News Category
From Date
To Date
Maximum Number of Result

"සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම" පනත් කෙටුම්පත සම්මත වුණොත් "යුද්ධයට අණ දුන් හමුදා ප්‍රධානීන් යුද අපරාධකරුවන් කිරීමේ ජිනීවා යාන්ත්‍රණය" සම්පූර්ණ වෙනවා - විමල් අනතුරු අඟවයි!

Jan 18, 2024 at 07:52 AM
|

2015 ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි 30/1 යෝජනාව අනුව යමින්, 2015 සිට මේ වන විට බෙදුම්වාදී ත්‍රස්තවාදය පැරදවීමේ යුද්ධයට අණ දුන් - නියෝග දුන් හමුදා ප්‍රධානීන් යුද අපරාධකරුවන් කිරීමේ යාන්ත්‍රණය සම්පූර්ණ කිරීමට නීතිමය රාමු හතක්  එනම් පනත් හතක් සකස් කර අවසන් බවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනවාරි පළමුවැනිදා ගැසට් කරනු ලැබූ "ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව' පනත් කෙටුම්පත සම්මත වුවහොත්  අදාළ යාන්ත්‍රණය සර්ව සම්පූර්ණ වන බවටත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනතුරු අඟවයි.

ආර්ථික අර්බුදය හමුවේ වුවද බෝම්බ නොපිපිරෙන රටක අප ජීවත් වෙන්නේ ඉහත කී ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ කැපකිරීම මත බව විශ්වාස කරන කවරෙකුට වුව ඊනියා සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට ඉඩදී නිහඬව සිටිය නොහැකි බව ද ඒ මහතා අවධාරණය කරයි.

අද(17) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී වීරවංශ මහතා මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

'ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව' 

"අප සියලුදෙනාම ආර්ථික අර්බුදයක ගොදුරු බවට පත්ව තිබෙන වෙලාවක, 'රනිල් වික්‍රමසිංහ - බැසිල් රාජපක්ෂ පාලනය' බලනවා සාමාන්‍ය තත්ත්වයකදී ඉටුකර ගත නොහැකි පහත්, දීන, නිහීන ක්‍රියාවන් සියල්ල ඉටුකර ගැනීමට. ඒ අනුව සිදු කරන එක් ක්‍රියාවක් ලෙස තමයි 'ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව' කියන පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කරගැනීමට හදන්නේ. එම පනත් කෙටුම්පත මනාව අධ්‍යයනය කළාම පෙනෙනවා, එය තවත් පනත් කීපයක් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් බැඳී තිබෙන බව. 'ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීම පිළිබඳ පනත, 2018 අංක 24 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීම(සංශෝධන) පනත, 2018 අංක 05 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම, පරිපාලනය කිරීම හා කර්තව්‍ය ඉටු කිරීම පනත,  2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්‍ෂා කිරීමේ පනත යන ඒවා එසේ ඉහත පනත් කෙටුම්පත හා අන්‍යෝන්‍ය වශයෙන් බැඳී තිබෙනවා.

'30/1 යෝජනාව දෙසට හැරෙමු!'

මේ පනත් කෙටුම්පත සහ ඒහා බැඳුණු ඉහත කී පනත්වලින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද? අපි දන්නවා, 2015 දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙනවිත් තිබුණු ශ්‍රී ලංකාවට එරෙහි 30/1 යෝජනාවට එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පක්ෂපාතීත්වය දක්වනු ලැබුවා. එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාගේම හෝ අගමැති රනිල් වික්‍රමසිංහගේ අනුමැතියට යටත්ව තමයි මංගල සමරවීර එසේ පක්ෂපාතීත්වය දැක්වූයේ. එම යෝජනාවට එරෙහිව අපේ මිත්‍ර රටවල් රැසක් ඡන්දය දීමට සිටියදී තමයි එදා මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කිව්වේ, 'අපි මේ යෝජනාව පිළිගන්නවා, ඒකට අපි එකඟයි' කියා. එම යෝජනාවේ තිබුණා, අපේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීම පිළිබඳව. නමුත් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම අපේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදුකළ නොහැකි නිසා තමයි පසුව එම උවමනාව ඉටු කර ගැනීමට අදාළව මේ ඉහත කී පනත් පිළිවෙළින් පැමිණෙන්නේ.

