News Category
From Date
To Date
Maximum Number of Result

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක් ඕනේද?...- නාමල් අසයි

Oct 20, 2026 at 04:03 PM
|

'සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක් ඕනේද? ඒක අල්ලන්න පුළුවන්නේ.  ​තනිකර මේ මර්ධනයක් කරන්නේ' යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය 

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාකපක්ෂ මහතා.

"​දැන් මේ පරිසර අමාත්‍යාංශය කරපු ඒවා ගැන කතා කරනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කාවන්තිස්ස ඇතාට වෙඩි තියපු එක. මාසයක් හමාරක් යනකන් ඒ පිළිබඳ අවධානය යොමු නොවෙච්ච එක.  

අපි දන්නවා අලි මංකඩවල් සුද්ධ කරන්න ඕනේ. හැම ආණ්ඩුවක්ම කාලානුරූපව ඒක කරගෙන එනවා. හැබැයි කවුද තුවක්කු දුන්නේ? ඔබතුමාලාගේ අමාත්‍යවරයා තුවක්කු දීලා එන සත්තුන්ට වෙඩි තියන්න කියලා පාර්ලිමේන්තුව ඇතුළේ කියලා අර ජනාධිපතිතුමා කිව්වා වගේ සමහරවිට මෙයා පාර්ලිමේන්තුවේදී කියන්නෙ බොරු කියලා ජනාධිපතිතුමා කිව්ව එක තේරුම් ගත්තාද දන්නේ නැහැ තහඩුවක් ගියොත් ලක්ෂ දහයක් දෙනවා කිව්වා වගේ දිට්වා වෙලාවේ.  

​හැබැයි ඉතින් ඇමතිවරයා උපදෙස් දීලා තමන්ගේ හේනට පැලට ගෙදරට සතෙක් ආවොත් වෙඩි තියන්න කියලා ඒකට තුවක්කුත් දීලා දැන් එනවා මෙතන මේ ඒක කොහොමද වුණේ කියලා කියන්න, මොනවද කරේ කියලා කියන්න.  

​ඒ හින්දා ගරු නියෝජ්‍ය කථානායකතුමනි මෙතැන පැහැදිලිවම මේ තුවක්කු දීම තුළ වෙඩි තැබීමක් වෙලා තියෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි ඉතින් අද ඔබතුමාලා මේ සංවිධානාත්මක අපරාධ නවත්වන්න පනත් ගැන කතා කරනවා. හැම හන්දියක් ගානේම වෙඩි තියලා යනවා, එක පිට එක මරලා දානවා.  

​ඉතින් අහවල් සත්තුන්ටත් වෙඩි තියන්න එක අහන්න දෙයක්ද? 

ඔව්, විනාශ වෙනවා තමයි ඔයාලට කියනකොට මොකද කවුද තියන්නේ කියලා ඔයාලා දන්නවනේ. නැද්ද මන්ත්‍රීතුමා? තියෙන කට්ටිය කවුද, තුවක්කු දුන්නේ අය කවුද, ඒ අයව රකින්නේ කවුද කියලා දන්නවා. ඒවා වෙලාවට එළියට එයි. ඒවා ඔව් ඔව් කික් කික් කික් ගගා ඉන්න. වෙලාවට එනකොට තමයි කට්ටියට දුවන්න පාරවල් හොයාගන්න බැරි වෙන්නේ කර නියෝජ්‍ය කථානායකතුමනි.  

​අද කාවන්තිස්ස ඇතාට වෙච්ච අසාධාරණය හෙට අනිත් සත්තුන්ට වෙන්න ඉඩ තියන්න එපා. දැන් ඔබතුමාලා තාක්ෂණය ගැන කතා කරනවා, ආ දැන් පහුගිය කාලේ අග්බෝ ඇතා නැති වෙලා කියලා හොයන්න ගියා හතර වටේ, දැන් තාක්ෂණය පාවිච්චි කරන්න. තාක්ෂණය පාවිච්චි කරලා මොනිටරින් සිස්ටම් එකක් දාන්නේ නැතුව මොනවද කරන්නේ ඒකට මුදල් වෙන් කරන්න.  

​ආයේ මෙතනට ඇවිල්ලා මේ අර ඉතිහාසය ඔය සුරංගනා කතා අපි අහලා තියෙනවනේ, දැන් ආර්ථිකය ගැන කියපු සුරංගනා කතා. අද වෙනකොට අද වෙනකොට උද්ධමනය 8%යි මේ මාසේ. ආහාර වල වියදම 8%යි, උද්ධමනය 8%යි. අසීමිත බදු ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරන්නේ, ජනතාවට දරාගන්න බැහැ.  

