
ජනාධිපතිවරණය ඔක්තෝබර් පළමු සතියේ... ඔක්තෝබර් 14 නව ජනාධිපතිවරයා පත්වෙනවා - හරීන් කියයි
මාරාන්තිකව අසනීපව පවතින රට ගොඩනැගීම සඳහා සිටින හොඳම වෛද්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ අනුව ඔක්තෝබර් 14 වන දින නව ජනාධිපතිවරයෙකු මේ රටේ පත්වෙන බවත් ඔක්තෝම්බර් මාසයේ පළමු සතියේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ඉඩම් යෞවන ක්‍රීඩා කටයුතු පිළිබඳව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
කව්රුන් අකමැති වුව ද අකමැත්තෙන් වුවත් ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහ මහතා එක වතාවක් හෝ ජනාධිපති කරවීම සඳහා රටේ ජනතාවට වගකීමක් පැවරෙන බව ද හෙතෙම සඳහන් කළේය.
මේ දිනවල ජනතාව තිත්ත බෙහෙත් බිව්වද දැඩිසත්කාරයේ සිටි රෝගියා වාට්ටු කාමරයට දමා තිබෙන නිසාවෙන් නැවත දැඩි සත්කාර ඒකකයට යනවාද තීරණය කලයුතු බවද හරින් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.
රටේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන උරුමය නමින් ඔප්පු මිලියන දෙකක් ප්‍රධානය කිරීමේ ජාතික උත්සවය 05 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කොට තිබේ. එහි වැඩසටහනේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී හරින් ප්‍රනාන්දු මහතා 03 දින මේ බව සඳහන් කළේය.
ඉදිරියේ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවත් රටේ මැතිවරණවලින් සියයට තුනක් ගත් කණ්ඩායම් තවත් සියයට 47 ක් සොයා ගැනීම සිහිනයක් බවත් එම සිහින කිසිදු දිනක සැබෑ නොවන බවත් හරීන් ප්‍රනන්දු මහතා පෙන්වා දුන්නේය.
ලෝකයේ රටක් බංකොලොත් වෙද්දි කෙටිම කාලයකින් ගොඩදැමු එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවද පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ රෝගියෙකු මිය යෑමට දරද්දී තිත්ත බෙහෙත් ලබාදීමට සිදුවන බවය.
රෝගීන් සුවපත් කරන හොඳම වෛද්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහුට තවත් එක අවස්ථාවක් රටේ ජනාධිපති ලෙස අකමැත්තෙන් වුවත් ජනතාවට පත්කර ගැනීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.
- අද -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
