News Category
From Date
To Date
Maximum Number of Result

ඕස්ට්‍රේලියාවේ 'අවදි වූ ප්‍රභූන්' ඔස්ට්‍රේලියානු ජාතික අනන්‍යතාවය මකා දමමින් සිටී.... නව නාසිවාදීන් වැඩි වීම පුදුමයක් නොවේ

Jan 31, 2024 at 02:24 PM
|

පසුගිය  ජනවාරි 26 වෙනිදා, ඕස්ට්‍රේලියානුවන් ඕස්ට්‍රේලියානු දිනය සමරනු ලැබූහ. ඔස්ට්‍රේලියානු ජාතික දිනය , ඇමරිකාවේ ජූලි 4 දිනයට හෝ ප්‍රංශයේ බැස්ටිල් දිනයට සමාන වන්නේය.

ඕස්ට්‍රේලියානුවන්,ඇමරිකානුවන් හෝ ප්‍රංශ ජාතිකයන් තරම් ඔවුන්ගේ ජාතික දිනය සාඩම්බරයෙන් සමරන්නේ නොමැති අතර සාමාන්‍යයෙන් "බාබකියු" ආහාරයට ගනිමින් , වෙරළට යාමෙන් හෝ පවුලේ අය සහ මිතුරන් සමඟ බියර්  පානය කරමින් පොදුවේ ලැබෙන  නිවාඩු දිනය සමරති.

කෙසේ වෙතත්, මෙම වසරේ ඕස්ට්‍රේලියානු දිනය සැමරීම දේශපාලන වර්ණාවලියේ අන්ත දෙකෙහිම දේශපාලන අන්තවාදය ප්‍රදර්ශනය කරනු දක්නට ලැබුණි. පසුගිය වසරවල අනෙකුත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලට පීඩා කර ඇති දේශපාලන අස්ථාවරත්වයට සාපේක්ෂව "ප්‍රතිශක්තිය" විශද කළ ජාතියක කලබලකාරී ප්‍රවණතාවයක් ප්‍රදර්ශනය කිරීමක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ විග්‍රහ කරති.

ඕස්ට්‍රේලියාව පාලනය කරන "අවදි වූ ප්‍රභූන්" විසින් මෑතකදී “ආක්‍රමණ දිනය” ලෙස නැවත නම් කරන ලද ඕස්ට්‍රේලියානු දිනය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින දහස් ගණනක් ජනතාව රට පුරා ප්‍රාන්ත අගනුවරවල විරෝධතා රැලිවලට රොක් වූහ. ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරයේදී   balaclava හෙවත් නව-නාසිවරුන් අඳින හිස සහ දෙකන් වසා අඳින ලෝම හිස් වැස්මක් සහිත ඇඳුම් ඇඳගත් දුසිම් ගණනක්වූ පුදගලයන් විරෝධතාකරුවන් සමඟ ගැටීම වැලැක්වීමට ඔස්ට්‍රීලියානු පොලිසිය බලහත්කාරය යොදනු දනට ලැබුණි.

සම්ප්‍රදායික අදේශපාලනික ඕස්ට්‍රේලියාවේ ජාතික දින සැමරුම ගැටුමක් බවට පත් වූයේ කෙසේද?

මෙයට ලැබෙන කෙටි පිළිතුර නම්, ඕස්ට්‍රේලියාවේ අතාර්කික ප්‍රභූ දේශපාලනය දැන් ඊටත් වඩා අතාර්කික දක්ෂිනාංශික අන්තවාදී පසුබෑමක් ජනනය කරමින් සිටින අතර එය කිසිදු පාර්ශ්වයකට හෝ රජයට පාලනය කළ නොහැකි බව දක්නට ලැබේ.

මෑත වසරවලදී, ඕස්ට්‍රේලියාවේ ප්‍රභූ දේශපාලනය ආදිවාසී ප්‍රපංචය උද්‍යෝගයෙන් වැලඳගෙන ඇති අතර, ක්‍රියාත්මක තලයේදී ආදිවාසී දේශපාලනයේ ස්වභාවය රැඩිකල් පරිවර්තනයකට ලක් කර ඇත.

