සුදුලූණු වංචාව සිදුකල සමාගම මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් ගෙන්වලා - පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් මුදා හැරීමට පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය දීමේ සූදානමක් ඇති බවත්, මහා පරිමාණ සුදුලූණු වංචාව සිදුකල සමාගම විසින් මෙම සහල් ආනයනය කර ඇති බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ බව සඳහන් කර තිබේ.
අදාළ මාධ්‍ය නිවේදනය පහළින්...
මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් මුදා හැරීමට පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය දීමේ සූදානමක්! පාරිභෝගික ජීවිත අනතුරේ
මහා පරිමාණ සුදුලූණු වංචාව සිදුකල සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වරායෙන් මුදා ගැනීම සදහා අනුමැතිය ලබා දීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අද දින 2024/01/19 දින හදිසියේ කැදවා ඇත. මෙම මස 29 දිනට ආසන්න දිනකදී කැදවීමට නියමිතව තිබූ පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අද දින කැදවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අදාල සමාගමට එම සහල් තොගය මුදා ගැනීම සදහා සහයෝගය ලබා දීමට බව අප සංවිධානය විසින් කරන ලද සොයා බැලීමකදී තහවුරු විය.
සත්ව ආහාර සදහා ලබා දීමට මුවා වී අදාල සහල් තොග මුදා ගෙන එම සහල් වෙළදපොලේ ඇති සහල් සමග කවලම් කර අලෙවි කරන ජාවාරම්කරුවන් අදාල සිදුවීම පිටුපස සිටින බවට අප සංවිධානය සැක කරන අතර සත්ව ආහාර සදහා මීට පෙරද එලෙසම සහල් මුදාගෙන ඇති පළපුරුදු තැරැව්කරුවෙකු පාරිභෝගික කටයුතු අධිකාරියේ සාමාජිකයෙකු සමග එකතු වී මෙම ජාවාරම සිදු කරන බවට සැකයක් අප තුළ ඇති වී ඇත.
මෙරට පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති එකම ආයතනය වන පාරිභෝගික කටයුතු අධිකාරිය මෙලෙස අනීතික ආකාරයට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධය පළ කරන අතර ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව නොතකමින් කිහිපදෙනෙකුගේ බඩගෝස්තරය රැක ගැනීම සදහා කටයුතු කිරීම සම්බන්ධයේන නීතිඥයෙකුද වන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා ලැජ්ජා විය යුතුය.
දිනකට විශාල පිරිසක් පිළිකාවට ගොදුරු වී අපා දුක් විදිද්දී රාජ්‍ය ආයතනයක සේවය කරමින් ජනතාවගේ මුදලින් නඩත්තුවන පාරිභෝගික කටයුතු අධිකාරියේ සාමාජිකයින්හට අපට පැවැසීමට ඇත්තේ මෙවැනි ක්‍රියාවලට අනුමැතිය ලබා දෙන්නේ නම් පසුව කණගාටුවීමට සිදුවන බවය.
සත්ව ආහාර සදහා සහල් ලබා දීම තහනම් කරමින් ගැසට්පත්‍රයක් ද නිකුත් කර ඇති අවස්ථාවක හා කිසිම හේතුවක් මත සහල් වෙනත් කාර්යයන් සදහා යොදා ගැනීම නොකල යුතු බවට වෙළද අමාත්‍යාංශය විසින් ලිඛිතව දන්වා සිටියදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම සහල් තොගය මුදා ගැනීම සදහා අවසරය ලබා දීමට කටයුතු කරන්නේ නම් එම ගණුදෙනුව පිළිබදව සාධාරණ සැකයක් ඇතිවීම වැලැක්විය නොහැක.
අප සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් වෙළදපොලතුළට මුදා හැරීම සදහා කිසිසේත්ම අවසරය ලබා නොදෙන ලෙසය. එසේ මුදාහල සහල් මීට ඉහතදී වෙනත් සහල් සමග කවලම් කල අලෙවි කිරීමේ ජාවාරම් පසුගිය කාලය පුරා ක්‍රියාත්මක වූ අවස්ථා පිළිබදව අප රජයේ අවධානය යොමු කරමු.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්