ජනාධිපතිවරණය ඔක්තෝබර් පළමු සතියේ... ඔක්තෝබර් 14 නව ජනාධිපතිවරයා පත්වෙනවා - හරීන් කියයි
මාරාන්තිකව අසනීපව පවතින රට ගොඩනැගීම සඳහා සිටින හොඳම වෛද්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ අනුව ඔක්තෝබර් 14 වන දින නව ජනාධිපතිවරයෙකු මේ රටේ පත්වෙන බවත් ඔක්තෝම්බර් මාසයේ පළමු සතියේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ඉඩම් යෞවන ක්‍රීඩා කටයුතු පිළිබඳව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
කව්රුන් අකමැති වුව ද අකමැත්තෙන් වුවත් ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහ මහතා එක වතාවක් හෝ ජනාධිපති කරවීම සඳහා රටේ ජනතාවට වගකීමක් පැවරෙන බව ද හෙතෙම සඳහන් කළේය.
මේ දිනවල ජනතාව තිත්ත බෙහෙත් බිව්වද දැඩිසත්කාරයේ සිටි රෝගියා වාට්ටු කාමරයට දමා තිබෙන නිසාවෙන් නැවත දැඩි සත්කාර ඒකකයට යනවාද තීරණය කලයුතු බවද හරින් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.
රටේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන උරුමය නමින් ඔප්පු මිලියන දෙකක් ප්‍රධානය කිරීමේ ජාතික උත්සවය 05 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කොට තිබේ. එහි වැඩසටහනේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී හරින් ප්‍රනාන්දු මහතා 03 දින මේ බව සඳහන් කළේය.
ඉදිරියේ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවත් රටේ මැතිවරණවලින් සියයට තුනක් ගත් කණ්ඩායම් තවත් සියයට 47 ක් සොයා ගැනීම සිහිනයක් බවත් එම සිහින කිසිදු දිනක සැබෑ නොවන බවත් හරීන් ප්‍රනන්දු මහතා පෙන්වා දුන්නේය.
ලෝකයේ රටක් බංකොලොත් වෙද්දි කෙටිම කාලයකින් ගොඩදැමු එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවද පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ රෝගියෙකු මිය යෑමට දරද්දී තිත්ත බෙහෙත් ලබාදීමට සිදුවන බවය.
රෝගීන් සුවපත් කරන හොඳම වෛද්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහුට තවත් එක අවස්ථාවක් රටේ ජනාධිපති ලෙස අකමැත්තෙන් වුවත් ජනතාවට පත්කර ගැනීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.
- අද -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්