සම්ප්‍රදායිකව ආදිවාසී දේශපාලනය තම අවධානය  වර්ගවාදී නීති අහෝසි කිරීම, වෙනස් කොට සැලකීම අවසන් කිරීම, ඉඩම් අයිතිවාසිකම් ලබා ගැනීම සහ විශේෂයෙන්ම දුරස්ථ ප්‍රජාවන් තුළට ගොනුවී සිටින ආදිවාසී ජනයා මුහුණ දෙන අවාසිසහගත තත්වයන් සහ දරිද්‍රතාවයට පිළියම් යෙදීම වැනි කාරනා වලට සීමා කරනු ලැබීය .

පසුගිය වසර පනහ තුළ ආදිවාසී දේශපාලන නායකයින් සැලකිය යුතු ප්‍රතිසංස්කරණ අත්පත් කර ගෙන ඇත්තහ. වර්ගවාදී නීති මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ පැහැදිලිවම අහෝසි කර ඇත.  වෙනස්කොට සැලකීම විධිමත් ලෙස  අවසන් කර ඇත.ආදිවාසීන්ගේ ඉඩම් අයිතිය ජාතික වශයෙන් මෙන්ම සියලු ප්‍රාන්තවල එකලෙස  පිළිගෙන ඇත. නමුත් කනගාටුදායක ලෙස, දුරස්ථ ප්‍රදේශවල වෙසෙන ප්‍රජාවන්හි සහ ආදිවාසී ප්‍රජාව මුහුණ දෙන අවාසි සහගත තත්වයන් සහ දරිද්‍රතාවයේ ගැටලුව වඩාත් නරක අතට හැරී ඇත.

අවාසනාවකට, පසුගිය වසරවලදී ඔස්ට්‍රේලියානු ආදිවාසී දේශපාලන නායකයින්ගේ නව පරම්පරාව, ඔවුන්ගේ පෙර පරම්පරාවේ නායකයින් කිහිප දෙනෙකු සමඟ එක මිටට ගෙන, ඕස්ට්‍රේලියාවේ ප්‍රභූන් විසින් රැවටීමට ලක් කර තිබෙනු දක්නට  ලැබේ. එලෙසම ආදිවාසී දේශපාලන නායකයන්ගේ නව පරම්පරාව  තොග වශයෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රභූන්ගේ අතාර්කික දේශපාලන ක්‍රමය අනුගමනය කිරීමට නිරායාසයෙන් කටයුතු කර ඇත.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ආදිවාසී දේශපාලන ප්‍රභූවරු එකිනෙකාට  දැඩි ලෙස විරුද්ධ කණ්ඩායම් දෙකකට බෙදී ඇත. කෙසේ වුවද ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් තවමත් දුරස්ථ ප්‍රදේශවල වාසය කරන ප්‍රජාවන් මුහුණ දෙන අවාසි සහගත තත්වයන් සහ ආදිවාසීන්ගේ දරිද්‍රතාවය අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට කටයුතු කරන බව පෙනී යයි. අනෙක් කණ්ඩායම ආපසු හැරවිය නොහැකි ලෙස ඔවුන් තෝරාගෙන ඇති දිශානතිය තුළ උනන්දුවෙන් කටයුතු කරති.

කෙසේ වුවද පසුව සඳහන් කරන ලද කණ්ඩායම දුරස්ථ ප්‍රජාවන්හි තත්වයන් ගැන උනන්දුවක් නොදක්වමින් කටයුතු කරති. එම කණ්ඩායම ස්වෛරීභාවය පිළිබඳ අත් කරගත නොහැකි ප්‍රකාශයන් නිකුත් කිරීම, පාර්ලිමේන්තුව තුළ ස්වදේශීයන්ගේ හඬ නිර්මාණය කිරීම, ඉතිහාසය නැවත ලිවීම, ප්‍රතිමා විනාශ කිරීම  ආදිය මෙන්ම අවම වශයෙන් වුවද අවසාන වශයෙන් නොවන ඕස්ට්‍රේලියානු දිනය අහෝසි කිරීමට ඉල්ලා සිටීම වැනි කරුණු කෙරෙහි තමන්ගේ ශක්තිය යොමු කරති.

