ලංකාවේ දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් දෙන්න ජනමත විමසුමක් පැවැත්වීමට ඇමරිකානු කොංග්‍රසයට යෝජනා
දෙමළ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව හා සාධාරණ ලෙස කටයුතු කිරීමට සහ කල්පවත්නා සාමකාමී දේශපාලන විසඳුමක් සඳහා ජනමත විචාරණයක් ලබා දිය යුතු බවට එක්සත් ජනපද කොංග්‍රසය විසින් ඉදිරිපත් කරන ලද ද්විපාර්ශවික යෝජනාවක් සලකා බැලෙමින් පවතින්නේ යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ප්‍රකාශ කර ඇතැයි ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය සඳහන් කරයි.
මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතව සිටින පොන්නම්බලම් මන්ත්‍රිවරයා විලී නිකල්, ඩෙබොරා රොස්, ජේමි රස්කින් සහ ඩැනී කේ ඩේවිස් ඉල්හාන් ඕමාර්, සමර් ලී සහ ඩොන් ඩේවිස් යන කොංග්‍රස් සභිකයන් හමු වී තිබේ.
තමන්ට හමු වූ කොංග්‍රස් සභිකයන් දෙමළ ජන ජීවිතය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන අතර යුද්ධය අවසන්ව බොහෝ කලක් ගතවුවද දෙමළ ජනයාගේ දුක්ඛිත තත්ත්වය අද වන තෙක් අවසන් වී නොමැති යැයි තමන් ඔවුනට අවධාරණය කළ බවද පොන්නම්බලම් මහතා ටැමිල් ගාඩියන් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත.
වගවීම සහ හොඳ හිත පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය ඔවුන්ගේ යෝජනාව මගින් අවධාරණය කර ඇතැයිද වත්මන් ආණ්ඩුව වේගවත් ලෙස දෙමළ ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතිය සහ උරුමයන් මකා දැමීමේ මෙහෙයුමක යෙදී සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
– Deshaya
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්