බොරු සාක්ෂි ෆැක්ටරියක්!

දැන් බලන්න, 'අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත' 2016 දී ආවා. එමගින් බලාපොරොත්තු වන්නේ 'සාක්‍ෂි ආඥා පනත අදාළ නොවන ලෙස' ඊනියා අතුරුදහන් වීම් පිළිබඳව ආරක්ෂක හමුදාවලට එරෙහිව චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ දේශීය යාන්ත්‍රණය සකස් කිරීමයි. සාක්ෂි ආඥා පනත අදාළ නොවන ලෙස මෙවැනි යාන්ත්‍රණයක් සකසනු ලැබුවාම බොරු සාක්ෂි නිෂ්පාදනය කිරීමේ ෆැක්ටරියක් නිර්මාණය වූවා. 2017 දී පිටුවහල් කිරීමේ(සංශෝධන) පනත ආවා. එම පනත මගින් තමයි යුධ අපරාධ චෝදනාවලට ලක්වන ආරක්ෂක හමුදා නිලධාරීන් වෙනත් රටක ඉල්ලීම පරිදි පිටුවහල් කිරීමට අවශ්‍ය නීතිමය පදනම හදාගන්නේ. ඒ වගේම 'වන්දි ගෙවීම පිළිබඳ කාර්යාලය පිහිටුවීම පනත' ආවා 2018 දී. ඒ මඟින් යුධ අපරාධවලට ගොදුරු වූ බවට සැලකෙන අතුරුදහන්වූවන්ට සහ සෙසු වින්දිතයන්ට සහන ලබාදීමට අදාළ නීතිමය ප්‍රතිපාදන සැලසුවා.

දේශීය යුද අපරාධ මහාධිකරණයක්!

ඒ වගේම 2018 දී ආවා 'බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත'. එමඟින් අතුරුදහන් කිරීම්වලින් වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ අන්තර්ගත ප්‍රතිපාදන දේශීය නීතියට ඇතුළත් කරනු ලැබුවා. ඊට අමතරව එකී '2018 අංක 05 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත' මගින් දේශීය යුද අපරාධ මහාධිකරණයක් ද පිහිටුවීමට හැකියාව ලැබුණා. මේ ගැන කවුරුත් විශාල අවධානයක් යොමු නොකළත් එම නීතිය අනුව ඕනෑම මොහොතක දේශීය යුධ අපරාධ මහාධිකරණයක් පිහිටුවිය හැකියි. ඒ වගේම 'අපරාධ කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතා පනත' 2018 දී ආවා. මෙම නීතිය මගින් යුද අපරාධ චෝදනාවලට ලක් වූ ආරක්ෂක හමුදා නිලධාරීන්ට අදාළ චෝදනා සහ සාක්ෂි, විදේශ රටවල අභිචෝදකයන්ට ලබාදීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට බැඳීමක් ඇති කළා. ඒ වගේම එමගින් එසේ විදේශ රටවලදී නඩු ඇසීමෙන් වරදකරුවන් වන අපේ රටේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට නියම කරනු ලැබූ දඬුවම් ලබාදීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට බැඳීමක් ඇතිවෙනවා.