ඕස්ට්‍රේලියානු දිනය අහෝසි කිරීමේ ඉල්ලීම ව්‍යුත්පන්න වී ඇත්තේ - වරදකාරී සුදු ප්‍රභූන් සහ ඔවුන්ගේ අඥාන සහස්‍රක  "ඉසෙඩ්" පරම්පරාවේ දරුවන් විසින් උද්‍යෝගයෙන් වැලඳගත් රළු සරල දැක්ම වන  ඕස්ට්‍රේලියානු ඉතිහාසය යනු සුදු යටත් විජිත පීඩකයින් විසින් ආදිවාසී ජනතාවට එරෙහිව අඛණ්ඩව ගෙන යන ජන සංහාරක යුද්ධයකට වඩා වැඩි දෙයක් නොවේය යන්න මත පිහිටාය. ඔවුන්ගේ දැක්මට අනුව ඔස්ට්‍රේලියානු ඉතිහාසය යනු ජන සංහාරයේ දිග්ගැස්සුනු අභ්‍යාසයකට වඩා වැඩි දෙයක් නොවේ නම්, ඕස්ට්‍රේලියාවේ ජාතික දිනය අහෝසි කළ යුතුය.

ආදිවාසීන් වත්මනෙහි මුහුණ දෙන ඉරණමට ඇද දැමූ ප්‍රභූන් සමඟ එක පෙලට හිටගන්නා ආදිවාසි නායකයන් දැන් නිතිපතා මෙම මන්ත්‍රය අන්ධ විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරති. ඊට සමගාමීව ඔස්ට්‍රේලියානු සමාජයට බලපෑමක් කළ හැකි මාධ්‍ය ආයතන වන ඒ බී සී සහ චැනල් 9 වැනි මාධ්‍ය ආයාතන මෙම මතයන් ප්‍රචාරය මහත් උනන්දුවෙන් ප්‍රචාරය කරති.

ඕස්ට්‍රේලියාවේ ඛේදනීය ඉතිහාසය තුළ ඇති කළු-සුදු අන්තර් ක්‍රියාකාරිත්වයේ සංකීර්ණතවය පිළිබඳව හොඳින් දන්නා ආදිවාසී දේශපාලන නායකයින්, ආදිවාසීන් මුහුණ දෙන අවාසිසහගත තවයන් සහ දරිද්‍රතාවය තුරන් කිරීමට ප්‍රභූ ස්වයං-වෛරය සහ සුචරිතවත් සංඥා මගින් කිසිවක් නොකරන බව වටහාගෙන සිටිති. ඒ අනුව ඔවුන්ගේ දේශපාලන හැසිරීම  තුළ ද්විත්ව රංගනයක ස්වභාවයක් විද්‍යාමාන වේ. ඇබොරිජිනල් දේශපාලනය ඔස්ට්‍රේලියාවේ පිබිදුණු ප්‍රභූ පංතිය  අත්පත් කර ගැනීම අතිශයින් හානිකර හා කුහක වනවා පමණක් නොව වංක ක්‍රියාවක් බව ද මෙම නායකයෝ වටහා ගනු ඇත.

මෙය පසුගිය වසරේ අගභාගයේදී ලේබර් අගමැති ඇල්බනීස්ගේ සුරතල් ප්‍රභූ ව්‍යාපෘතිය වන 'පාර්ලිමේන්තුවට ස්වදේශික හඬ' ව්‍යාපෘතිය ජනමත විචාරණයේදී අසාර්ථක වීමෙන් අගමැති ඇල්බනීස්ගේ පවිටු අපේක්ෂාව නාටකාකාර ලෙස තහවුරු විය.

2022 මැයි මාසයේ ෆෙඩරල් මැතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කළ දින රාත්‍රියේම ෆෙඩරල් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථානුකූලව තහවුරු කර ඇති ආදිවාසී උපදේශක ආයතනයක් වන Voice ආයතනය පිහිටුවීමට ඇල්බනීස් පොරොන්දු විය.

ඇල්බනීස් සහ කම්කරු පක්ෂය මීට වසර ගණනාවකට පෙර කළාක් මෙන් ඇල්බනීස් නැවතත් මෙම කටයුත්ත  කළේ ඕස්ට්‍රේලියාවේ ප්‍රභූන් සමග සන්ධානගතව සිටි ආදිවාසී නායකයන්ගේ කණ්ඩායමේ බලපෑම හේතුවෙනි. Voice  ඔවුන්ගේ අදහසක් වූ අතර එයට අනෙකුත් ආදිවාසී දේශපාලන නායකයන් විරුද්ධ විය.

