නාමල්ගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී..
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්රකාශයක් ලබාදීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින සංජය සමරසිංහ නමැත්තා ඊයේ (19) රාත්රියේ එම කොමිසමේ අත්අඩංගුවට පත්වුණි.
සැකකරු අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරකට අනුව ඉකුත් සෙනසුරාදා මධ්යම රාත්රී 12ට පමණ එහි විමර්ශන නිලධාරින් ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි නිවසක විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි.
පසුව අනාවරණ වූයේ එම නිවසේ හිමිකරු සංජය සමරසිංහ නමැත්තෙකු බවයි.
ඔහු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියි.
ඔහු සම්බන්ධයෙන් එම කොමිසම සතුව ඇති ලිපි ගොනුවකට අදාළව මෙම සෝදිසි මෙහෙයුම දියත් කළ බව අල්ලස් කොමිසම පැවසුවේය.
එහිදී පැය 4කට ආසන්න කාලයක් සිදුකළ සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව නිවසේ තිබී සේප්පුවක් විමර්ශන නිලධාරින් භාරයට ගැනුණි.
අනතුරුව පසුදින උදෑසන අල්ලස් කොමිසමට ගොස් ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු එම කොමිසමෙන් පිටවගොස් තිබුණි.
මෙවන් පසුබිමක සංජය සමරසිංහ මහතා අදත් ප්රකාශයක් ලබාදීම සඳහා නීතිඥවරයෙකු ද සමඟ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.
එහිදී ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට පත්වූ අතර අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..
සෞදියේ තෙල් සහ ගුවන් පහසුකම් ඉලක්ක කරමින් හූතිවරුන්ගෙන් අඛණ්ඩ ප්රහාර.. – රියාද් පාලනයට එල්ලවන පීඩනය තීව්ර වෙයි..
වෛද්ය ස්ථාන මාරු ප්රමාදයෙන් පර්යන්ත රෝහල් සේවා බිඳවැටීමේ අවදානමක්.. - GMOA අනතුරු අඟවයි..
සටන අත්හරින්නේ නෑ.. - පූජ්ය කොටපිටියේ රාහුල අනුනාහිමි..
හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..
ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..