පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් සලකා බැලීම ඔක්තෝබර් 22 දා..
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම (Support) මෙලෙස එළඹෙන ඔක්තෝබර් 22 වනදා පස්වරු 1.30 ට අභියාචනාධිකරණයේ 110 වන අධිකරණ ශාලාවේදී සිදු කිරීමට නියම කර ඇත.
පූජ්ය තීනියාවල පාලිත හිමි, මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, පූජ්ය උලපනේ සුමංගල හිමි, පූජ්ය අගුලුගල්ලේ ජිනානන්ද හිමි, පූජ්ය අගලකඩ සිරිසුමන හිමි, පූජ්ය දඹර අමිල හිමි සහ විශ්රාමික බ්රිගේඩියර් අතුල හේමචන්ද්ර ද සිල්වා යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කර තිබේ.
අමල් රණරාජා, ප්රියන්ත ප්රනාන්දු සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ 2026.10.15 දින මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම පෙත්සම් වෙනුවෙන් පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ, ජ්යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ, ජ්යෙෂ්ඨ නීතිඥ ප්රසන්න ගුණතිලක සහ ජ්යෙෂ්ඨ නීතිඥ භූපති කහතුඩුව යන මහත්වරුන් ඇතුළු ප්රධාන නීතිඥ මණ්ඩලයක් අධිකරණයේ පෙනී සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..
ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..
මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්ය පාතේගම ඤානිස්සර හිමි
ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ
ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..
මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි
ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්
ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්යවස්ථා ප්රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්යයකට යන ගමන..
සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..
ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)