සමාජ මාධ්‍යයෙන් මඩ ගහපු අයෙක් අත්අඩංගුවට ගත්තා... මඩ ගහන්න දේශපාලඥයෙක් ඩොලර් වලින් මුදල් ගෙවලා - ඇමැති ටිරාන් අලස්
‘යුක්තිය රටේ අනාගත දරු පරපුර බේරා ගන්නා මෙහෙයුමක්’ යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
යුක්තිය මෙහෙයුම පිළිබඳ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පානදුර පොලිස් ප්‍රදේශයේ පැවැති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“රටම ගිනි ඇවිලී තිබූ අවස්ථාවක එම තත්ත්වය සන්සුන් කිරීමේ වගකීම මේ අමාත්‍යාංශය භාර ගැනීමත් සමග අපට හිමිවුණා. ජනතාවට රැකී රක්ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයක් එකල පැවතුණා. විදේශකයින් රටට පැමිණුනේ නැහැ. මෙවැනි තත්ත්වයක පැවති රට සන්සුන් කිරීමට දැඩි තීරණ ගැනීමට අපට සිදුවුණා. නමුත් අවසානයේ ඒ අභියෝගය ජය ගැනීමට අපට හැකි වුණා. එසේ නොවුනා නම් තවදුරටත් ජනතාවට ඉන්ධන පෝලිම්වල ගෑස් පෝලිම්වල දුක් විඳීමට සිදුවීමට තිබුණා.
කෙසේ හෝ එම තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව අපට පැවැති විශාලම අභියෝගය වූයේ රටේ සියලු ප්‍රදේශ ගිලගනිමින් පැවති මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමයි. වත්මන් වැඩ බලන පොලිස්පතිතුමා ඇතුළු විශේෂ කමිටුවක් පත්තර මේ තත්ත්වය පිළිබඳ විශේෂ අධ්‍යයනයක් මාස කීපයක් තිස්සේ සිදුකිරීමෙන් අනතුරුව ඒ සඳහා වන වැඩපිළිවෙලක් අප සකස් කළා. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් වැඩ බලන පොලිස්පතිවරයා එම තනතුරට පත් කරන ලෙස මා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් සිදු කළා. ඒ අනුව කිසිවෙකුගේත් බලපෑමකට යටත් නොවී ස්වාධීනව යුක්තිය මෙහෙයුම ආරම්භ කර, ක්‍රියාත්මක කරන ලෙස මා පොලිසියට උපදෙස් ලබා දුන්නා.
මීට පෙර සිදු ආකාරයට අත්අඩංගුවට ගන්නා අපරාධකරුවන් විවිධ පුද්ගලයින්ගේ බලපෑම්වලට යටත් වී නිදහස් කිරීමේ සම්ප්‍රදාය අප වෙනස් කළා. විෂය භාර අමාත්‍යවරයා ලෙස මම සෘජුව කටයුතු කරනවා.
ඒ අනුව දිවයින පුරා සාර්ථකව මෙම කටයුතු ක්‍රියාත්මක වන අතර ඒ සඳහා විශාල බලපෑම්ද එල්ලවනවා. විෂය භාර අමාත්‍යවරයා ලෙස මටත්, පොලිස්පතිවරයා ඇතුළු අනෙකුත් නිලධාරීන්ටත් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මෙම මෙහෙයුම නතර කරන ලෙස විවිධ බලපෑම් එල්ල වනවා.
රටේ සුළුතරයක්ද සමාජ මාධ්‍ය භාවිතා කරමින් අපට ප්‍රහාර එල්ල කරනවා. නමුත් ඒ සුළුතර පිරිස හෝ ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට මා මේ අමාත්‍ය ධූරය දරන තුරු අවස්ථාව හිමි වන්නේ නැහැ. යුක්තිය රටේ අනාගත දරු පරපුර බේරා ගන්නා මෙහෙයුමක්. අප ආරම්භයේදී ඉලක්ක කල පරිදිම මේ වන විටත් රට තුළ විශාල වෙනසක් සිදුවී තිබෙනවා. අගනුවර සහ ඉන් පිටත කිසිදු භේදයකින් තොරව ජනතාවගේ විශාල ආශිර්වාදයක් මේ වෙනුවෙන් අපට ලැබෙනවා.එය අපට විශාල ශක්තියක්.
පක්ෂ පාට ආගම් භේදයකින් තොරව ක්‍රියාත්මක කරන මේ මෙහෙයුමටද දේශපාලනය ගාවා ගැනීමට ඇතැම් දේශපාලනඥයින් උත්සාහ කරනවා. අපට අවශ්‍ය සෑම දෙනාගේම සහයෝගයෙන් මේ මෙහෙයුම සාර්ථක කර ගැනීමටයි.
සමාජ මාධ්‍ය භාවිතා කරමින් එකිනෙකාට අපහාස කිරීමට කටයුතු කරන පුද්ගලයකු ලක්ෂ හතරකට අධික මුදලක් ද සමග පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කළේ ඩොලර් වලින් මේ මුදල් ලබා දුන්නේ දේශපාලනඥයෙකු බවයි. එවැනි පුද්ගලයින්ට පිළිතුරු ලබා දිය යුත්තේ පොලිසිය හෝ අමාත්‍යවරයා හෝ වෙනත් කිසිවෙක් නොවේ,ජනතාවයි.
මෙවැනි වැඩපිළිවෙලක් අඩපණ කිරීමටද ඇතැමුන් සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඒ සඳහා අවශ්‍ය නීති රීති ශක්තිමත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අප ඉදිරිපත් කළා. සමාජ මාධ්‍ය වැරදි ආකාරයෙන් භාවිතා කරන බොහෝ දෙනකු ඒ පිළිබඳ කලබලයට පත්වී තිබෙනවා.
ජාත්‍යන්තරයේ ඇතැම් පුද්ගලයින්ට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට මෙහෙයවන්නේ සමාජ මාධ්‍ය හරහායි. රජයක් පෙරළීම සඳහා වුවත් සමාජමාධ්‍ය භාවිතා කළ හැකියි. ඔවුන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වී,පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වී, රට කඩා වැටීමයි. එම අරමුණින් කටයුතු කරන පිරිස් මේ පනතට විරුද්ධව විවිධ ප්‍රකාශ සිදු කරනවා. මේ පනත ගැටලුවක් වන්නේ සමාජ මාධ්‍ය වැරදි ආකාරයෙන් හසුරුවන පිරිසට පමණයි.”
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
මහජන ආරක්ෂක අමාත්‍යාංශ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..