​අනිත් පැත්තෙන් මොකක්ද? විරැකියාව වැඩි වෙනවා, කර්මාන්තශාලා වැහෙනවා. දැන්  බලයට ආපු ගමන් එක සමාගමක් එළව ගත්තා, ඉන්දියානු සමාගමක්. ඔන්න දැන් තවත් චීන සමාගමකුත් ගිහිල්ලා.  

​ආ හොඳ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා කියන්න හොඳයි එයා ගියපු හින්දා මෙයත් යැව්වා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔබතුමාලාගේ න්‍යායපත්‍රය මොකක්ද? ඔබතුමාලා එක පැත්තකින් මේ රටේ ආයෝජකයෝ ගේනවා, ආයෝජකයෝ ප්‍රවර්ධනය කරනවා කියනවා, අනිත් පැත්තෙන් ඉන්න ආයෝජකයෝ හැරිලා යනවා.  

​හැරිලා යනවා විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, හැරිලා යන ආයෝජකයා වන්දිත් ගන්නවා. ලැජ්ජයි, ඔව්, ලැජ්ජයි, වන්දිත් ගන්නවා. හැබැයි එවැනි ප්‍රතිපත්තියක් තුළ මේ රටේ ජනතාව පිට තවදුරටත් පීඩනය දාන්න එපා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, තවදුරටත් පීඩනය දාන්න එපා. 

​අපි දැන් ඔබතුමන්ලා ඇවිල්ලා බලයට ඇවිල්ලා දැන් අවුරුදු දෙකයි. එක පැත්තකින් විරැකියාව ප්‍රශ්නේ තාම උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නේ. තවත් පැත්තකින් ගමේ තරුණයාගේ ගැටළුව. තවත් පැත්තකින් කෘෂිකර්මාන්තය, ගොවියා අසරණ වෙලා, පොහොර ටික නැහැ, මිල නැහැ.  

​මේ කාරණාවට ඔබතුමන්ලා මැදිහත් වෙන්නේ කොහොමද?

දිට්වා වන්දි එනකොට ඒකෙන් සියයට පොඩි ප්‍රමාණයයි වියදම් වෙන්නේ. ඉතුරු ටික හැරිලා යනවා, කරගන්න බැරි වෙලා. කරගන්න බැරි වෙලාද ඔබතුමාලාට කරන්න උමනාවක් නැද්ද කියන ප්‍රශ්නේ අහන්න වෙනවා.  

​දැන් මේ මහා ලොකු නීතියක් ගැන කතා කරනවනේ, ඉතින් ඔබතුමාලා නීතිය ක්‍රියාත්මක කිරීම ගැන අපි දන්නවා, කොහොමද වෙන්නේ කියලත් අපි දන්නවා, පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලත් අපි දන්නවා. ඇඟ බේරගන්න එක එක්කෙනාට මේක බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා. මොකද ඔබතුමන්ලාගේ න්‍යායපත්‍රය අපි දන්නවා.  

ගරු කථානායකතුමනි, දැන් ඔබතුමාලාව මහා ලොකු කයිවාරු ගහනවා නම් අර ගල් අඟුරු නැව් 19ක් බාල වුණානේ, දෙකක් ගිල්ලනේ, ගිල්ලේ කවුද කියලා කියන්නකෝ? දැන් ජනාධිපතිතුමා කිව්වනේ කාල බැලුවේ නැහැ කියලා බලනකොට ගිල්ලලානේ. ආයේ ගිලපු එකක් කාල බලන විදියක් නැහැනේ, බඩටම ගිහිල්ලානේ. උගුරෙන්ම ගිහිල්ලා.  

​ගල්අඟුරු නැව් දෙකේ ගිල්ලේ කවුද? දැන් ඒකේ පාඩුව විඳින්නේ කවුද? ජනතාව.

 විදුලිය කැපෙනකොට විදුලි බිල් වැඩි කරනකොට කවුද ඒ ගෙවන්නේ? රටේ ජනතාව. ඉතින් ඔබතුමන්ලා ඒක අනිත් පැත්තට රටේ ජනතාව පිට දානවා, විදුලියත් කපනවා.  

