යුක්රේනයේ නව හමුදා ප්‍රධානියාගේ දෙමාපියන් තවමත් ජීවත් වන්නේ රුසියාවේ - රුසියානු ජන මාධ්‍ය
යුක්රේනයේ නව ප්‍රධාන අණ දෙන නිලධාරියා වන ඇලෙක්සැන්ඩර් සිරස්කිගේ දෙමාපියන් සහ සහෝදරයා රුසියාවේ ජීවත් වන බව රුසියානු පුවත් සේවා කිහිපයක්ම ඊයේ(09) වාර්තා කළේය.
පසුගිය 08 වනදා, ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ ඔහුගේ ඉහළම හමුදා නිළධාරියා වන ජෙනරාල් වැලරි සලුෂ්නි වෙනුවට කර්නල් ජෙනරල් ඇලෙක්සැන්ඩර් සිරස්කි තෝරා ගත් බවයි.
රුසියාවට එරෙහිව යුක්‍රේනය දියත් කළ අසාර්ථක ප්‍රතිප්‍රහාරයෙන් මාස කිහිපයකට පසුව යුක්‍රේන යුධ පිටියේ පිරිහෙන තත්ත්වය මධ්‍යයේ යුක්‍රේන හමුදාවේ මෙම ප්‍රතිව්‍යුහයන් සිදු වීම විශේෂත්වයකි.
කර්නල් ජෙනරල් ඇලෙක්සැන්ඩර් සිරස්කි උපත ලබා ඇත්තේ රුසියාව සහ යුක්රේනය සෝවියට් සංගමයේ කොටස් ලෙස පැවැති සමයේ රුසියාවේ බටහිර ව්ලැඩිමීර් කළාපයේදී ය. ඔහුගේ සොහොයුරු ඔලෙග් තවමත් ප්‍රාන්ත අගනුවර පදිංචිව සිටින බව රුසියානු ටාස් ප්‍රවෘත්ති සේවය අනාවරණය කළේය.
ඔලෙග් පුවත්පත් වාර්තාකරුවන්ට පැවසුවේ වසර ගණනාවක් තිස්සේ ඔහු තම සොහොයුරා සමඟ කතා කර නොමැති බවයි. "මම ඔහු සමඟ කතා කරන්නේ නැහැ. ඔහු කොහේ සිටින්නේදැයි මම දන්නෙත් නැහැ. ”ඔලෙග් ටාස් පුවත් සේවය වෙත පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් "මම මගේ සොහොදරයා ගැන කිසිවක් දන්නේ නැහැ. ඔහු යුක්රේනයට පදිංචියට ගොස් බොහෝ කාලයක් ගත වී තිබෙනවා." ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ඇලෙක්සැන්ඩර් සිරස්කිගේ සොහොයුරාගේ සහ දෙමාපියන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට අනුව, ඔවුන් දෙවන ලෝක යුද්ධයේ රුසියාවේ ජයග්‍රහණය සැමරීමට නිතිපතා සහභාගී වන අතර අන්තර්ජාලයේ පලවන සමහර මොස්කව් ගැති ලිපි ලේඛන ඡායාරූප ආදියට සිය කැමත්ත පවා ප්‍රකාශ කර ඇත. සිරස්කිගේ මව විසින් ඇගේ කැමැත්ත ප්‍රකාශ කර ඇති සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වන පණිවිඩ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට නිරෝගී සුවය ලැබේවායැයි ප්‍රාර්ථනා කරන පණිවිඩ පවා ඇතුළත් වේ.
ඇලෙක්සැන්ඩර් සිරස්කි මොස්කව්හි හමුදා ඇකඩමියකින් උපාධිය ලබා 1991 දී යුක්රේනය නිදහස ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී යුක්‍රේන හමුදාවේ සේවය කරමින් සිටියේය. ඔහු 2010 දශකයේ ඩොන්බාස් ප්‍රදේශයේ ඇතිවූ යුද්ධයට ක්‍රියාකාරීව සහභාගී විය. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිට ට අනුව, ඇලෙක්සැන්ඩර් සිරස්කි 2022 වර්ෂයේදි රුසියාවට එරෙහිව කියෙව් හමුදා මෙහෙයවීම සඳහා මෙන්ම එම වසරේ අගභාගයේදී Kharkov හි ප්‍රහාරය එල්ල කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ යුක්‍රේන නිළධාරියෙකි.
ඇලෙක්සැන්ඩර් සිරස්කි ඔහුගේ පූර්වගාමියා වූ සලුෂ්නි හා සසඳන විට සාපේක්ෂ වශයෙන් පහල මට්ටමින් සමාජයට නිරාවරණය වී සිටීමට කටයුතු කර ඇත. නමුත් ජෙනරාල් වැලරි සලුෂ්නි නිරන්තරයෙන් දේශීය හා විදේශීය පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කළ අතර ගැටුම සම්බන්ධයෙන් පුවත් වලට ලිපි කිහිපයක්ම ලියනු ලැබීය.
https://www.rt.com/russia/592140-ukraines-top-general-brother/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්