මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගැන අදහස් දැක්වීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීමක් - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පසුගියදා සම්මත කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ගරු ලෙවන් දගාරියන් මහතා පවසන්නේ එම පනත සම්මත කර ගැනීම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවයි.
පසුගිය ජනවාරි 24 වනදා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින්,
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත කිරීම පිළිබඳවයි
පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතරය විසින් සම්මත කරන ලද ශ්‍රී ලංකාවේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අපි අවධානයෙන් පසු වුනෙමු. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය මෙම පනත සම්බන්ධයෙන් අනුගමණය කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුල සිටින ශ්‍රී ලංකාව පිළිගත් විදේශීය බලවතුන් දැක්වූ සියලුම අදහස් සහ ප්‍රතිචාර ද අපි අපගේ සැලකිල්ලට බඳුන් කළෙමු.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ ක්ෂේත්‍රය තුළ පනවන රෙගුලාසි ශ්‍රී ලංකා ජනරජයේ හුදු අභ්‍යන්තර ප්‍රශ්නයක් යන්න අපගේ විශ්වාශයයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් අපට අවධාරණය කිරීමට ඇත්තේ අපගේ දෘෂ්ටිකෝණයට අනුව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයක් ලෙස සැලකෙන ගැටළුවකට විදේශීය බලවේග මැදිහත් වීම කිසිසේත්ම අදාළ නොවන සහ පිළිගත නොහැකි බවයි.
- කොළඹ රුසියානු තානාපති කාර්යාලය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්