​දැන් බලයට එනකොට කියපු කතා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, බලයට ආවට පස්සේ ඒවා නැහැ, මොකද ඒවා ඔබතුමන්ලාට දැන් මතක නැහැ. ඔබට ඒක මතක නැහැ. ඒ හින්දා පැහැදිලිව අපි කියන්නේ මේ රටේ අද මේ රටේ ගමේ ඉන්න ජනතාවට ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. විරැකියා ප්‍රශ්නයක් තියෙනවා. ජීවන වියදම ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඔබතුමන්ලාට විහිළුවක් වෙන්න පුළුවන්. ඔබතුමන්ලාගේ දේශපාලන න්‍යාය ඇතුළේ පුරුදු උද්ඝෝෂණය කරලා විතරයි. ඉතින් ඔබතුමන්ලා අදත් කරන්නේ උද්ඝෝෂණය කරන එක විතරයි.  

​ඔබතුමන්ලාට හිතවත් නිලධාරීන් දාගත්තා, ඒ අයටම මේ ආයතන දුවන්න පුරුද්දක් නැහැ, දැනුමක් නැහැ, මොකද විපක්ෂ ඉන්න කාලේ ඉඳන් ඔබතුමන්ලා වෙනුවෙන් නෙමෙයි ආයතන කඩාකප්පල් කරපු එක විතරයි. ප්ලග් එක ගහනවා වෙනුවට ප්ලග් ගලවපු එක කරේ, ප්ලග් ගලවපු අයම තනතුරු වල වාඩි කරාම විදුලිය කැපෙනවා තමයි. කලින් කැප්පෙව්වා, දැන් කපනවා, ඇයි වැඩේ කරගන්න තේරෙන්නේ නැහැ. 

ඒ හින්දා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පැහැදිලිවම අපි ඔබතුමන්ලාට කියන්නේ අද වර්තමානයේ මේ රටේ දැවැන්ත පීඩනයක ග්‍රාමීය ජනතාව ජීවත් වෙන්නේ කියන එකත් මතක තබා ගන්න ඕනේ.  

​ඒ වගේම තමයි මේ පහුගිය කාලසීමාව තුළ මේ එක්නැලිගොඩ නඩු තීන්දුව, එක්නැලිගොඩ නඩුව සම්බන්ධයෙන් 2019 නඩුවේ, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් මොකක්ද කියන්නේ? ඒ කාලේ පැහැදිලිවම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගුවන් යානයක යනකොට කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු එක්ක, කැබිනට් අමාත්‍යවරුන් එක්ක හෝ ඝාතනය කරන්න සැලැස්මක් තිබ්බා කියලා කියනවා. ඒක ඒක කියනකොට ඉතින් ඔයාලට හිනා, මොකද ඔයාලට ටියුන්. ඒක වුණා නම් ඒක වෙනකන්නේ බලන් හිටියේ, ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒක වෙනකන් බලන් ඉඳලා තියෙන්නේ.  

​ඒකට විරුද්ධව යම් ප්‍රකාශයක් කරපු හඬක් නගපු  ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව දුන්නම, ආ දැන් ජනාධිපති සමාව දීම පිළිබඳව ඔබතුමන්ලා නිර්වචනය කරනවා. කලින් ජනාධිපතිවලට වරද්දලා දීලා තියෙනවා නම් දැන් හදන්න පුළුවන්නේ, ඇයි හදන්න බැරි? ඇයි හදන්න බැරි?  

​දැන් ඔබතුමන්ලා එක පැත්තකින් මහා සංඝරත්නයට අගෞරව කරනවා, මඩ ගහනවා. ඔබතුමන්ලා ජාතිවාදය අවුස්සන්නේ නැහැ කියන න්‍යායපත්‍රය ඉස්සරහට දාගෙන ජාතිවාදය අවුස්සනවා.

ඔබතුමන්ලා හිතනවා නම් ගරු නියෝජ්‍ය කථානායකතුමනි මම මේ නැවත වතාවක් මතක් කරනවා ආණ්ඩුවට, ඔබතුමන්ලා හිතනවා නම් මේ රටේ බහුතරයක් ඉන්න බෞද්ධ ජනතාව පාගලා, ඒ පාගන එක අනිත් ජාතීන්ට පෙන්නලා, අපි ජාතිවාදී නොවෙයි කියලා ඔප්පු කරන්නේ ඒක වැරදිලා.  

