එක්සත් ජනපද ආර්ථිකය ලබාගෙන ඇති ණය හේතුවෙන් බිඳ වැටිය හැකියි - ජේ පී මෝර්ගන් ආයතනයේ ප්‍රධානී
දැවැන්ත ජාතික ණය අඛණ්ඩව ඉහළ යන බැවින් එක්සත් ජනපද ආර්ථිකය ව්‍යසනය කරා ගමන් කරමින් සිටින බව ජේ පී මෝර්ගන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජැමී ඩිමොන් ෆොක්ස් නිව්ස් ආයතනය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
අමෙරිකා එක්සත් ජනපදයේ විශාලතම බැංකුවේ ප්‍රධාන විධායකවරයාට අනුව, විශාල ආර්ථික අර්බුදයක් ඇති කිරීමට පෙර රජය විසින් තත්වය කඩිනමින් පාලනය කිරීමට කටයුතු කළ යුතුය.
“අමෙරිකානු ආර්ථිකය අවතීර්ණ වී සිටින්නේ කඳු බෑවුමකටයි. අපට කඳු බෑවුම පෙනෙනවා.,” ජැමී ඩිමොන් පැවසීය. "වසර 10 ක් පමණ කාලය්ක් තිස්සේ මෙම තත්වය තුළ අමෙරිකානු ආර්ථිකය සිරවී තිබෙනවා. අපි පැයට සැතපුම් 60 ක වේගයකින් පල්ලම දෙසටම යමින් සිටිනවා."
හිමබෝල ණය හෙවත් “අමෙරිකා එක්සත් ජනපදය තුළ මෙතෙක් ඇති වූ වඩාත්ම පුරෝකථනය කළ හැකි අර්බුදය” ලෙස හැඳින්වූ හිටපු සභා කථානායක පෝල් රයන් ගේ අදහසට ප්‍රධාන විධායක නිලධාරියා එකඟ විය. පසුගිය 26 වනදා "Bipartisan Policy Center" හිදී පැවති සාකච්ඡාවකදී රයන් සහ ඩිමොන් විසින් අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී.
එක්සත් ජනපද ආණ්ඩුවේ ෆෙඩරල් ණය දෙසැම්බර් අවසානයේ ඉතිහාසයේ පළමු වතාවට ඩොලර් ට්‍රිලියන 34 දක්වා ඉහල ගියේය. ඒ අනුව තිදෙනෙකුගෙන් යුත් සාමාන්‍ය ඇමරිකානු පවුලකට ඩොලර් 102,000ක් පමණ වන ප්‍රමාණයකි. 2023 දී පමණක් එම ණය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 4 කට වඩා වැඩි ප්‍රමානයකින් වැඩි විය.
නිව් යෝර්ක්හි පක්ෂග්‍රාහී නොවන මූල්‍ය ප්‍රතිපත්ති කණ්ඩායමක් වන පීටර් ජී. පීටර්සන් පදනම විසින් පෙන්වා දෙන ලද පරිදි එක්සත් ජනපදයේ සමස්ත රාජ්‍ය ණය දළ වශයෙන් චීනය, ජර්මනිය, ජපානය, ඉන්දියාව සහ එක්සත් රාජධානිය යන රටවල ආර්ථිකයට සමාන වේ.
මෙම සතිය මුලදී, එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවේ එක්සත් ජනපද රාජ්‍ය ණය නිරපේක්ෂ මට්ටම “බියජනක සංඛ්‍යාවක්” ලෙස පෙනෙන බවයි.
“මෙතෙක්, රාජ්‍ය ණය තරමක් කළමනාකරණය කර තිබෙනවා,” ඇය පැවසුවේ, “අපගේ හිඟය අඩු වී කළමනාකරණය කළ හැකි මට්ටම්වල පවතින බවට වග බලා ගැනීම සඳහා පියවර ගැනීමට කට්යුතු කළ යුතුයි.” ඇය ඉල්ලා සිටියාය.
අමෙරිකානු ෆෙඩරල ආණ්ඩුවේ මෙම දැවැන්ත ණය ප්‍රමානය සමන්විත වන්නේ පුරවැසියන්ගේ සහ විදේශීය ආයෝජකයින්ගේ මෙන්ම ප්‍රාන්ත හෝ විශාල අරමුදල් වැනි පුද්ගලයින් ද ඇතුළුව ෆෙඩරල් ආණ්ඩුව ණය හිමියන්ට ගෙවිය යුතු ණය ප්‍රමානයෙනි. ෆෙඩරල් ආණ්ඩුව වසර 20කට වැඩි කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය පියවා ගැනීම සඳහා මුදල් ණයට ගැනීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබේ.
https://www.rt.com/business/591388-us-debt-cliff-jpmorgan-dimon/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්