Voice සම්භාව්‍ය ප්‍රභූ ව්‍යාපෘතියක් විය. එය භේදකාරී, මිල අධික වූ අතර  සාක්ෂාත් කරගැනීමේ ඉඩ කඩ සුළු වශයෙන් පමණක් පවතිනු ඇත. එහෙත්, එය නිර්මාණය කළ ආදිවාසී "ප්‍රභූ මණ්ඩලයේ" සාමාජිකයන් සඳහා කිසිදු වැඩපලක් කිරීමට නැතත් හොඳ වැටුප් ලබන රැකියා අවස්ථා දුසිම් ගනනක් ස්ථාපිත කර තිබේ. එයට දැවැන්ත සමාගම්, විශ්ව විද්‍යාල, රාජ්‍ය සේවා සංවිධාන, කම්කරු පක්ෂය සහ මාධ්‍ය සංවිධාන විසින් උද්යෝගිමත් ලෙස සහාය දැක්වීම පුදුමයක් නොවේ.

Voice ව්‍යාපෘතියට පක්ෂවන ඇල්බනීස්ගේ ව්‍යාපාරය කිසිවිටෙකත් එය වටිනා යමක් සාක්ෂාත් කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කළේ නැත.එහෙත් නිමක් නැති හැඟුම්බර කතා පවත්වමින් ඇල්බනීස් කිඹුල් කඳුළු සලමින් කෑගැසුවේය. Voice ව්‍යාපෘතියට ගැති ආදිවාසී නායකයින් සුදු ඕස්ට්‍රේලියානුවන්ට පැවසුවේ ඔවුන් ජන සංහාරක මිනීමරුවන් බවයි. එලෙසම Voice ව්‍යාපෘතියට විරුද්ධ වන ඕනෑම අයෙක් වහාම "ජාතිවාදියෙකු" ලෙස හංවඩු ගසන ලැබුවේය.

පසුගිය වසරේ අගභාගයේදී ඕස්ට්‍රේලියානු ඡන්දදායකයින්ගෙන් 60% කට වැඩි පිරිසක් Voice ව්‍යාපෘතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම පුදුමයක් නොවේ.

මෙම දේශපාලන පරාජයට ඇල්බනීස් ප්‍රතිචාර දැක්වූයේ ඔහු ආදිවාසී නොවන නිසා අසාර්ථකත්වයට වගකිව යුතු නැතිවාක් මෙන්ම ආදිවාසීන් බලාපොරොත්තු සුන්වීම් වලට පුරුදු වී ඇති බවත් පවසමිනි. ආදිවාසී දේශපාලනය සමඟ ඇල්බනීස්ගේ කෙටි හා විනාශකාරී ආලවන්ත හැඟීම් පෑම දැන් අවසන් වී ඇති බව පැහැදිලිය.

Voice ව්‍යාපෘතියට එරෙහිව උද්ඝෝෂණය කළ ආදිවාසී නායකයින් ඇල්බනීස්ගේ ප්‍රතිචාරය ගැන පුදුම නොවන්නට ඇත. නමුත් ඇල්බනීස් සහ ඔහුගේ අවදි වූ සහකරුවන් විසින් දියත් කරන ලද බෙදුම්වාදී ව්‍යාපාරය නීත්‍යානුකූල ආදිවාසී ඉල්ලීම්වලට අනුකම්පා කරන බොහෝ සුදු ඕස්ට්‍රේලියානුවන් විරසක කිරීමෙන් ආදිවාසීන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට ඇති ඉඩකඩට හානි කර ඇති බව ඔවුන් දනී.

ඇල්බනීස් ගේ බෙදුම්වාදී Voice ව්‍යාපාරයට සහය දුන් ආදිවාසී නායකයින් පෙනෙන විදිහට එහි අසාර්ථකත්වයෙන් කිසිවක් ඉගෙන ගෙන නැති අතර, ඕස්ට්‍රේලියානු දිනය අහෝසි කිරීමට පක්ෂව විරෝධතාවලට සහය දක්වමින් සුදු ප්‍රභූ දේශපාලනයට ඔවුන්ගේ නොමග ගිය කැපවීම දැන් දෙගුණ කරමින් සිටිති.

පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු දිනයේ මේ සියල්ල සිදු වූයේ කෙසේද?