'30/1' තවදුරටත් ශක්තිමත් කළ හැටි

මෙම රණවිරුවන් පාවාදීමේ මෙහෙයුම යහපාලන ආණ්ඩුව එසේ පෙරට ගෙන ආවා. ඉන්පසුව එම මෙහෙයුම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අඩපණව ගියත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට පැමිණි පසු යළි සක්‍රියව තිබෙනවා. 'වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සහ සහාය ලබාදීමේ පනත' ගෙන ආවේ පසුගිය වසරේදීයි. එම පනත මගින් 2015 දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි 30/1 යෝජනාව තවදුරටත් ශක්තිමත් කරනු ලැබුවා. මෙමගින් අධිකරණයේදී හෝ අනාගතයේදී පිහිටුවනු ලබන 'සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම' වැනි කොමිසමකදී සාක්ෂි ලබාදෙන අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට සහ වද බන්ධනයට ලක් වූවා යැයි පිළිගන්නා පුද්ගලයන්ට විශේෂිත ආරක්‍ෂාවක් ලැබෙන අතර අදාළ සාක්ෂි ශ්‍රව්‍ය - දෘශ්‍ය ඉලෙක්ට්‍රොනික මාධ්‍ය මගින් ලබාදීමට නිත්‍යනුකූලව ඉඩ සලසා දී තිබෙනවා. ඒ අනුව විදෙස්ගත පුද්ගලයන්ට හරස් ප්‍රශ්න ඇසීමකට ලක් නොවී ගොතන ලද සාක්ෂි ඉදිරිපත් කරමින් ආරක්ෂක හමුදා නිලධාරීන්ට චෝදනා එල්ල කිරීමට අවස්ථාව ලැබෙනවා.

සම්පූර්ණ පින්තූරය බලමු!

සම්පූර්ණ පින්තූරය පෙනෙන්නේ මේ පනත් සියල්ල එකවර කියවා ගත්තාමයි. දැන් මේ 'ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව' කියන පනත් කෙටුම්පත ගැසට් කරනු ලබන්නේ ඉහත කී සියලු නීතිමය රාමු සකස් කර ගනු ලැබීමෙන් අනතුරුවයි. මේ පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කරගනු ලැබීමෙන් පසුව, ඉහත කී පනත් හතම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අදාළ උපදෙස් ලබාදීම, සහාය ලබාදීම හා එකඟතාව ලබාදීම ආදී වශයෙන් සමස්තය හැසිරවීම සඳහා වන ව්‍යුහය පිහිටුවීම සිදු වෙනවා.

යුද්ධයට අණ දීපු - නියෝග දීපු නිලධාරීන්ට වෙන දේ

අපි දන්නවා, දැනටමත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ චෝදනාවලට ලක්වන ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ සිටින සහ සිටිය හමුදා නිලධාරීන් ගණනාවකගේ නාමලේඛනයක් ප්‍රකාශයට පත් කරල තිබෙනවා. එම නාමලේඛනයට අදාළව බොරු චෝදනා ගොනු කරන්න, බොරු සාක්ෂි ඉදිරිපත් කරන්න මේ ක්‍රියාවලියට අනුව පුළුවන්. මේ පනත මගින් ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් බලගන්වනවා. මේ අනුව බෙදුම්වාදී ත්‍රස්තවාදය පැරදවීමේ යුද්ධයට අණ දීපු, නියෝග දීපු සරත් ෆොන්සේකා හැර(ඉහත කී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නාමලේඛනයේ ඔහුගේ නම නැහැ) සෙසු හමුදා ප්‍රධානීන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ප්‍රධානීන් බොහොමයකට නඩු පැවරීමට පුළුවන්; බොරු සාක්ෂි ගොතන්න පුළුවන්; ඉහත කී දේශීය යුද අපරාධ මහාධිකරණයෙන් නඩු අසා දඬුවම් කිරීමට පුළුවන්. එපමණක් නොවෙයි, වෙනත් රටක අධිකරණයක ඒ අයට විරුද්ධව තීන්දුවක් ලබා දුන්නොත් ඒ තීන්දුව ලංකාව ඇතුළේ ක්‍රියාත්මක කිරීමටත් මේ අනුව ශ්‍රී ලංකා රජය බැඳී ඉන්නවා.

අවසන් පනත් කෙටුම්පත...

