
උරුමය ඔප්පු බෙදීම ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ඡන්ද ගුණ්ඩුවක්... අවංකවම ගොවියාට ඉඩම් අයිතිය දෙන්න ඕනි නම් වගා රක්ෂණයක් හඳුන්වා දී, ගොවියා දුෂ්ඨ ණය චක්‍රයෙන් ගලවා ගත යුතුයි - උදය ගම්මන්පිල
උරුමය ඔප්පු බෙදීම ගොවි ජනතාවට කළ ලොකුම විනාශය බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"පෙබරවාරි 5 දා ආණ්ඩුව විසින් දැවැන්ත උත්සවයක් පවත්වලා බොහොම උජාරුවෙන් බලපත්‍ර ඉඩම්ලාභින්ට සින්නක්කර ඔප්පු ලබා දුන්නා. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකළ දෙයක් අපි කළා කියලා ලොකු කයිවාරුවකුත් ගැහුව්වා.
ඇත්තෙන්ම ආණ්ඩුව කලේ ගොවි ජනතාවට කළ හැකි ලොකුම විනාශයයි. ගොවි ජනතාව දුර දිග නොසිතා බොහොම කැමැත්තෙන් මේ ඔප්පු භාර ගත්තා. තමන්ගේ ජනප්‍රියතාවයට හානියක් වේවි කියන බයට කිසිම දේශපාලකයෙක් මේක විවේචනය කරන්නේ නෑ. මේක විවේචනය කරන ලංකාවේ ඉන්න එකම මන්ත්‍රිවරයා මම වෙන්න පුළුවන්. ඊ ළඟ ඡන්දය ඉලක්ක කර ගෙන දේශපාලනය කරන දේශපාලකයින් වෙනුවට ඊ ළඟ පරම්පරාව ඉලක්ක කරගෙන දේශපාලනය කරන දේශපාලකයින් බිහි වන තුරු මේ රට කවදාවත් හදන්න බෑ.
ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කරපු ඩී එස් සේනානායක අගමැතිතුමා ඒකට නායකත්වය දුන්නු සී පී ද සිල්වා ඇමතිතුමා ඉඩම් වලට ඔප්පු නොදී බලපත්‍ර විතරක් දීලා නැවතුනේ ඇයි? ගාමිණි දිසානායක ඇමතිතුමා ස්වර්ණභූමි දි මු ජයරත්න අගමැතිතුමාගේ ජයභූමි වගේ වැඩසටහන් වල දී සින්නක්කර ඔප්පු නොදුන්නේ ඇයි? ඒක ගොවි ජනතාවට තාවකාලික සතුටක් වුණත් දිගුකාලින විනාශයක් නිසා.
ගොවි ජනතාවට දිනපතා වියදම් තිබුණාට මාස් පතා වියදම් තිබුණාට ආදායම් එන්නේ අවුරුද්දකට දෙපාරක් නැති නම් තුන් පාරක් අස්වැනු නෙලන අවස්ථාවේ දී විතරයි. ඒ නිසා අස්වැනු නෙලුවාම පියවීමේ බලාපොරොත්තුවෙන් ගොවි ජනතාව ණයට තමයි තමන්ට අවශ්‍ය භාණ්ඩ මිල දී ගන්නේ. මේ අයට ඇපයට තියන්න කිසිවක් නැති නිසා අනාගත අස්වැන්න තමයි උකසට තියන්නේ. නමුත් වැස්සෙන් නියඟයෙන් කෘමින්ගෙන් අස්වැනු හානි වුණොත් ණය ගෙවා ගන්න බැරි වෙනවා. එතකොට බොහෝ දෙනෙක් ඊ ලඟ අස්වැන්න කැපුවාම ගෙවන්න පොරොන්දු වෙනවා.
සමහර ගොවියෝ ණයහිමියන්ගේ පීඩනය දරා ගන්න බැරිව වස බීලා මැරෙනවා. ඒත් පවුලේ අයට පදිංචි වෙලා ඉන්න වගා කර ගන්න ඉඩම ඉතිරි වෙනවා. සින්නක්කර ඔප්පු දුන්නාම සිද්ධ වෙන්නේ ගොවියා ඉඩම උකසට තියලා ණය ගන්නවා. අස්වැනු හානි වෙලා ණය ගෙවා ගන්න බැරි වුණාම ඉඩම පොලී මුදලාලිට සින්න වෙනවා. අර ගොවි පවුලට එක පැත්තකින් ඉන්න තැනක් නෑ. අනිත් පැත්තෙන් වගා කරන්න ඉඩමක් නෑ.
මේ අය දස දහස් ගණනින් නගර වලට ඇවිත් පැල්පත් අටවා ගන්නවා. එහි ප්‍රතිඵලයක් විධියට නාගරීකරණය වැඩි වෙනවා. විරැකියාව වැඩි වෙනවා. පාතාලය වර්ධනය වෙනවා. මේක ආණ්ඩුව නොදන්නවා නොවේ. ඊ ළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ගොවි ජනතාවට දුන්නු ඡන්ද ගුණ්ඩුවක් මේක. ආණ්ඩුවට අවංකවම ගොවි ජනතාවට ඉඩම් අයිතිය දෙන්න ඕනි නම් ඊට කලින් ආණ්ඩුව වගා රක්ෂණයක් හඳුන්වා දීලා ගොවි ජනතාව මේ දුෂ්ඨ ණය චක්‍රයෙන් ගලවා ගන්න ඕනි."
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
