පුද්ගලික ඉන්ධන සමාගම්වලින් බෙදාහැරීම් තවදුරටත් සීමා කෙරේ.. – පෝලිම් නිර්මාණය වීමේ අවදානමක්..
බලශක්ති අමාත්යාංශයෙන් තම ඉල්ලීම් සඳහා මෙතෙක් සාධාරණ විසඳුමක් ලැබී නොමැති බැවින්, පුද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් සීමා කර තිබේ.
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල යළිත් පෝලිම් නිර්මාණය වී ඇති බවයි.
දිස්ත්රික්ක කිහිපයකම පෙට්රල් සහ ඩීසල් හිඟයක් මතුව ඇති අතර, ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවට නාමපුවරුද ප්රදර්ශනය කර තිබේ. දැනට වැඩි වශයෙන් ඉන්ධන නිකුත් කෙරෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (සිපෙට්කෝ) අයත් පිරවුම්හල්වලින් පමණක් වන අතර, සිනොපෙක් සමාගම අවම මට්ටමින් ඉන්ධන නිකුත් කරන අතරතුර ඒවායේ අතිශය බහුතරයක් වසා දමා ඇත.
වත්මන් මිලට ඉන්ධන නිකුත් කිරීමෙන් තමන්ට දැඩි පාඩු සිදුවන බව පවසන පුද්ගලික ඉන්ධන සමාගම්, මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ඉල්ලා සිටියද බලධාරීන්ගෙන් මෙතෙක් නිසි ප්රතිචාරයක් ලැබී නැති බව අවධාරණය කරයි. රට තුළ අවශ්ය ප්රමාණයට ඉන්ධන සංචිත තිබුණද, මෙම බෙදාහැරීමේ ගැටලු හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
සටන අත්හරින්නේ නෑ.. - පූජ්ය කොටපිටියේ රාහුල අනුනාහිමි..
හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..
ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..
ප්රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්