
කෙහෙළිය අත්අඩංගුවට
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පැය 10කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අමාත්‍යවරයාට ඊයේ (01) නියෝගය කර තිබිණි.
ඒ අනූව උදෑසන 10ට පමණ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.
මෙම නඩුව ඊයේ (01) පස්වරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවුණු අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට CIDය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා තිබියදී ඔහු ඒ සඳහා නොපැමිණ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය එහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළාය.
ඇය සිදුකළ ඉල්ලීමක් මත මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට නියෝග කළේ, අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසටය.
ඒ අමාත්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් ද කරමිනි.
එම නියෝගය ඇතුළත් ලිපිය විමර්ශන නිලධාරින් ඊයේ පස්වරුවේම අමාත්‍යවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවස වෙත ගොස් භාරදුන් අතර අමාත්‍යවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ඒ අනුවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
