
'එට්කා' ගිවිසුම අත්සන් කිරීමට කඩිනම් සාකච්ඡා... ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන රටට ඉගැන්වූ මිනිස්සු අද ඉන්දියානු අත්පත්කර ගැනීමේ ක්‍රියාන්විතයේ ප්‍රබල සාමාජිකයන් වෙලා - විමල් වීරවංශ (වීඩියෝ)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 'එට්කා' ගිවිසුම අත්සන් කිරීම සඳහා කඩිනමින් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත්, ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් විවිධ රටවල ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීම සඳහා වෙනම නිලධාරියෙකු හා කාර්යාලයක් ද ස්ථාපිත කර ඇති බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
දැන් එම නිලධාරියා හා ඉන්දියානු නියෝජිතයන් අතර කඩිනම් සාකච්ඡා පැවැත්වෙන බවද, මෙම ගිවිසුම මීට පෙර අත්සන් කිරීමට දැරූ උත්සාහය රටේ දේශමාමක බලවේගවල මැදිහත්වීම මත වැළකී ගිය බවද ඒ මහතා පවසයි.
ජතික නිදහස් පෙරමුණ විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් විමල් වීරවංශ මහතා පැවසුවේ එට්කා ගිවිසුම යනු ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළත්, සාමාන්‍ය වෙළෙඳපොළත් යන දෙකෙහිම ශ්‍රී ලාංකිකයන්ට පවතින අවස්ථාව ඉන්දියානුවන්ට හිමිකර දීමේ ගිවිසුමක් බවය.
මෙමගින් මෙරට රැකියා වෙළෙඳපොළට කිසිඳු බාධාවකින් තොරව ඉන්දියානුවන් සඳහා විවෘත වන බවත්, රැකියා වෙළෙඳපොළේ පමණක් නොව වෙළෙඳාමත් ඔවුන්ගේ ග්‍රහණයට මේ හරහා නතුවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මේ හරහා ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ඉන්දියානු කොළනියක් බවට පත්වන බවවද පෙන්වා දෙන විමල් වීරවංශ මහතා, ආර්ථික වශයෙන් රට හතරගාතෙන් වැටී ඇති මොහොතේ මෙරටට පිහිට වෙන බව පවසමින් ඉන්දියාව තම ව්‍යාප්තවාදය මෙරට පතුරවමින් සිටින බවටද චෝදනා නගයි.
රට මෙම ආර්ථික අවපාතයට වැටී ඇති මොහොතේ ඉන්දියානු ආධිපත්‍ය ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනමය වශයෙන් ද පතුරවමින් සිටින බවත්, ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන රටට ඉගැන්වූ මිනිසුන් ද අද කට පියාගෙන සිටින්නේ ඉන්දියානු අත්පත්කර ගැනීමේ ක්‍රියාන්විතයේ ඔවුන් ද ප්‍රබල සාමාජිකයන් බවට පත්ව සිටීම නිසා බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
