
රටේ අර්බුදයට විසඳුම රනිල් වික්‍රමසිංහගේ රට විකුණාගෙන කන, නියෝ ලිබරල් ගමනද? - විමල් පැහැදිලි කරයි (වීඩියෝ)
රටේ ඇතිවන අර්බුදය කළින්ම දැක ගෝඨාභය රාජපක්ෂ පාලනය ඇහැරවීමට උත්සාහ දැරූ බවත්, එහෙත් එය කළ නොහැකි තැනකට ඒ වන විට ගෝඨාභය පාලනය පත්ව තිබූ බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ජනහමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ආර්ථික අර්බුද ලෝකයට අලුත් දෙයක් නොවන බවත්, 1990 දී ඉන්දියාවේ ද මෙවැනිම ආර්ථික අර්බුදයක් ඇති වූ බවත් ය.
එහිදී එවකට ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා වූ වජ්පායි මහතා විසින් එරට ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා ආර්ථික විශේෂඥයකු වූ මන්මෝහන් සිං මහතාව ගෙන්වාගත් බවත්, ආර්ථිකය ගොඩනැගීමට ඔහුට පවරා වජ්පායි මහතා දේශපාලනයේ නිරත වූ බවත් විමල් වීරවංශ මහතා පැවසීය.
එහෙත් ලංකාවේ සිදුවූයේ මොළහතක් ඇති බව පැවසූ බැසිල් රාජපක්ෂ ගෙන්වාගෙන ආර්ථිකය භාරදීම බවද, ඔහු රටේ ඩොලර් හිඟය සතියෙන් විසඳන බව පැවසූ බවද ඒ මහතා සඳහන් කරයි.
අද වන විට පාකිස්තානයේ ද දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති වී තිබෙන බවත්, ණය ගෙවීමට නොහැකි බව වහාම ප්‍රකාශයට පත්කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්තානයේ නායකයාට ද පවසා ඇති නමුත් ඔහු ඊට එකඟ වී නැති බවද වීරවංශ වහතා පවසයි.
රටේ ආර්ථික අර්බුදයක් ඇති වීමට ප්‍රධානතම හේතුවක් වූයේ 2018 වසරේ රනිල් වික්‍රමසිංහලා, සිරිසේනලා, අනුර දිසානායකලා එක්ව ගොඩනැගූ යහපාලන ආණ්ඩුවෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය 12.5ක ප්‍රමාණයක් ලබාගැනීම බවද, අද මෙම අර්බුදයට ප්‍රතිකාර ලෙස රනිල් වික්‍රමසිංහ ලබා දෙමින් සිටින්නේ ඔහුගේ නියෝ ලිබරල්, රට විකුණාගෙන කන, රට යටත් විජිත කොළණියක් බවට පත්කරමින් යන ගමන බවද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
