"අධිකරණය වරදකරු කළ 285 දෙනෙකුට ජනපති අනුර සමාව දී නිදහස් කරලා'' - පාඨලී හෙළිකරයි..
අධිකරණය විසින් වරදකරුවන් කරනු ලැබූ 285 දෙනෙකුට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසරේ නිදහස් දිනයේදී සමාව ලබාදී නිදහස් කර ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (19) සංවිධාන කළ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා ඊයේ බදුල්ලේ කළ ප්රකාශයට සමාජ මාධ්ය ඔස්සේ ලැබුණු ප්රතිචාරයෙන් ඔහුට ඇති ජනමතය පෙන්නුම් කෙරෙන බවයි.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණ නායක පාඨලී චම්පික රණවක මහතා,
"මහාසංඝරත්නය පසුගිය දින කිහිපයේ අවිහිංසාවාදීව ජනපතිගෙන් ඉල්ලීමක් කළා. අපි දැක්කා ඔහුගේ ප්රතිචාරය, පොලිසියේ, පක්ෂ කාඩර්වල බලය පාවිච්චි කරලා එම අවිහිංසාවාදී ක්රියාවන් විසුරුවා හරින්න මැඩපවත්වන්න. ඒ වගේම කොළඹ නගරාධිපතිනිය යොදාගෙන පොදු පහසුකම් වැසිකිළි වසාදමන තිරිසන් තත්ත්වයකට ඇදවැටුණා . මේක ඉතාම භයානක ප්රවණතාවක්. යහපාලන කාලයේ විතරක් ජවිපෙ උද්ඝෝෂණ 560කට වැඩිය කළා. එහෙම කරලා ඒ රජයේ සෑම දෙයකටම විරුද්ධව කටයුතු කළා ඒ කිසිම අවස්ථාවක මේ විදියට පොලිස් බලය පාවිච්චි කළේ නැහැ. මේකෙන් පේනවා අද අනුර කුමාර මහත්තයා පත්වෙලා තියෙන තත්ත්වය. සමාජ මාධ්යවල අනිත් අයට "හා..හා" රිඇක්ෂන් දාලා, කුණුහරුපෙන් බැනලා එහෙම තමයි ඔවුන්ගේ දේශපාලනය හැදිලා තිබුණේ. නමුත් ඊයේ අනුරගේ කතාවට කවදාවත් නැතිව "හා..හා" වරුසාවක් ආවා. බදුල්ලේදී කිව්වා අධිකරණ නියෝගවලට පිටින් කිසිදෙයක් කරන්නේ නැහැ කියලා. මතක තියාගන්න අධිකරණය විසින් වරදකරුවන් කරපු 285ක් 2025 පෙබරවාරි 4 අනුර කුමාර නිදහස් කළා. අධිකරණය මගින් වරදකරුවන් කරනු ලැබූ 49ක් 2026 පෙබරවාරි 4 අනුර කුමාර නිදහස් කළා. ඒ අනුව මේක විහිළුවක්. ඊළඟට අධිකරණ අපහාස පිළිබඳ එතුමාගේ මන්ත්රීවරියක් වන ලක්මාලි හේමචන්ද්ර 2025 ඔක්තෝබර් මාසේ කොළඹ සංවර්ධන සභා රැස්වීමේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ නිවාස කඩන්න ගියාම ඒකට උසාවි නියෝගයක් ගත්තාම, මේ මන්ත්රීවරිය ඒ සභාවේදී කිව්වා කිසිම උසාවි නියෝගයක් ගණන් ගන්න එපා, අපේ නීතිය තියෙන්නේ අපිට ඕනේ විදියට වැඩ කරන්නේ, කිසිම මිනිහෙක් අයින් කරන්න එපා කියලා මේ ගැන පැමිණිල්ලක් කළා සුගීෂ්වර බණ්ඩාර. අද මේ වෙනකම් අනුරට බැරිවුණා ලක්මාලිට නීතිය ක්රියාත්මක කරවන්න ඊළඟට ටිල්වින් සිල්වා පසුගිය මැයි 1 වැනිදා තවත් විනිසුරුවන් තිදෙනෙකුගෙන් සමන්විත ගල්අඟුරු ජනපති කොමිසම ඒක පත්කරලා තියෙන්නේ ජවිපෙ අයව නිදහස් කරන්න අනිත් අයට දඬුවම් දෙන්න කියලා ප්රකාශයක් සිදුකළා. මතක තියාගන්න මේගොල්ලොත් උසාවියට අපහාස කරපු කට්ටිය කිසිම නීතිය ක්රියාත්මක කිරීමක් වෙලා නැහැ"
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..
සෞදියේ තෙල් සහ ගුවන් පහසුකම් ඉලක්ක කරමින් හූතිවරුන්ගෙන් අඛණ්ඩ ප්රහාර.. – රියාද් පාලනයට එල්ලවන පීඩනය තීව්ර වෙයි..
වෛද්ය ස්ථාන මාරු ප්රමාදයෙන් පර්යන්ත රෝහල් සේවා බිඳවැටීමේ අවදානමක්.. - GMOA අනතුරු අඟවයි..
සටන අත්හරින්නේ නෑ.. - පූජ්ය කොටපිටියේ රාහුල අනුනාහිමි..
හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..
ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?