
13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමෙන් පුරාවස්තු සන්හාරය තවත් වේගවත් වෙනවා... ‘හිමාලයා’ ප්‍රකාශනය ගැන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයෙන් නිවේදනයක්
13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ උතුරට එක නීතියකුත් දකුණට තව නීතියකුත් ක්‍රියාත්මක වීම බවත් එමගින් පුරාවිද්‍යා බලතල පළාත් සභා සතුවීමෙන් දැනට මහා පරිමාණයෙන් සිදුකරන පුරාවස්තු විනාශය තවදුරටත් කරගෙන යෑමට ඉඩ ලැබෙන බවත් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය නිකුත් කර ඇති ප්‍රකාශයක සඳහන් වේ.
ගෝලීය දෙමළ සංසදය සහ භික්‍ෂූන් කිහිපනමකගේ අත්සනින් නිකුත් කර ඇති හිමාලයා ප්‍රකාශනය පිළිබඳ අදහස් දක්වමින් මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.
බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ සභාපති දිවියාගන යසස්සී, සමලේකම්වරුන් වන තිරිකුණාමලයේ ආනන්ද, මහාචාර්ය අගලකඩ සිරිසුමන යන නාහිමිවරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම ප්‍රකාශය මගින් ඊළඟ මැතිවරණයට පෙර නොපමාව 13 වන සංශෝධනය හා බලය යෙදීම ගැන තම මතය ප්‍රකාශ කරන ලෙස සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම පොලිස් බලතල ඉඩම් බලතල ද රිසි සේ සැකසීමට බෙදුම්වාදීන්ට ඉඩලැබීම ඛේදජනක අමනෝඥ ක්‍රියාවකැයි ද එමගින් අවධාරණය කර තිබේ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
