
වෛද්‍ය සැපයුම් ඒකකය භාර නොගැනීමෙන් කෝටි ගාණක ඖෂධ වරායේ, ගුවන්තොටේ විනාශ වෙමින් යනවා... කුමන්ත්‍රණයක් දැයි සැකයි - වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති කියයි
ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මාස කීපයකට පෙර ගෙන්වන ලද රුපියල් මිලියන ගණනක් වටිනා ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකය මගින් භාර නොගැනීම නිසා එම ඖෂධ වරායේ හා ගුවන්තොටුපළේ අනාරක්‍ෂිත ලෙස ගබඩා කර තැබීමෙන් ඖෂධ තොග විනාශවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
මෙය ඇතැම් නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් ද යන්න සැක මතුවන බවත් ඔහු කීය.
විවිධ සමාගම් විසින් මෙම ඖෂධ ගෙන්වා ඇති බවත් ඖෂධ නිසි පරිදි ශීතදාම පවත්වා නොගෙන තද අව්වේ ඇති අතර එහිදී ඖෂධයේ ගුණාත්මකභාවය බිඳවැටී රෝගීන්ට ප්‍රතිකාර දෙන අවස්ථාව වනවිට එය තත්ත්වයෙන් බාල වී රෝගී ජීවිත අනතුරට පත්වීමේ අවදානමක් ඇති බවත් ඒ මහතා පැවසීය.
ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් වංචාවේ පරීක්‍ෂණ ආරම්භයත් සමඟ වෛද්‍ය සැපයුම් ඒකකයේ ඇතැම් නිලධාරීන් විසින් ගෙනයන ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔවුන් දැඩි උදාසීනත්වයකින් රට තුළ ඖෂධ හිඟයක් නිර්මාණය කිරීමට කුමන්ත්‍රණයක් කරන්නේ දැයි සැකයක් මතුවන බවත් ඒ මහතා කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