මෙම අවස්ථාවට උදා වීමට පෙර, බොහෝ ප්‍රාදේශීය කම්කරු සභා ඔවුන් සාම්ප්‍රදායිකව දශක ගණනාවක් තිස්සේ කළාක් මෙන් ඕස්ට්‍රේලියානු දින උත්සව පැවැත්වීම ප්‍රතික්ෂේප කළහ. එලෙසම Woolworths  සහ  Aldi නම් ඕස්ට්‍රේලියාවේ විශාලතම සුපිරි වෙළඳසැල් දාමයන් දෙකක්, ජාතික ධජ හෝ වෙනත් ඔස්ට්‍රේලියානු ජාතික දිනයට අදාළ නිෂ්පාදන ගබඩා කිරීම ප්‍රතික්ෂේප කළහ.

1770 දී බ්‍රිතාන්‍යය ඕස්ට්‍රේලියාව අත්පත් කරගෙන ආදිවාසීන් සමඟ ප්‍රථම ප්‍රතිසන්ධාන ක්‍රියාවේ යෙදුණු - දහඅටවන සියවසේ ගවේෂක කපිතාන් කුක්ගේ ප්‍රතිමාවක් මෙල්බර්න්හිදී පසුගිය සතිය මුලදී විනාශ කර අපකීර්තියට පත් කරන ලදී. එමෙන්ම ඔස්ට්‍රේලියානු දිනය විවේචනය කරමින් සහ එය වහා අහෝසි කරන ලෙස ඉල්ලා මාධ්‍ය පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය.

ඔස්ට්‍රේලියානු දිනය අහෝසි කරන ලෙස  ප්‍රතිවිරුද්ධ දේශපාලනයේ නියැලෙන ප්‍රභූ දේශපාලන නායකයින් විසින් ඉල්ලා සිටි පාගමනට විරෝධතාකරුවන් දහස් ගණනක් සහභාගී වීම පුදුමයක් නොවේ.

සිඩ්නි හිදි පැවැති මෙම විරෝධතාකරුවන්ට මුහුණ දීමට නව-නාසි කණ්ඩායමක් උත්සාහ කිරීම පුදුමයට කරුණක් නොවිය යුතුය. වසර කිහිපයක් තිස්සේ එවැනි කණ්ඩායම් වික්ටෝරියා හි දේශපාලන පෙලපාලි කඩාකප්පල් කිරීමට ක්‍රියාකාරීව සහභාගි වී ඇත. මේ වන විට ඕස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්තවලින් මෙම ප්‍රවනතාවය දක්නට ලැබේ.

ඇඹ්C සහ චැනල් 9 වැනි මාධ්‍ය ආයතන පසුගිය වසරවලදී මෙම කණ්ඩායම්වලට අසාමාන්‍ය ප්‍රචාරණයක් ලබා දී ඇත. නාසි ලාංඡන සහ නාසි ආචාරය තහනම් කිරීමේ නීති සමඟින් මර්දනකාරී ඊනියා “වෛරී ප්‍රකාශ” නීති සම්මත කිරීමෙන්ද කම්කරු ආණ්ඩුවද මෙලෙසම සහයෝගයක් දී ඇත. පසුගියදා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාලක කම්කරු පක්ෂයේ නායකයා නව-නාසිවරුන් "නම් කිරීම සහ ලැජ්ජා කිරීමේ" සැලසුම් සම්බන්ධයෙන් නිවේදනය කළේය. එම ක්‍රියාව මගින් වැඩි ප්‍රසිද්ධියක් සහතික කර නව නාසීන්ගේ අරමුණ තව දුරටත් ඉදිරියට ගෙන යනු ලබයි.

ඕස්ට්‍රේලියානු දින පෙළපාලිකරුවන් සහ ඔවුන්ට මුහුණ දීමට උත්සාහ කළ නව-නාසිවාදීන් එකම අතාර්කික දේශපාලන කාසියේ දෙපැත්ත පිළිබිඹු කරයි.

සියලුම සුදු ඕස්ට්‍රේලියානුවන් සමූලඝාතක මිනීමරුවන් සහ ජාතිවාදීන් ලෙස හැඳින්වීමෙන් සුදු ඕස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම ප්‍රකාශිත ඉලක්කයක් වන දේශපාලන ව්‍යාපාරයක් ඇති කිරීම සම්බන්ධයෙන් කිසිවෙකු පුදුම නොවිය යුතුය.

ඕස්ට්‍රේලියාවේ දේශපාලනය අතාර්කික ලෙස වර්ධනය වන විට, දේශපාලන අන්තවාදය අනාගතයේදී තීව්‍ර වනු ඇති බව සක් සුදක් සේ පැහැදිළිය.

https://www.rt.com/news/591464-australia-national-identity-neo-nazis/

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.