දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දුන් කෝටි 15කින් 12ක් පිට වැඩවලට යොදවලා
කොවිඩ් සමයේ පාසල් අධ්‍යාපනයට ඇති වූ බාධා මඟහරවා ගැනීම සඳහා වැඩසටහන් මෙහෙයවීමට ජාතික අධ්‍යාපන ආයතනයට 2020 වසරේදී ලබාදුන් රුපියල් පාළොස් කෝටියක මුදලින් කෝටි 12ක්ම එම අරමුණට පරිබාහිර කටයුතු සඳහා වෙන්කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති අලුත්ම වාර්තාවක සඳහන් වේ.
අධ්‍යාපනයේ ඇති වූ බාධා මඟහරවා ගැනීමට ගුරු ගෙදර වැනි රූපවාහිනී සහ වෙනත් වැඩසටහන් මෙහෙයවීම සඳහා මෙම මුදල් දෙනු ලැබූවේ අධ්‍යාපන අමාත්‍යංශය සහ වෙනත් සංවිධාන විසින් බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර, ජාතික අධ්‍යාපන ආයතනය 2006 වසරේ සිට 2015 දක්වා කාලයට අදාළව ගෙවිය යුතු රුපියල් හත් කෝටියකට ආසන්න හිඟ අර්ථසාධක හා අධිභාර මුදල 2020 වර්ෂය අවසාන වන විටත් නිරවුල් කර නොතිබූ බව එම වාර්තාවේ සඳහන් කර තිබේ.
නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ මාස 6 ඉක්මවූ රුපියල් කෝටියකට ආසන්න වටිනා චෙක්පත් 44ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබූ බවත් විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තා වේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්