
අශෝක් පතිරගේ හා ආසිරි රෝහල් ලොක්කන්ට දුන් තීන්දුව ගැන මහේස්ත්‍රාත්වරිය පුදුම වෙයි
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබන 21 වැනිදාට අධිකරණය හමුවේ යළි පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත්කරන ලෙස මලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (02) නියෝග කළාය.
ඒ එම නඩුව සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ රංජිත් හීල්ලගේ මහතා මෝසම මාර්ගයෙන් කරන ලද කරුණු දැක්වීමට අනුවය.
මේ නඩුවේදී පුදුම සහගත දේ සිදුවී ඇති බවත්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොසිටි, ජාතික ඖෂධ නියාමන අධිකාරිය හෝ පැමිණිලි පාර්ශවය නොසිටි පසුගිය ජනවාරි 17 වැනිදා ආසිරි රෝහලේ පාර්ශවය වෙනුවෙන් නීතිඥ ධනුෂ්ක වීරසිංහ මහතා මෝසමක් ඉදිරිපත් කරමින් මේ නඩුව කැඳවා මෙහි තීන්දුව ලබාගෙන ඇති බවත් එය නීතියට පටහැනි බවත්, එය නඩුව සොරා පැහැරගෙන යාමක් බඳු යැයි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
මෙය අපරාධ නඩුවක් බවත්, පෙන්වාදුන් නීතීඥවරයා එම නඩුවේ තීන්දුව ලබාදුන් අවස්ථාවේ බලය ලත් නියෝජිතයා යැයි ලිපියක් ඉදිරිපත් කරමින් කැලුම් ගිමෙන්ත්‍ර ජයසූරිය නැමැත්තෙකු නඩුවේ විත්තිකරුවන් වන ආසිරි රෝහලේ අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටිමින් වරද පිළිගෙන ඇති බවත්, එසේ අපරාධ නඩුවක විත්තිකරුවකු වෙනුවෙන් වෙනත් අයකුට පෙනී සිටිය නොහැකි බවද අධිකරණයට දැන්වීය.
අදාළ විත්තිකරුවන් අතර විශාල ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන් ඇතුළු රටේ ප්‍රභූන් සිටින බවත්, අපරාධ නඩුවක විත්තිකරුවන් වෙනුවෙන් මෙලෙස වෙනත් අයකුට පෙනීසිටීමට අවස්ථාව සැලැසීම නරක පූර්වාදර්ශයක් වනු ඇතැයි ද නීතීඥ රංජිත් හීල්ලගේ මහතා අධිකරණයට කියා සිටියේය.
නීතීඥ රංජිත් හීල්ලගේ මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකරුවන් වෙනුවෙන් බලයලත් නියෝජිතයා වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 25,000ක දඬ මුදලක් නියම කර ඇති බවත්, එසේවුවද, මෙවැනි වරදක් පිළිගත් පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුව ජනතාවගෙන් සමාව ඉල්ලා සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන පුවත්පත්වල අඟල් 10 X 10 ප්‍රමාණයෙන් දැන්වීමක් පලකළ යුතුබවත්, ඒ සඳහා නියෝගයක් මෙහි නැතැයි ඔහු අධිකරණයට දැන්වීය.
මේ තොරතුරු දැනගැනීමෙන් තමාත් පුදුමයට පත්වූ බවත්, කිසිම අවස්ථාවක වැඩබලන මහේස්ත්‍රාත්වරයකුට දඬුවම් නියෝගයක් නිකුත් කළ නොහැකි බවත්, මේ නඩුවේ යම්කිසි ගැටලුවක් සිදුව ඇති බව නීරීක්ෂණය වන බවත්, මලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විවෘත අධිකරණයේ කියා සිටියාය.
අදාළ විත්තිකරුවන්ට දඬුවම් නියම කර ඇති ආකාරය පිළිබඳව ද ගැටලුවක් ඇතැයි ද, විත්තිකරුවන්ට චෝදනා සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් දඬුවම් නියම කළ යුතුබවත්, එසේම මෙවැනි සුළු දඬ මුදලකුත් නියම කළ නොහැකි බවද ඇය පෙන්වා දුන්නේය.
ඒ අනුව මේ නඩුවේ විත්තකරුවන් ලෙස නම්කර ඇති ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ආයතනය, එහි අධ්‍යක්ෂවරුන් වන විශාල් බාලි, අශෝක කාරියවසම් පතිරගේ, අන්කුර් නාන්ද් තදානි, කරුණාමුනි මංජුල ප්‍රසන්න කරුණාරත්න, සුදර්ශන් අහංගම, ගාර්දියර් ලොකුගේ හැරීස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න හා බී.ඩී. සදතිසරු (සහකාර කළමනාකාරීනී බිල්පත්) ඇතුළු පිරිසට ලබන 21 වැනිදාට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත්කරන ලෙස නියෝග කළාය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට ද එදිනට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කළාය.
- ලංකා මිරර් -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
