
රටේ අර්බුදය මැද ඉන්දියාව ගහන ගේම් එක විමල් හෙළිකරයි (වීඩියෝ)
රටෙන් පිටට දෙන ඩොලර් ප්‍රමාණය අඩුකර, එයට සරිලන නිෂ්පාදනය රටේ වැඩිකර ගැනීම ආර්ථික අර්බුදයට ඇති ප්‍රධාන විසඳුමක් බවත්, එයට ඉඩක් නොදෙමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැට් බද්ද වැඩිකර දේශීය කර්මාන්ත වසා දමන තැනට වැඩ සිද්ධ කර ඇති බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
විදුලි බිල සියයට 300කින් ඉහළ දැමූ පසු රටේ නිෂ්පාදන පිරිවැය වැඩිවන බවත්, පිරිවැය වැඩි වූ විට නිෂ්පාදනයේ මිලද වැඩි වන බව පෙන්වා දෙන ඒ මහතා, මිල වැඩිවූ විට වෙළඳපොළේ තරඟ කළ නොහැකි නිසා කර්මාන්ත වැසී යන බවත් පවසයි.
ඇඟලුම් කර්මාන්ත ශාලාද අද මෙරට වැසී යමින් ඇති බවද, එම කර්මාන්ත ශාලා අද බංග්ලාදේශයේ ඉදිවන්නේ එම රටේ විදුලිය පිරිවැය අඩු නිසා බවද විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
එයට හේතුව බංග්ලාදේශය රුසියාවත් සමග එකතු වී එරට න්‍යෂ්ඨික විදුලි බලාගාර ගොඩනැගීම බවත්, න්‍යෂ්ඨික විදුලි බලාගාර වලින් විදුලිය ගැනීමේ දී ඒකකයක මිල ඉතා අඩු බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා ශ්‍රී ලංකාවේ න්‍යෂ්ඨික විදුලිබලාගාර සෑදීමට සූදානම් බව ප්‍රසිද්ධියේ පැවසූවද, ඒ සම්බන්ධව යෝජනා කිරීමේ දී විදුලි ඇමැතිවරයා ඉවත බලාගත් බවද පැවසූ විමල් වීරවංශ මහතා, මන්නාරමේ සුළං විදුලි බලාගාරය සෑදීමට ඉන්දියාවේ අදානිට ලබාදී අවුරුදු 9ක් යන තෙක් එක් විදුලි ඒකකයක් රුපියල් 48කට අදානිගෙන් ලබාගැනීමට විදුලි ඇමැතිවරයා ගිවිසුම්ගතවී ඇති බවද පවසයි.
විදුලි බල මණ්ඩලයද කොටස්කර විකිණීමට ක්‍රියාකරමින් ඇති බවත්, එය මිලදී ගැනීමට සූදානම් වන්නේද ඉන්දියාවේ අදානි ඇතුළු සමාගම් බවත් ඒ මහතා පවසයි.
පශුසම්පත් මණ්ඩලයට අයත් කිරිගොවිපොළවල් 33ක් සමග මිල්කෝ අයතනය ද අද මිලදී ගැනීමට සූදානම් වන්නේ ඉන්දියාවේ අමූල් සමාගම බවද, අනුර දිසානායක මහතා ඉන්දියාවට ගෙන්වා අමූල් සමාගම පෙන්නද්දී අනුර දිසානායක මහතාගේ ගෝලයන් මිල්කෝ එක ඉදිරිපිට මිල්කෝ එක අමූල් සමාගමට විකුණන්න එපා කියමින් විරෝධතා පවත්වන බවද විමල් වීරවංශ මහතා පවසයි.
සවිස්තාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