​ඒක තව විනාඩියක් දෙන්න ගරු කථානායකතුමා. ඒක වැරදිලා. ඉතින් ඒ හින්දා අපි පැහැදිලිව ඔබතුමන්ලාට කියන්නේ කරුණාකරලා දැන්වත් ඇහුම්කන් දෙන්න. මහා සංඝරත්නයේ නායක හාමුදුරුවෝ පෙරටු කොටගෙන නුවර ඉඳන් පාගමන කොළඹට එනවා. ලේකම් කෙනෙක් ගිහිල්ලා කියනවා මාසයෙන් උත්තරයක් දෙන්නම්ලු. නියෝජ්‍ය කථානායකතුමනි පැහැදිලිවම අපි ඔබතුමන්ලාට කියන්නේ කරුණාකරලා මේ බොරුව නවත්වන්න,.  

​දැන් කියනවා මේ මේ මම දැක්කා අර අධිකරණ ඇමතිතුමා කියනවා පච්ච ගහන් හිටියා මල්ලිලා නංගිලා, එක්තරා පච්චයක් විතරක් ගැහුවොත් අල්ලනවා, ඒකට පනතක් ඕනේද? සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක් ඕනේද? ආ ඒක අල්ලන්න පුළුවන්නේ.  

​තනිකර මේ මර්ධනයට ඔබතුමන්ලා දැන් අර ඉස්සර තිබ්බා නියෝජ්‍ය කථානායකතුමනි IRC කියලා, නේද? IRC කියලා අහු වුනහම, IRC කොණ්ඩේ වවන් හිටියොත්, රැවුල වවන් හිටියොත් IRCකාරයා කියලා ගිහින් දානවා. දැන් ඔබතුමන්ලාගේ 80, 89 මේ න්‍යායපත්‍රය දැන් ඒක ගෙනැල්ලා ගේන්න හදනවා නීතියක් කරලා. ඉතින් ඒ හින්දා අපි පැහැදිලිව ඔබට කියන්නේ කරුණාකරලා මේ රටේ ජනතාව රවට්ටන්න එපා. මේ රටේ ජනතාව දැවැන්ත ආර්ථික පීඩනයකින් ඉන්නවා, සමාජ පීඩනයකින් ඉන්නවා, ඒ සඳහා අවශ්‍ය පිළිතුරු දැන්වත් ලබා දෙන්න, ඒ ලබා දෙන්න කටයුතු කරේ නැත්නම් මේ රටේ ජනතාව පාට බහින එකත් නවත්වන්න බැරි වෙයි."


සම්බන්ධිත පුවත් | Related News

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර් 16 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය වඩාත් විධිමත් ලෙස නියාමනය කිරීම සහ දේශීය ඖෂධ අපනයනයට අදාළ බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු අරමුණු වෙනුවෙන් 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
සංවිධානාත්මක අපරාධ වැළැක් වීමේ පනත මුල්වර කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ සමාජ මාධ්‍යයේ මේ සම්බන්ධයෙන් විකෘති අර්ථකථන නිකුත් කරමින් ඇති බවය.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම් සංජය සමරසිංහ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
යාපනය ස්ටැන්ලි පාරේ පිහිටි ඊළාම් ජනතා ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂයේ කාර්යාලයේ සහ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ පක්ෂ කාර්යාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පැය කිහිපයක් පුරා සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..

මහා සංඝරත්නයට සහ පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ රැඳී සිටීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතාඅභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.

සෞදියේ තෙල් සහ ගුවන් පහසුකම් ඉලක්ක කරමින් හූතිවරුන්ගෙන් අඛණ්ඩ ප්‍රහාර.. – රියාද් පාලනයට එල්ලවන පීඩනය තීව්‍ර වෙයි..

විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.

වෛද්‍ය ස්ථාන මාරු ප්‍රමාදයෙන් පර්යන්ත රෝහල් සේවා බිඳවැටීමේ අවදානමක්.. - GMOA අනතුරු අඟවයි..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙන්වා දී ඇති පරිදි, වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් මෙන්ම අක්‍රමිකතා හේතුවෙන් පර්යන්ත රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකවල සේවා බිඳවැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

සටන අත්හරින්නේ නෑ.. - පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමි..

කොට්ටේ ක්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ සමස්ත බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ගත් වගකීම අත් නොහරින බව එහි අනුනායක කොටපිටියේ රාහුල නාහිමියෝ පැවැසූහ.

හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..

පසුගිය 17 වැනිදා දිවයින පුරා ඇති වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් මෙරට ආර්ථිකයට රුපියල් කෝටි 400 ඉක්මවන දැවැන්ත අලාභයක් සිදුව ඇති බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.