කොළඹ වරායේ චීන ව්යාපෘතිය අත්හරී.. පාඩුව පියවීමට වරාය අධිකාරියෙන් ඩොලර් මිලියන 22ක් ගෙවීමට එකඟවෙයි..
කොළඹ වරාය තුළ චීන සමාගමක ප්රමුඛත්වයෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබූ දැවැන්ත සැපයුම් මධ්යස්ථාන (Logistics Hub) ව්යාපෘතිය දෙපාර්ශ්වයේම එකඟතාව මත අත්හැර දැමීමට තීරණය කර ඇති අතර, ඊට අදාළ ආයෝජන පියවීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 21.9ක (රුපියල් කෝටි 650කට අධික) මුදලක් ගෙවීමට ශ්රී ලංකා වරාය අධිකාරිය එකඟ වී ඇති බව වාර්තා වේ.
චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම විසින් හොංකොං කොටස් වෙළෙඳපොළ වෙත ප්රකාශ කර ඇත්තේ, කොළඹ වරායේ යෝජිත පස්මහල් 'දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්යස්ථාන' ව්යාපෘතියෙන් සිය සමාගම ඉවත් වන බවයි.
බාහිර වාතාවරණයේ සිදුවූ වෙනස්කම්, ව්යාපෘතිය ක්රියාත්මක කිරීමේ කාලසටහන හා බිම් මට්ටමේ පරිසරයේ වෙනස්වීම් මෙන්ම පාර්ශ්වයන්ගේ වාණිජමය අවශ්යතා සමාලෝචනය කිරීමෙන් අනතුරුව, ව්යාපෘතිය මෙලෙස අවසන් කිරීම සියලු පාර්ශ්වයන්ගේ යහපතට හේතුවන බවට සමාගම නිගමනය කළ බව CMPort සමාගම එහි සඳහන් කර ඇත.
මෙම ව්යාපෘතිය ඉදිකිරීම සහ මෙහෙයවීම සඳහා CMPort සමාගම විසින් බ්රිතාන්ය වර්ජින් දූපත්වල ලියාපදිංචි 'Fortune Centre Group Limited' (FCGL) නමැති පූර්ණ අනුබද්ධ සමාගමක් පිහිටුවා තිබුණි. එහි සමස්ත කොටස් හිමිකාරිත්වයෙන් සියයට 70ක් චයිනා මර්චන්ට්ස් සමාගමටත්, සියයට 15ක් ශ්රී ලංකා වරාය අධිකාරියටත්, ඉතිරි සියයට 15 Access Engineering PLC සමාගමටත් හිමිව තිබිණි.
ව්යාපෘතිය අත්හැර දැමීමත් සමඟ මේ දක්වා ඒ වෙනුවෙන් යොදවා තිබූ ආයෝජන මුදල් යළි පියවීමට තීරණය කර ඇති අතර, ඒ අනුව බදු සහ ප්රමාද ගෙවීම් හිඟ මුදල් අඩු කිරීමෙන් පසු, අදාළ සමාගම වැය කර තිබූ ඩොලර් මිලියන 26ක මුදලින් ඩොලර් මිලියන 21.905ක මුදලක් දින 30ක් ඇතුළත එකවර SACLH සමාගම වෙත ගෙවීමට ශ්රී ලංකා වරාය අධිකාරිය එකඟ වී තිබේ. එම මුදල අවසානයේදී ව්යාපෘතියේ කොටස්කරුවන් තිදෙනා අතර බෙදී යනු ඇත.
2023 දෙසැම්බර් මාසයේදී ශ්රී ලංකා රජය විසින් මෙම ව්යාපෘතිය උපායමාර්ගික සංවර්ධන ව්යාපෘතියක් ලෙස ගැසට් පත්රයක් මගින් ප්රකාශයට පත් කළ අතර, ඒ යටතේ වසර 15ක පූර්ණ ආයතනික ආදායම් බදු සහ ලාභාංශ බදු සහන ද ඊට හිමිව තිබුණි. එසේම කොළඹ වරාය තුළ සැපයුම් සේවා සැපයීමේ වසර 50ක පූර්ණ ඒකාධිකාරී මෙහෙයුම් අයිතියක් ද චීන සමාගම වෙත පවරා දී තිබිණි. ව්යාපෘතිය ඉදිරියට නොයන බව නිවේදනය කළ ද, අදාළ බදු සහන ගැසට් නිවේදනය මෙතෙක් අවලංගු කළ බවට රජයේ මුද්රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සටහන්ව නොමැත.
ඇමරිකානු ඩොලර් මිලියන 392ක දැවැන්ත ඇස්තමේන්තුගත ආයෝජනයක් ලෙස කොළඹ වරාය තුළ දකුණු ආසියාවේ විශාලතම සැපයුම් මධ්යස්ථානය ඉදිකිරීම සඳහා මුල්ගල් තබන ලද්දේ 2023 වසරේදීය. චයිනා මර්චන්ට්ස් සමාගම දැනටමත් කොළඹ වරායේ ජාත්යන්තර බහාලුම් පර්යන්තය (CICT) සහ හම්බන්තොට ජාත්යන්තර වරායේ බහුතර මෙහෙයුම් පාලනය කරන ප්රධානතම සමාගම වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
සටන අත්හරින්නේ නෑ.. - පූජ්ය කොටපිටියේ රාහුල අනුනාහිමි..
හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..
ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..
ප්රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්