අපි අද බඩගින්නට, සාගතයට, ජීවත්වීම පිළිබඳ ගැටලුවකට මුහුණ දී සිටින ජනතාවගෙන් පිරුණු රටක්. ඒ අර්බුදය මැද්දේ වුවත් අපි මහ පාරේ බෝම්බ පිපිරෙන්නේ නැති රටක ජීවත් වෙනවා. ඒ ජීවිතය අපට ලබා දුන්නේ මේ රටේ ආරක්ෂක හමුදා නිලධාරීන් බව අපට අමතක කරන්න බැහැ. අද ආබාධිත රණවිරුවෙකු මියගියාට පසු ඔහුගේ විශ්‍රාම වැටුප බිරිඳට ලැබෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ඒ නීතිය වෙනස් කරලා. රණවිරුවන්ට එහෙම කාලකන්නි විදිහට සලකන ආණ්ඩුවක් මේ පනත් සියල්ල සම්මත කරලා කරන්නේ රණවිරුවන් යුද අපරාධකරුවන් කරන එකයි. දැන් අවසානයේදී මේ ඊනියා සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධානය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කරපු ගමන් ඉහත කී දේශීය යුද අපරාධ මහාධිකරණයට පණ එනවා; බොරු සාක්ෂි සියල්ල වලංගු සාක්ෂි බවට පත් වෙනවා;  බොරු සාක්ෂිවලට විරුද්ධව සාක්ෂි ආඥා පනත ක්‍රියාත්මක කරන්නත් බැරි වෙනවා. මේ ක්‍රියාවලියට විරුද්ධව රිට් ආඥාවක් ලබා ගැනීමේ ඉඩකඩ ද ඇහිරෙනවා.

උතුරේ ඡන්ද කුට්ටිය බලාගෙන කරන කැත වැඩේ!

රනිල් වික්‍රමසිංහ මේ විදියට දෙමළ ඩයස්‌පෝරාව සතුටු කරලා, මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදය ඉවර කරපු හමුදා ප්‍රධානීන් බිල්ලට දීලා කොතැනටද යන්න හදන්නේ? පසුගියදා උතුරට ගිහිල්ලා ඔහු පැවසුවේ කුමක්ද? '13 වැනි සංශෝධනය ඔයාලා පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්න. මම ඒවාට ඇඟිලි ගහන්නේ නැහැ' කියලයි. ඒ කියන්නෙ, 'උතුරට පොලිස් ප්‍රඥප්ති, ඉඩම් ප්‍රඥප්ති, පරිසර ප්‍රඥප්ති හදාගන්න. මම ඒවාට ඇඟිලි ගහන්නේ නැහැ. මගේ ආණ්ඩුකාරයා ඒ සියල්ලට අනුමැතිය දෙනවා.' කියලයි. ඊළඟ ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්ද ටිකට ඉව අල්ලන වික්‍රමසිංහ බලන්නේ රටේ අනාගතය සම්පූර්ණයෙන් පාවලා දීලා, ඒ 'ඡන්ද කුට්ටිය' කඩාගන්නයි.

ඊනියා අරගලයේදී ආරක්ෂක හමුදාවලට  ගැරහුවේ, ඔවුන් පිළිබඳ ගෞරවය නැති කරලා මේ විනාශය සිදු කරන්න තමයි. දැන් බලන්න, ප්‍රතිත්‍රස්ත පනත ගෙන එනවා; සමාජ මාධ්‍ය පාලනයට තවත් පනතක් ගෙන එනවා. මේ සියල්ලෙන් සිදු කරන්නේ මාධ්‍ය නිදහස උදුරා ගැනීම, සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම. නමුත් අද බටහිර රටවල 'මානව හිමිකම් පුටුව' රත් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපට සාමකාමී රටක් නිර්මාණය කරලා දීපු ආරක්ෂක හමුදා ප්‍රධානීන් බිල්ලට දීලා නිහඬව සිටියොත් අපි මිනිස්සු වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි අකෘතඥ ජාතියක් ලෙස ඉතිහාසය තුළ ලියැවෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා මේ පාවාදීමට එරෙහිව පෙරට එන්න කියා ලක්වැසි සියලු ජනයාගෙන් අපි ඉල්ලා සිටිනවා"

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චන්දන ලියනගේ, කඩුවෙල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී යූ. ධනවංශ යන මහත්වරු ද එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.