විහාර මහාදේවී උද්යානයේදී භික්ෂූන් වහන්සේලාට එල්ල වූ ප්රහාරය සජිත් හෙළා දකියි..
විහාර මහා දේවී උද්යානයේදී පිරිත් දේශනා කරමින් සිටි භික්ෂූන් වහන්සේලාට එල්ල වූ ප්රහාරය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
විපක්ෂ නායකවරයා අදාළ නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ තමන් මෙම ප්රහාරය දැඩිව හෙළා දකින බවත් භික්ෂූන් වහන්සේලාගේ සාමකාමී සත්යග්රහය පිළිබඳව මුල සිටම රජය කටයුතු කළ ආකාරයද තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවය.
භික්ෂූන් වහන්සේලාගේ සනීපාරක්ෂක පහසුකම් පවා අහුරා පිරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේලාට වර්ෂාවෙන් ආරක්ෂා වීමට තිබූ ආවරණ පවා බලහත්කාරයෙන් ඉවත් කළ ආකාරය පිළිබඳව විපක්ෂ නායකවරයා සිය අප්රසාදය පළ කර තිබේ.
එමෙන්ම රටේ මහජනතාවගේ, භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව සහතික කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවත් එම වගකීමෙන් බැහැරව අපරිණත ලෙස හැසිරීමට ජනාධිපතිවරයාට අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.
මේ හේතුවෙන් වහාම රටේ ආගමික සමගිය සහ සාමය බිඳ වැටීමට ඉඩ නොදී මහජනතාවගේ සහ භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව සැලසීම ජනාධිපතිවරයා වහා කටයුතු කළ යුතු බවද අදාළ නිවේදනය මගින් විපක්ෂනායකවරයා අවධාරණය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..
ප්රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..
ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..
මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්ය පාතේගම ඤානිස්සර හිමි
ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ
ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..
මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි
ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..