
යුක්රේන යුද හමුදා සෙබළුන් 65 දෙනා මිය ගිය සිද්ධියේ සංක්ෂිප්ත විවරණය
රුසියානු හමුදාවට අයත් IL-76 ප්‍රවාහන ගුවන් යානය යුක්‍රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 90ක් (සැතපුම් 55ක්) පමණ දුරින් පිහිටි බෙල්ගොරොඩ් ප්‍රදේශයට කඩා වැටුණේ රුසියානු හමුදා විසින් අත් අඩංගුවට ගත් යුක්රේන හමුදා නිලධාරීන් 65 දෙනෙකු රැගෙන යමින් සිටියදීය. කියෙව් හමුදා විසින් යානය වෙඩි තබා බිම හෙළූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මේ වන විට ප්‍රකාශ කර ඇත.
සිදු වූ දේ සම්බන්ධයෙන් වන සංක්ෂිප්තය.
ගුවන් අනතුර
ඊයේ (2) මොස්කව් වේලාවෙන් 11:15 ට වාර්තා වූයේ, යුක්රේන යුද හමුදාවෙන් අත් අඩංගුවට ගත් භටයන් රැගත් IL-76 හමුදා ප්‍රවාහන ගුවන් යානයක් යුක්රේනයට යාබද බෙල්ගොරොඩ් කලාපයේ කොරොචාන්ස්කි දිස්ත්‍රික්කයේ යබ්ලොනොවෝ ගම්මානය අසල කෙතකට කඩා වැටී පුපුරා ගොස් ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේදී ජංගම දුරකතන වලින් ලබාගත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරීමට සමහරු කටයුතු කර තිබුනහ.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යානය චකලොව්ස්කි ගුවන් තොටුපලේ සිට බෙල්ගොරොඩ් දක්වා පියාසර කරමින් සිටි අතර කියෙව් පාලනය සමඟ සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනකට අනුව යුක්‍රේන හමුදා නිළධාරින් ප්‍රවාහනය කරමින් සිටියේය. යුද සිරකරුවන් හැරුණු විට කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සහ තවාත් පුද්ගලයින් තිදෙනෙකු ද විය.
බෙල්ගොරොඩ් කලාපයේ ආණ්ඩුකාර වියචෙස්ලාව් ග්ලැඩ්කොව් පවසන පරිදි අනතුරින් යානයේ සිටි සියලුම දෙනා මිය ගොස් තිබේ. කෙසේ වෙතත්, යානය කඩාවැටීමෙන් ගොඩනැගිලිවලට හෝ පුද්ගලයින්ට කිසිදු හානියක් සිදු නොවූ අතර,යානයට වෙඩි වැදුණු ස්ථානයේ සිට ළඟම ඇති ගම්මානයට කිලෝමීටර් පහක් හෝ හයක් පමණ ඈතින් යානය ගොඩ බැස්සවීමට ගුවන් නියමුවා කටයුතු කර ඇත.
රුසියානු නිලධාරීන්ට අනුව, සිද්ධිය වන විට අතිරේක යුක්රේන යුද හමුදා භටයින් 80 දෙනෙකු රැගත් තවත් ගුවන් යානයක් ද රුසියානු ගුවනේ තිබී ඇත.රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩ්‍රෙය් ඛර්ටපොලොව් පවසන පරිදි පළමු ගුවන් යානය කඩා වැටීමෙන් පසු දෙවන ගුවන් යානය හරවා යැවීමට බලධාරින් කටයුතු කරන ලදී.
හේතුව කුමක්ද?
මෙම සිද්ධියෙන් පසුව, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියෙව් හමුදාවන් ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක් භාවිතා කරමින් යානය වෙඩි තබා බිම හෙළූ බවට චෝදනා කළේය. යුක්‍රේනයේ කාර්කොව් කලාපයේ ලිප්ට්සි ගම්මානයේ සිට යුක්රේන මිසයිල දෙකක් දියත් කිරීම රුසියාවේ අභ්‍යවකාශ බලකායේ රේඩාර් පද්ධතිය වාර්තා කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
යුක්රේන පාර්ශවයට ගුවන් යානය පිටත්වීමට නියමිත වේලාවට පෙර ගුවන් යානය පිළිබඳව දැනුම් දුන් බවත්, එය යුද සිරකරුවන් රැගෙන යන බව දැන සිටි බවත්, සිරකරුවන් හුවමාරුව කොලොටිලොව්කා මුරපොලේදී සවස් වරුවේ සිදු කිරීමට නියමිත බව අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
යානයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ යුක්රේන මාධ්‍ය වාර්තා
කඩා වැටීමෙන් සුළු මොහොතකට පසු, යුක්රේන මාධ්‍ය ආයතනයක් වන Ukrainskaya Pravda පුවත් සේවය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ, කියෙව් හමුදාව විසින් යානය වෙඩි තබා බිම හෙළූ බවට තහවුරු කර ඇති බවත්, යානය S-300 මිසයිල රැගෙන යන බවට විශ්වාස කරන බවත් පවසා ඇති බවයි.
කෙසේ වෙතත්,එම වාර්තාව ප්‍රචාරය කිරීමෙන් සුළු මොහොතකට පසු, පුවත් සේවය වාර්තාව සංස්කරණය කරමින්, කියෙව් පාලනය විසින් ගුවන් අනතුර ගැන දැන සිටි බව තහවුරු කළ නමුත් එය යුක්‍රේන යුද හමුදා සිරකරුවන් බව තහවුරු කළ නොහැකි වූ බව පමණක් ප්‍රකාශ කළේය.
