
ගොවි ජනයා රවටා පිරමීඩ ජාවාරමේ යෙදුනු බස්නායක නිලමේ සහ නිලිය මෙන්න
වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා “ට්‍රෙරෙඩ්වින් “නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කළේ යැයි කියන උපාධිධාරී බස්නායක නිලමේවරයා සහ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟවාගෙන සිටියේ යැයි කියන ටෙලි නිලියක ලබන 05 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කහටගස්දිගිලිය වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දිමුතු මහතා නියෝග කළේය.
අත්අඩංගුවට ගත් වීරසේකර මුදියන්සේලාගේ තරිඳු ඉරෝස් වීරසේකර නමැති චිත්‍රපට හා රූපවාහිනී ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වූ එගොඩ ගෙදර චමිලා පියදර්ශනී රාජරත්න නමැති සැකකාරිය ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
පෙරේදා දින අත්අඩංගුවට ගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාලගත විමර්ශන ඒකකය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක තිවංක දසානායක සහ පොලිස් කොස්තාපල් ජයරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරු වසර දෙකක් තිස්සේ පොලිස් විමර්ශන වලට සහාය නොදී සැඟව සිටි පුද්ගලයෙකු බවය.සැකකරු උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි දේපළ රැසක් මිලදී ගෙන ඇති පුද්ගලයෙකු බවද,විමර්ශන රැසක් සිදු කරන බැවින් එමදේපළ පිළිබඳ කරුණු මෙම අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දසනායක මහතා සඳහන් කර සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් ගොවීන් 180කට අධික පිරිසක් මේ වන විට පැමිණිලි කර ඇති බවත්,පසුගිය ජූලි මාසයේදී කහට ගස් දිගිලියප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරයක් ඔවුන් සංවිධානය කර තිබූ බවත් සඳහන් කළ පොලිස් නිලධාරියා මොහුට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුරාජ් වල්ගම හා ඉන්දික විජයවර්ධන යන මහත්වරුන් පෙනී සිටියේය.
මිනිසුන් බෝඩ් ලෑල්ලක් අල්ලා සිටි පමණින් එය මහජන කැළඹීමක් නොවන බැවින් සැකකරුට ඇප ලබා දෙන්නැයි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.නඩු කටයුතු වලට ඕනෑම අවස්ථාවක සහය දීමට අධිකරණයට ඉදිරිපත් වන බවත් ඇප ලබා දෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
– lankadeepa
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
