
TIN අංකයට තොරතුරු රැස්කරන මුවාවෙන් බැංකු ගිණුම්වලට රිංගන හැකර් කල්ලියක් මතුවෙයි
බදු ගෙවන්නන් හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් බැංකුවෙන් කතා කරන ආකාරයට කතා කර ජනතාව රවටා සූක්ෂම ආකාරයට පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකර් කල්ලියක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මේ වනවිට එම වංචනික කල්ලිය හමුවේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් පිරිස පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස දුරකථනයෙන් අමතා TIN අංකයට අදාළව බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන ජාවාරම්කරුවන් ඉන් පසුව එම ගිණුම සකස් කිරීමට අවශ්‍ය වන බැංකු ගනුදෙනුකරුගේ මුදල් හුවමාරු රහස් අංකය (OPT) ඉල්ලා සිටී.
තමන් හසුවී සිටින්නේ වංචනිකයෙකුට බව නොදැන ඇතැම් පිරිස් මෙම රහස් අංකය වැඩිදුර සොයා බැලීමකින් තොරව ඔවුන්ට ලබාදීමට කටයුතු කර ඇත.
එම රහස් අංකය ලබාගන්නා වංචනික කල්ලිය තමන් සමග සම්බන්ධ වූ පුද්ගලයාට අයත් බැංකු ගිණුමට ඇතුළත් වී එහි ඇති මුදල් ලක්ෂ ගණනින් ලබාගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා සඳහන් කළේය.
මේ ආකාරයට තම ගනුදෙනුකරුවන් රවටන මෙම වංචනික කල්ලිය මේ වනවිට කුරුණෑගල නගරයේ ප්‍රධාන පිරිවෙන් අධ්‍යාපන ආයතනයක සේවය කරන හිමිනමකගේ ගිණුමකින් ඊයේ (07) රුපියල් 208,000ක මුදලක් ලබාගෙන ඇති අතර, උන්වහන්සේ කුරුණෑගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.
පසුගිය සතියේ තවත් අයෙකුගේ ගිණුමකින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ද වංචනිකව ලබාගෙන ඇති බව රාජ්‍ය බැංකුවක අභන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවැනි ආකාරයට දුරකථන මඟින් කතා කර පෞද්ගලික තොරතුරු විමසන වංචනිකයන්ට හසු නොවන ලෙස ජනතාවට දැනුම් දෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා, මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලූම පොලිස් ස්ථාන හරහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
