
විදුලි ගාස්තු වැඩිවීම පිටුපස තිබූ කුමන්ත්‍රණය ගැන හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා හෙළිකරයි (වීඩියෝ)
විදුලි ගාස්තු වැඩිවීම පිටුපස කුමන්ත්‍රණක් ඇති බවත්, 2022 ජුනි මාසයේ සිට 2023 ජුනි මාසය දක්වා කාලය තුළ විදුලි ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතය නිරීක්ෂණය කිරීමේ දී එය හොඳින් දැකගත හැකි බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.
වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වී සිටින ජනතාව තව තවත් පීඩාවට පත්කරමින් සිදුකළ අනීතික ලෙස හා අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීම සහ එමගින් සිදුකෙරන විදුලි විසංධිකිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකිරීමට ඊයේ(29) දින පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
2022 ජුනි මස ඒකක 43ක් පරිභෝජනය කළ තැනැත්තෙකුට විදුලි ගාස්තුව ලෙස අය වූයේ රුපියල් 200ක වැනි මුදලක් බවත්, එහිදී ඒකකයක මිල රු. 4යි ශත 60ක් වූ බවත් ජලවිදුලි උත්පාදනයට වැයවන්නේ රු.3යි ශත 40ක් වන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
2022 සැප්තැම්බර් මාසයේදී එම ඒකකයක මිල රු. 12 යි ශත 13කට වැඩිවී ඇති බවද, එහි ප්‍රතිශතය ලෙස සියයට 263කින් වැඩිවී ඇති බවද මෙම ඒකක 43ක් පරිභෝජනය කරන පිරිස මෙරට දිළිඳු ජනතාව හෙයින් එම පිරිසගේ විදුලි ඒකකයක මිල රු.12 යි ශත 13 කින් ඉහළ යාම දැවැන්ත ප්‍රශ්නයක් බවද සරත් එන්. සිල්වා මහතා පවසයි.
2023 පෙබරවාරි මාසය වන විට එම ඒකකයක මිල රු.15 යි ශත 40ට වැඩිවූ බවත්, එය ප්‍රතිශතයක් ලෙස සියයට 334ක වැඩිවීමක් බවත් ඒ මහතා පෙන්වා දෙයි. 2023 මාර්තු මාසය වන විට ඒකක 38ක් පරිභෝජනය කළ තැනැත්තාට රු1374 ක් ගෙවීමට සිදුවූ බවත්, අප්‍රේල් මාසය වන විට මෙම මුදල තවත් ඉහළ ගිය බවත් ඒ මහතා පවසයි. මෙම මිල ඉහළ දැමීම නිසා විදුලිය පරිභෝජනය කරන්නන්ට විදුලි ගාස්තු ගෙවාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවූ බවද, රටේ ලක්ෂ 51ට විදුලිය රතු බිල් ලැබී ඇත්තේ මේ නිසා බවද සරත් එන් සිල්වා මහතා පවසයි.
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සහ හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද 'අඳුරට එළියක් එළියට සවියක් සංවිධානය' මගින් මෙම මාධ්‍ය හමුව පවත්වනු ලැබීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
