යුක්තිය මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් පමණක් ද? - ඇමැති ටිරාන් අලස් උත්තර බඳී... අගරදගුරුතුමාටත් ප්‍රතිචාර
මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සියළුම දෙපාර්තමේන්තු තුළින් පසුගිය වසර තුළ සිදුවූ කාර්යභාරය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ මහජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදීම සඳහා සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය හමුවක් බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා.
“මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලිස් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම හේතුවෙන් පසුගිය මාසය තුළ සිදුවී ඇති සමස්ථ අපරාධ ප්‍රමාණය 17%කින් අඩුවී තිබෙනවා.
” යුක්තිය මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් පමණ ද? ” යන්න පිළිබඳ මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා,
ප්‍රධාන, පිළිගත් මාධ්‍ය කිසිවකින් මෙතෙක් එවැනි චෝදනාවක් එල්ල වී නැහැ. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ පාතාල මුදල් මත යැපෙන අතලොස්සක් පිරිස් එවැනි චෝදනා එල්ල කරනවා.
නමුත් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත සහ මාධ්‍යවේදීන් වෙත වාර්තා වන සිදුවීම් විශ්ලේෂණය කරන විට ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම මෙහෙයුම ආරම්භ කරන තුරු විෂය භාර අමාත්‍යවරයා ලෙස මටද ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබී නොතිබුණත් දිවයින පුරා ගම් නගර භේදයකින් තොරව සාමාන්‍ය ජනතාවගෙන් මා වෙත ලැබෙන දුරකථන ඇමතුම් තුළින් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් ජනතාව කොපමණ පීඩාවකින් පසු වූවාද යන්න පිළිබඳ අවබෝධ කරගත හැකියි.
කිසිදු අවස්ථාවක පෞද්ගලික ගැටලු මත අප වැටලීම් සිදු කරන්නේ නැහැ. පසුගියදා වැලිගම ප්‍රදේශයේ සිදුවූ සිදුවීම සම්බන්ධව හෝටලයක හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුත් සමඟ කාර්යාලයට පැමිණ මා මුණ ගැසී මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලීමක් කළා. මා ඔහුට අවවාද කළේ තමන්ගේ ස්ථානයේදී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා ඉඩ ලබා නොදෙන ලෙසයි. නැවත වරක් එම ස්ථානය පරීක්ෂා කරන විට මත්ද්‍රව්‍ය තිබී හමුවොත් එහි හිමිකරුද අත්අඩංගුවට ගැනීමට සිදුවන බව මම ප්‍රකාශ කළා. කිසිවෙකුත් සමග මාගේ පෞද්ගලික අමනාපයක් නැහැ.නමුත් වැරදිකරුවන් සමඟ හිඳ හසු වුවහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවනවා. අදාළ සිදුවීම සිදුවනතුරු එහි හිමිකරු කවුරුන්ද යන්න පිළිබඳව හෝ මා දැන සිටියේ නැහැ. හිමිකරු කවුද යන්න මා දැනුවත් වූයේ සිදුවීමට පසු දින යම් යම් පුද්ගලයින් මා හට දුරකථන ඇමතුම් ලබාදෙන අවස්ථාවේදී.
අප කිසිදු අවස්ථාවක පදනමක් නොමැති චෝදනා පිළිබඳ කරදර වන්නේ නැහැ. මේ මෙහෙයුම තුළින් ජාවාරමේ නිරත දැවැන්තයින් තරාතිරමක් නොමැතිව අත්අඩංගුවට ගැනීම අපගේ අරමුණයි. කොතරම් එවැනි අසත්‍ය ප්‍රචාර සිදු කලත් ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේද නැහැ. ඉතාමත් අතලොස්සක් වූ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින්, නීතිඥ වැනි පිරිසක් මෙවැනි කටයුතුවල නිරත වනවා.
මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන 90%ක් පමණ අවසන් බව මා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව අගරද ගුරුතුමාත් ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ පිළිබඳ යම් විවේචනයක් ඉදිරිපත් කරනු ලැබුවා. මෙම අමාත්‍ය ධූරය භාරගත් අවස්ථාවේ සිට මා ප්‍රකාශ කරන්නේ මේ වන විට පොලිසිය පාර්ශවයෙන් විමර්ශන 90%ක් පමණ අවසන් බවයි. නමුත් සිදුකළ විමර්ශනවල අප නොදකින දේ තිබිය හැකියි. උන්වහන්සේ ඇතුළු පිරිස් සතුව එවැනි තොරතුරු තිබිය හැකියි. එම නිසා අගරදගුරුතුමාටත් කතෝලික සභාවටත් මා ආරාධනා කළා අප සමග සිදුකළ විමර්ශන පිළිබඳ නිරීක්ෂණය කර නිරත වන ලෙසත් ඉන් අනතුරුව එහි කිසියම් අඩුපාඩුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර උන්වහන්සේලා සතුව තවත් තොරතුරු තිබේ නම් ඒ පිළිබඳව එක්ව විමර්ශන සිදුකර මෙය විසඳීමට සහාය වන ලෙස.
විශේෂයෙන්ම සියලු බොරැල්ල ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ලේඛන මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවට අගරදගුරුතුමා දැනුවත් නොමැති බව මා විශ්වාස කරනවා. ඊට අමතර යම්කිසි තොරතුරක් උන්වහන්සේ සතුව තිබෙනවා නම් ඒ පිළිබඳවද විමර්ශනයක් සිදු කිරීම සඳහා අදාළ තොරතුරු ලබා දෙන ලෙස අප ඉල්ලීමක් කරනවා.
වසර දෙකක් යනතුරු ලබා නොදුන් බව කියූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව කතෝලික සභාව වෙතට මා විසින්ම භාරදෙනු ලැබුවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස මා විසින් ලිඛිතවද ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඒ පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් තවදුරටත් ඒ පිළිබඳව පවතින තොරතුරු ලබාදී ඉතිරි කටයුතු කිරීමට දායක වන ලෙස මා ඉල්ලීමක් සිදු කරනවා. සැබවින්ම එහි සත්‍යය හෙළි කර ගත යුතු නම් සිදු කළ යුත්තේ එයයි. කෙසේ නමුත් මෙම සිදුවීම පිළිබඳව සමස්ත තොරතුරු විශ්ලේෂණය කිරීමේදී එවකට පොලිසියේ ඇතැම් පිරිස් නිවැරදි ලෙස කටයුතු කර තිබුණා නම් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමේ හැකියාවක් තිබුණා. එය පොලිසියේ අතපසුවීමක් බව පිළිගත යුතුයි.
මේ වන විට විදේශ ගමන් බලපත්‍ර ලබාගත හැකි ස්ථාන 51ක් දිවයින පුරා විවෘත කර තිබෙනවා. ඉදිරි මාස හය තුළ එම ස්ථාන ප්‍රමාණය 335ක් දක්වා වර්ධනය කිරීම අපේ අරමුණයි. දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරෙන හැදුනුම්පත් ලබාදීමේ ක්‍රියාවලිය හා සමානව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාවද පුළුල් කිරීමට අප බලාපොරොත්තු වනවා.”
මාධ්‍ය ඒකකය
මහජන ආරක්ෂක අමාත්‍යංශ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..