා යැවීමට මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව ය. මේ සියල්ල, මා ප්‍රමුඛ ආණ්ඩුවේ සාර්ථකත්වයන් හා ජයග්‍රහණ වෙනුවෙන් කිසිදු දේශපාලන පිළිගැනීමක් හෝ  ගෞරවයක් ලබා නොදීමේ උත්සාහයක කොටසක් විය.

එහෙත් 2005 ජනවාරි මාසයේදී උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේ එවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයාය. 2005 ජනවාරි 4 දින අංක 05/0036/039/002 දරන ඔහුගේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ ස්ථිර ජල මුලාශ්‍රයක් නොමැති වීම හේතුවෙන් උමා ඔය ජලය එම ප්‍රදේශයට හරවා යැවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සදහා හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විශේෂ දායකත්වයක් ලබා දුන්නේ ය.

විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය මෙය වන බැවින්, උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ප්‍රථමයෙන්ම, මෙවන් ව්‍යාපෘතීන් තුළින් ජනතාවට ලැබෙන විශාල ප්‍රතිලාභ පිළිගන්නා සහ දෙවනුව, අදාල  ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සොයාගෙන එය මහපොළවේ යතාර්ථයක් බවට පත් කළ ආණ්ඩුවට නිසි පිළිගැනීමක් සහ ඇගයීමක් ලබා දෙන නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සුවිශේෂී අවස්ථාවක් අද අපිට උදාවී ඇත.

මහින්ද රාජපක්ෂ (පා.ම)
නායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.