මෙරට ජනතාවගේ ජීව දත්ත ටිකත් ඉන්දියාවට දෙන්නයි හදන්නේ - පෙරටුගාමීන්ගෙන් චෝදනා
මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට ලබාගත හැකි ආකාරයට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
ජෛවමිතික ලක්ෂණ රැගත් ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාගැනීමට ඉන්දියානු සමාගමක් සමත් වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පසුගිය පෙබරවාරි පළමුවැනිදා ප්‍රකාශයක් කර ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
මෙරට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සහ ඒවාට අදාළ රජයේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙවැනි ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.
නුගේගොඩ එම පක්ෂ කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා රජයට මෙම චෝදනාව එල්ල කළේය.
“ටෙන්ඩර් කැඳවීමේ වකවානු සහ ටෙන්ඩරය ලබා දෙන්නේ කාටද කියන එක තීරණය කරන්නේ ඉන්දියාවද? ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් හෝ තවත් ප්‍රාන්තයක්ද? මහ කොමසාරිස්වරයා ලංකාවේ ආණ්ඩුකාරයාද? ඉන්දියාව මෙවැනි ප්‍රකාශයක් කිරීමට බලපෑ තත්ත්වය අපි පැහැදිලි කරන්නම්. මේ වනවිට භාවිත වන ජාතික හැඳුනුම්පතේ තිබෙන්නේ අපේ නම, ලිපිනය, උපන්දිනය, උපන් ස්ථානය වැනි ජීව දත්ත, බයෝ ඩේටා. මේ වෙනුවට ජනතාවගේ ජෛවමිතික ලක්ෂණ, Biometrics ඇතුළත් හැඳුනුම්පත් නිකුත් කරන්න 2015දී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට සංශෝධනයක් සිදු කළා. ඒ අනුව රජයට පුළුවන් ජනතාවගේ ඇඟිලි සලකුණු, මුහුණේ දත්ත, ඇස්වල අනන්‍යතා ලක්ෂණ වැනි ජෛවමිතික ලක්ෂණ ලබාගෙන ගබඩා කරන්න. මේක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක්,”යැයි ඔහු සඳහන් කළේය.
වසර 350ක් පැවති පුරවැසියාගේ ශරීරය සඳහා වන අයිතිය 2015දී යහපාලන ආණ්ඩුව විසින් උදුරා ගනිද්දී පාර්ලිමේන්තුවේ ඊට එරෙහිව තිබුණේ එක ඡන්දයක් පමණක් බවත් එය පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයාගේ ඡන්දය බවත් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.
“එදා ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. අද ඒක ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව, ලංකාවේ ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙලා. දැන් හැඳුනුම්පත් ටෙන්ඩරයක මුවාවෙන් ඉන්දියාව ලංකාවේ ජනතාවගේ ජෛවමිතික ලක්ෂණ සියල්ල අත්පත් කර ගන්න හදනවා. මේක ආරම්භ වුණේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 2021 ජුලි මාසයේ නව ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත සැකසීම සඳහා ප්‍රසම්පාදන පිරිවිතරයන් සකස් කිරීමත් සමග. ඉන් අනතුරුව 2022 ජනවාරි 28 වැනිදා ඉන්දියානු සමාගමකින් නව ඩිජිටල් හැඳුනුම්පතක් සකස් කිරීමට ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කර ගත්තා. එතනින් තමයි ඉන්දියාවට මේ අවකාශය විවෘත වුණේ. ඉන් අනතුරුව 2023 මැයි 8 වැනිදා රනිල් – රාජපක්ෂ ආණ්ඩුව ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළා. මෙම ටෙන්ඩරයට ඉල්ලුම් කළ හැක්කේ ඉන්දියානු සමාගම් වලට පමණයි කියලා ඒ දැන්වීමේ තිබෙනවා. එහෙම කරන්නේ කොහොමද? මේ සමස්ත ව්‍යාපෘතිය සඳහා ලංකා රුපියල් බිලියන 41.09ක් යනවා, ඒකෙන් ලංකා රුපියල් බිලියන 22.33ක් ඉන්දියාවෙන් දෙන්නම් කියලා. ඉන්දියාව සොච්චම් මුදලක් වැය කරලා ලංකාවේම ජනතාවගේ දත්ත ටික ගන්නවා. මේ ටෙන්ඩරය සඳහා 2023දී ලංසු ඉදිරිපත් කළේ ඉන්දියානු සමාගම් දෙකයි. ඒ මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම සහ ප්‍රෝටීන් ටෙක්නොලොජීස් සමාගම. ඒ අතරිනුත් ඉතාම වැරදි ක්‍රියා සඳහා අසාදු ලේඛනගත වී සිටින මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් සමාගමට ටෙන්ඩරය ලබා දීමට යද්දී අපගේ හඬ නැගීම නිසා ටෙන්ඩරය අවලංගු කළා. දැන් නැවත අලුතෙන් ටෙන්ඩර් කැඳවා වෙනත් ඉන්දියානු සමාගමකට දත්ත ලබා දෙන්න උත්සාහ කරනවා.” යැයි ඔහු චෝදනා කළේය.