මේ අතර, රුසියාව සමඟ සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනක් ඇත්ත වශයෙන්ම ඊයේ(24) දිනට නියමිතව තිබූ බව කියෙව් ආන්ඩුවේ මූලාශ්‍ර උපුටා දක්වන එක්සත් ජනපද රාජ්‍ය අරමුදල් සපයන රේඩියෝ ලිබර්ටි වැනි අනෙකුත් බටහිර මාධ්‍ය ආයතන තහවුරු කර ඇතත්, වැඩිදුර අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලඛී ඇත.
කියෙව් හමුදාවේ බුද්ධි අංශ
යුක්රේන බුද්ධි සේවයේ නියෝජිතයෙකු වන Andrey Yusov ද සිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහන්ක් 24 වනදාට යෙදී තිබූ බව තහවුරු කළේය.
මේ අතර, යුක්‍රේන යුද සිරකරුවන් සම්බන්ධ කරුණු සඳහා වන යුක්‍රේන සම්බන්ධීකරණ මූලස්ථානය සැලසුම් කර තිබූ සිර කරුවන් හුවමාරු කරගැනීමේ වැඩසටහන තහවුරු කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් විග්‍රහ කිරීමෙන් වළකින ලෙස මාධ්‍ය සහ එහි පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි අතර, “අවශ්‍ය සියලු තොරතුරු රැස්කර විශ්ලේෂණය කරන” බව පමණක් ප්‍රකාශ කළේය. යුක්රේන සමාජය අස්ථාවර කිරීමේ අරමුණින් රුසියාව "ක්‍රියාකාරීව විශේෂ තොරතුරු මෙහෙයුම් ක්‍රියාත්මක කරන" බව ද එම ආයතනය අවධාරණය කරනු ලැබීය.
රුසියාවේ ප්‍රතිචාර
රුසියාවේ රාජ්‍ය ඩූමා ආරක්ෂක කමිටුවේ ප්‍රධානී ඇන්ඩ්‍රේ කාර්ටපොලොව් ප්‍රකාශ කළේ බටහිර රටවල නිෂ්පාදිත පේට්‍රියට් හෝ අයිරිස්-ටී ගුවන් ආරක්ෂක මිසයිල භාවිතයෙන් IL-76 වෙඩි තබා ඇති බවයි. කියෙව් සමඟ තවදුරටත් සිරකරුවන් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා නතර කිරීමට යෝජනා කර ඇති අතර යුක්රේනය නිල වශයෙන් ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙසත් එහි ආණ්ඩුව ත්‍රස්තවාදී ගුබ්බෑයක් ලෙස හංවඩු ගැසිය යුතු බව අවධාරණය කළේය.
රාජ්‍ය ඩූමා සභාපති වියචෙස්ලාව් වොලොඩින් රුසියානු නීති සම්පාදකයින්ගෙන් එක්සත් ජනපදයට හා ජර්මනියට විධිමත් ලෙස කරුණු දක්වාන ලෙස ඉල්ලා ඇති අතර, කියෙව්හි “නාසි පාලන තන්ත‍්‍රයට” සක්‍රීයව සහාය දීම නතර කරන ලෙසද ඉල්ලා ඇත.
මේ අතර, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මොස්කව් හමුදාවන්ට මඩ ගැසීමට උත්සාහ කරමින්, කියෙව් තම පුරවැසියන්ට එරෙහිව මෙම “ත්‍රස්තවාදී ක්‍රියාව” සිදු කිරීමෙන් නැවත වරක් “එහි සැබෑ ස්වරූපය” පෙන්වා ඇති බවයි.
රුසියානු විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ, මෙම “නොසැලකිලිමත් ම්ලේච්ඡ” ක්‍රියාව කියෙව් සමඟ අනාගත ගිවිසුම්වලට එළඹීමේ හැකියාව ප්‍රශ්න කරන බවත්, යුක්රේන බලධාරීන් අවසානයේ ඔවුන් ලබා දෙන ඕනෑම සහතිකයක් කඩ කරන බවට “සැකයක් නැති” බවද අවධාරණය කර ඇත.
හිටපු රුසියානු ජනාධිපති සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ වත්මන් උප සභාපති දිමිත්‍රි මෙද්වදෙව් යෝජනා කර ඇත්තේ ඓළ්-76 බිම හෙලීම “කියෙව්හි නව-නාසි ප්‍රභූන්” අතර හට ගෙන ඇති අභ්‍යන්තර දේශපාලන කැලඹීමේ ප්‍රතිඵලයක් විය හැකි බවයි. යුක්රේන ආණ්ඩුව තම බලය සහ මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ගේම හමුදා සහ යුද හමුදා භටයින් ඝාතනය කිරීම සහ තමන්ගේම නගරවලට බෝම්බ හෙලීම දිගටම කරගෙන යන බැවින් "අනාගතයේදී එය වඩාත් නරක වනු ඇත" යනුවෙන් ඔහු අවධාරණය කළේය.
-පරිවර්තනය - ජීවන්ත ජයතිස්ස
https://www.rt.com/russia/591220-russia-il76-crash-recap/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
