උරුමය ඔප්පු බෙදීම ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ඡන්ද ගුණ්ඩුවක්... අවංකවම ගොවියාට ඉඩම් අයිතිය දෙන්න ඕනි නම් වගා රක්ෂණයක් හඳුන්වා දී, ගොවියා දුෂ්ඨ ණය චක්‍රයෙන් ගලවා ගත යුතුයි - උදය ගම්මන්පිල
උරුමය ඔප්පු බෙදීම ගොවි ජනතාවට කළ ලොකුම විනාශය බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"පෙබරවාරි 5 දා ආණ්ඩුව විසින් දැවැන්ත උත්සවයක් පවත්වලා බොහොම උජාරුවෙන් බලපත්‍ර ඉඩම්ලාභින්ට සින්නක්කර ඔප්පු ලබා දුන්නා. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකළ දෙයක් අපි කළා කියලා ලොකු කයිවාරුවකුත් ගැහුව්වා.
ඇත්තෙන්ම ආණ්ඩුව කලේ ගොවි ජනතාවට කළ හැකි ලොකුම විනාශයයි. ගොවි ජනතාව දුර දිග නොසිතා බොහොම කැමැත්තෙන් මේ ඔප්පු භාර ගත්තා. තමන්ගේ ජනප්‍රියතාවයට හානියක් වේවි කියන බයට කිසිම දේශපාලකයෙක් මේක විවේචනය කරන්නේ නෑ. මේක විවේචනය කරන ලංකාවේ ඉන්න එකම මන්ත්‍රිවරයා මම වෙන්න පුළුවන්. ඊ ළඟ ඡන්දය ඉලක්ක කර ගෙන දේශපාලනය කරන දේශපාලකයින් වෙනුවට ඊ ළඟ පරම්පරාව ඉලක්ක කරගෙන දේශපාලනය කරන දේශපාලකයින් බිහි වන තුරු මේ රට කවදාවත් හදන්න බෑ.
ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කරපු ඩී එස් සේනානායක අගමැතිතුමා ඒකට නායකත්වය දුන්නු සී පී ද සිල්වා ඇමතිතුමා ඉඩම් වලට ඔප්පු නොදී බලපත්‍ර විතරක් දීලා නැවතුනේ ඇයි? ගාමිණි දිසානායක ඇමතිතුමා ස්වර්ණභූමි දි මු ජයරත්න අගමැතිතුමාගේ ජයභූමි වගේ වැඩසටහන් වල දී සින්නක්කර ඔප්පු නොදුන්නේ ඇයි? ඒක ගොවි ජනතාවට තාවකාලික සතුටක් වුණත් දිගුකාලින විනාශයක් නිසා.
ගොවි ජනතාවට දිනපතා වියදම් තිබුණාට මාස් පතා වියදම් තිබුණාට ආදායම් එන්නේ අවුරුද්දකට දෙපාරක් නැති නම් තුන් පාරක් අස්වැනු නෙලන අවස්ථාවේ දී විතරයි. ඒ නිසා අස්වැනු නෙලුවාම පියවීමේ බලාපොරොත්තුවෙන් ගොවි ජනතාව ණයට තමයි තමන්ට අවශ්‍ය භාණ්ඩ මිල දී ගන්නේ. මේ අයට ඇපයට තියන්න කිසිවක් නැති නිසා අනාගත අස්වැන්න තමයි උකසට තියන්නේ. නමුත් වැස්සෙන් නියඟයෙන් කෘමින්ගෙන් අස්වැනු හානි වුණොත් ණය ගෙවා ගන්න බැරි වෙනවා. එතකොට බොහෝ දෙනෙක් ඊ ලඟ අස්වැන්න කැපුවාම ගෙවන්න පොරොන්දු වෙනවා.
සමහර ගොවියෝ ණයහිමියන්ගේ පීඩනය දරා ගන්න බැරිව වස බීලා මැරෙනවා. ඒත් පවුලේ අයට පදිංචි වෙලා ඉන්න වගා කර ගන්න ඉඩම ඉතිරි වෙනවා. සින්නක්කර ඔප්පු දුන්නාම සිද්ධ වෙන්නේ ගොවියා ඉඩම උකසට තියලා ණය ගන්නවා. අස්වැනු හානි වෙලා ණය ගෙවා ගන්න බැරි වුණාම ඉඩම පොලී මුදලාලිට සින්න වෙනවා. අර ගොවි පවුලට එක පැත්තකින් ඉන්න තැනක් නෑ. අනිත් පැත්තෙන් වගා කරන්න ඉඩමක් නෑ.
මේ අය දස දහස් ගණනින් නගර වලට ඇවිත් පැල්පත් අටවා ගන්නවා. එහි ප්‍රතිඵලයක් විධියට නාගරීකරණය වැඩි වෙනවා. විරැකියාව වැඩි වෙනවා. පාතාලය වර්ධනය වෙනවා. මේක ආණ්ඩුව නොදන්නවා නොවේ. ඊ ළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ගොවි ජනතාවට දුන්නු ඡන්ද ගුණ්ඩුවක් මේක. ආණ්ඩුවට අවංකවම ගොවි ජනතාවට ඉඩම් අයිතිය දෙන්න ඕනි නම් ඊට කලින් ආණ්ඩුව වගා රක්ෂණයක් හඳුන්වා දීලා ගොවි ජනතාව මේ දුෂ්ඨ ණය චක්‍රයෙන් ගලවා ගන්න ඕනි."
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්