ඔහු පෙන්වා දුන්නේ කුමන සමාගම පැමිණිය ද රටේ ජනතාවගේ අතිශය සංවේදී තොරතුරු හා දත්ත විදේශීය රටක් සතු වන බවයි.
“ඒක ඉතාම අවදානම් සහගත ක්‍රියාවක් සහ එමගින් මහජන ආරක්ෂාව අනතුරට ලක් වෙනවා. ලෝකයේ කිසිම රටක් මේ විදියට තමන්ගේ ජනතාවගේ දත්ත විදෙස් රටක් සතු කරලා නෑ. යුරෝපා රටවල් ජනතා විරෝධය නිසා ජෛවමිතික ලක්ෂණ සහිත හැඳුනුම්පත් ව්‍යාපෘති අවලංගු කළා. දැනට ජෛවමිතික ලක්ෂණ එකතු කරන සිංගප්පූරුව වැනි රටවල පවා ඒ සඳහා මැදිහත් වෙන්නේ රජය. පෞද්ගලික සමාගම්වලට හෝ විශේෂයෙන් විදේශීය සමාගම්වලට ඒ දත්ත ලබා දෙන්නේ නෑ. අපි ජීවත් වන යුගයේ රටවල් යටත් කරන්න, මෙල්ල කරන්න භාවිත වන ප්‍රධාන අවිය තොරතුරු සහ දත්ත. අපි ඉන්නේ තොරතුරු යුගයක. රටක ජනතාවගේ තොරතුරු වෙනත් රටක් විසින් අත්පත් කර ගැනීම මගින් පමණක් පවා ඒ රට යටත් කරන්න පුළුවන්. ඉන්දියාව අද ඒ උපායමාර්ගික මැදිහත්වීම ලංකාවට සිදු කරමින් සිටිනවා. ඉන්දියානු මහ කොමසාරිස් වරයා ලංකාවේ ආණ්ඩුකාරවරයා වගේ හැසිරෙන්නේ ඒකයි. ආණ්ඩුව සල්ලි ටිකක් ලැබෙනවානම් ඕන පාවාදීමක් කරනවා. ඉන්දියාවේ මානසික අල්ලස්වලට යටවී විපක්ෂය නිහඬව මේවාට අනුමැතිය ලබා දෙනවා. මේ විනාශයට එරෙහිව ජනතාව පෙරට පැමිණිය යුතුයි. ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වගේම රටේ දේශපාලන ස්වෛරීත්වයත් විනාශ කරන විද්‍යුත් හැඳුනුම්පත් මගඩිය පරදවන්න පෙළ ගැසෙමු. ඉන්දියානු සමාගම්වලට කොල්ලකෑම සඳහා තමන්ගේ ශරීරයේ තොරතුරු, ජෛවමිතික ලක්ෂණ ලබාදීම වර්ජනය කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..