සෑම වාහනයක්ම මාස තුනකට වරක් යෝග්යතා සහතික ගැනීම අනිවාර්ය කරමින් අලුත් නීති..
මෙරට මාර්ග ආරක්ෂාව විධිමත් කිරීමේ සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින්, සෑම කිලෝමීටර් 5,000කට වරක් හෝ ආසන්න වශයෙන් මාස තුනක කාලසීමාවකට වරක් වාහන සඳහා ‘ධාවන යෝග්යතා සහතිකයක්’ ලබා ගැනීම අනිවාර්ය කෙරෙන නව ක්රමවේදයක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, විශ්රාමික එයාර් මාර්ෂල් තුෂාර ප්රනාන්දු මහතා සඳහන් කළේ, අදාළ යෝජනාව මේ වන විට මූලික සාකච්ඡා මට්ටමේ පවතින බවත්, එහි නෛතික පසුබිම සකස් කිරීම සඳහා නීති අංශය වෙත යොමු කර ඇති බවත්ය. සියලු කටයුතු සම්පාදනය වීමෙන් අනතුරුව ලබන වසර මුලදී මෙම නව නීතිය බලාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම කියා සිටියේය.
දැනට වාර්ෂික ආදායම් බලපත්ර ලබා ගැනීමේදී ක්රියාත්මක වන වාහන දුම් සහතිකයට අමතරව මෙම ධාවන යෝග්යතා පරීක්ෂාව අනිවාර්ය අංගයක් ලෙස එක් කිරීමට නියමිතය. මෙම තාක්ෂණික පරීක්ෂාවන් සිදු කිරීම සඳහා සුදුසුකම්ලත් මෝටර් රථ අලුත්වැඩියා මධ්යස්ථාන වෙතින් මේ වන විටත් අයදුම්පත් කැඳවා ඇති අතර, නියමිත ප්රමිතීන්ට අනුකූල මධ්යස්ථාන ඒ සඳහා නිල වශයෙන් බලයලත් ආයතන ලෙස නම් කිරීමට පියවර ගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය.
විෂයභාර අමාත්යවරයාගේ උපදේශකවරුන් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ක්රියාවට නැංවීම සඳහා අවශ්ය පරිපාලනමය සහ නීතිමය ක්රියාමාර්ග මේ වන විට අදාළ බලධාරීන් විසින් කඩිනම් කර ඇත.
පසුගියදා අකුරණ ප්රදේශයේදී සිදු වූ බරපතළ මාරක බස් රථ අනතුර ඇතුළු මෑතකාලීනව වාර්තා වූ රිය අනතුරු රැසකට වාහනවල පවතින කාර්මික දෝෂ හා ධාවන නුසුදුසුකම් ප්රධාන හේතුවක් වී ඇති බවට අනාවරණය විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin
ඥාණසාර හිමි වෙනුවෙන් සත්යග්රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..