'එට්කා' ගිවිසුම අත්සන් කිරීමට කඩිනම් සාකච්ඡා... ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන රටට ඉගැන්වූ මිනිස්සු අද ඉන්දියානු අත්පත්කර ගැනීමේ ක්‍රියාන්විතයේ ප්‍රබල සාමාජිකයන් වෙලා - විමල් වීරවංශ (වීඩියෝ)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 'එට්කා' ගිවිසුම අත්සන් කිරීම සඳහා කඩිනමින් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත්, ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් විවිධ රටවල ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීම සඳහා වෙනම නිලධාරියෙකු හා කාර්යාලයක් ද ස්ථාපිත කර ඇති බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
දැන් එම නිලධාරියා හා ඉන්දියානු නියෝජිතයන් අතර කඩිනම් සාකච්ඡා පැවැත්වෙන බවද, මෙම ගිවිසුම මීට පෙර අත්සන් කිරීමට දැරූ උත්සාහය රටේ දේශමාමක බලවේගවල මැදිහත්වීම මත වැළකී ගිය බවද ඒ මහතා පවසයි.
ජතික නිදහස් පෙරමුණ විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් විමල් වීරවංශ මහතා පැවසුවේ එට්කා ගිවිසුම යනු ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළත්, සාමාන්‍ය වෙළෙඳපොළත් යන දෙකෙහිම ශ්‍රී ලාංකිකයන්ට පවතින අවස්ථාව ඉන්දියානුවන්ට හිමිකර දීමේ ගිවිසුමක් බවය.
මෙමගින් මෙරට රැකියා වෙළෙඳපොළට කිසිඳු බාධාවකින් තොරව ඉන්දියානුවන් සඳහා විවෘත වන බවත්, රැකියා වෙළෙඳපොළේ පමණක් නොව වෙළෙඳාමත් ඔවුන්ගේ ග්‍රහණයට මේ හරහා නතුවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මේ හරහා ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ඉන්දියානු කොළනියක් බවට පත්වන බවවද පෙන්වා දෙන විමල් වීරවංශ මහතා, ආර්ථික වශයෙන් රට හතරගාතෙන් වැටී ඇති මොහොතේ මෙරටට පිහිට වෙන බව පවසමින් ඉන්දියාව තම ව්‍යාප්තවාදය මෙරට පතුරවමින් සිටින බවටද චෝදනා නගයි.
රට මෙම ආර්ථික අවපාතයට වැටී ඇති මොහොතේ ඉන්දියානු ආධිපත්‍ය ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනමය වශයෙන් ද පතුරවමින් සිටින බවත්, ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන රටට ඉගැන්වූ මිනිසුන් ද අද කට පියාගෙන සිටින්නේ ඉන්දියානු අත්පත්කර ගැනීමේ ක්‍රියාන්විතයේ ඔවුන් ද ප්‍රබල සාමාජිකයන් බවට පත්ව සිටීම නිසා බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්