
එක්සත් ජනපද ආර්ථිකය ලබාගෙන ඇති ණය හේතුවෙන් බිඳ වැටිය හැකියි - ජේ පී මෝර්ගන් ආයතනයේ ප්‍රධානී
දැවැන්ත ජාතික ණය අඛණ්ඩව ඉහළ යන බැවින් එක්සත් ජනපද ආර්ථිකය ව්‍යසනය කරා ගමන් කරමින් සිටින බව ජේ පී මෝර්ගන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජැමී ඩිමොන් ෆොක්ස් නිව්ස් ආයතනය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
අමෙරිකා එක්සත් ජනපදයේ විශාලතම බැංකුවේ ප්‍රධාන විධායකවරයාට අනුව, විශාල ආර්ථික අර්බුදයක් ඇති කිරීමට පෙර රජය විසින් තත්වය කඩිනමින් පාලනය කිරීමට කටයුතු කළ යුතුය.
“අමෙරිකානු ආර්ථිකය අවතීර්ණ වී සිටින්නේ කඳු බෑවුමකටයි. අපට කඳු බෑවුම පෙනෙනවා.,” ජැමී ඩිමොන් පැවසීය. "වසර 10 ක් පමණ කාලය්ක් තිස්සේ මෙම තත්වය තුළ අමෙරිකානු ආර්ථිකය සිරවී තිබෙනවා. අපි පැයට සැතපුම් 60 ක වේගයකින් පල්ලම දෙසටම යමින් සිටිනවා."
හිමබෝල ණය හෙවත් “අමෙරිකා එක්සත් ජනපදය තුළ මෙතෙක් ඇති වූ වඩාත්ම පුරෝකථනය කළ හැකි අර්බුදය” ලෙස හැඳින්වූ හිටපු සභා කථානායක පෝල් රයන් ගේ අදහසට ප්‍රධාන විධායක නිලධාරියා එකඟ විය. පසුගිය 26 වනදා "Bipartisan Policy Center" හිදී පැවති සාකච්ඡාවකදී රයන් සහ ඩිමොන් විසින් අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී.
එක්සත් ජනපද ආණ්ඩුවේ ෆෙඩරල් ණය දෙසැම්බර් අවසානයේ ඉතිහාසයේ පළමු වතාවට ඩොලර් ට්‍රිලියන 34 දක්වා ඉහල ගියේය. ඒ අනුව තිදෙනෙකුගෙන් යුත් සාමාන්‍ය ඇමරිකානු පවුලකට ඩොලර් 102,000ක් පමණ වන ප්‍රමාණයකි. 2023 දී පමණක් එම ණය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 4 කට වඩා වැඩි ප්‍රමානයකින් වැඩි විය.
නිව් යෝර්ක්හි පක්ෂග්‍රාහී නොවන මූල්‍ය ප්‍රතිපත්ති කණ්ඩායමක් වන පීටර් ජී. පීටර්සන් පදනම විසින් පෙන්වා දෙන ලද පරිදි එක්සත් ජනපදයේ සමස්ත රාජ්‍ය ණය දළ වශයෙන් චීනය, ජර්මනිය, ජපානය, ඉන්දියාව සහ එක්සත් රාජධානිය යන රටවල ආර්ථිකයට සමාන වේ.
මෙම සතිය මුලදී, එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවේ එක්සත් ජනපද රාජ්‍ය ණය නිරපේක්ෂ මට්ටම “බියජනක සංඛ්‍යාවක්” ලෙස පෙනෙන බවයි.
“මෙතෙක්, රාජ්‍ය ණය තරමක් කළමනාකරණය කර තිබෙනවා,” ඇය පැවසුවේ, “අපගේ හිඟය අඩු වී කළමනාකරණය කළ හැකි මට්ටම්වල පවතින බවට වග බලා ගැනීම සඳහා පියවර ගැනීමට කට්යුතු කළ යුතුයි.” ඇය ඉල්ලා සිටියාය.
අමෙරිකානු ෆෙඩරල ආණ්ඩුවේ මෙම දැවැන්ත ණය ප්‍රමානය සමන්විත වන්නේ පුරවැසියන්ගේ සහ විදේශීය ආයෝජකයින්ගේ මෙන්ම ප්‍රාන්ත හෝ විශාල අරමුදල් වැනි පුද්ගලයින් ද ඇතුළුව ෆෙඩරල් ආණ්ඩුව ණය හිමියන්ට ගෙවිය යුතු ණය ප්‍රමානයෙනි. ෆෙඩරල් ආණ්ඩුව වසර 20කට වැඩි කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය පියවා ගැනීම සඳහා මුදල් ණයට ගැනීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබේ.
https://www.rt.com/business/591388-us-debt-cliff-jpmorgan-dimon/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
