ශිරන්ති 16 දක්වා රිමාන්ඩ්..
"සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (13) නියෝග කළේය.
ඒ, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දීලිප පිරිස් විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුවයි.
සිද්ධියට අදාල දෙවන සැකකාරිය විවෘත අධිකරණයේ නොසිටි අතර ඇය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා තම සේවාදායිකාව කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පවසා වෛද්‍ය වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
සිද්ධියට අදාලව ඇප මත මුදා හරිනු ලැබු පළමු සැකකරු වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් අද (13) අධිකරණයේ පෙනී සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් පවසා සිටියේ මෙම සැකකාරිය කළු සල්ලි සුදු කිරීමට ක්‍රියා කර ඇති බවය.
මෙහිදී වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් මෙසේ ප්‍රකාශ කළේය.
"ස්වාමිනි, මෙම විමර්ශනය CID එකේ මුල්‍ය අපරාධ කොට්ඨාශය සහ අල්ලස් කොමිසමේ එකඟතාවය මත අවසන් අදියරේ තමා පසුවන්නේ. සිරිලිය සවිය නමැති ගිණුමක් පවත්වාගෙන යමින් මෙම දෙවන සැකකාරිය පළමු සැකකරු එවකට සේවය කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මිලියන 10 මුදලක් ලබා ගෙන රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් එකක් ලබා දෙන්න. දුෂණ විරෝධි පනතේ 70 වන වගන්තිය අනුව සැකකරුවන්ට චෝදනා ගොනු කර තිබෙනවා.
2010 /12/8 වන දින සිරිලිය සවිය නමින් සංගමයක් පිහිටුවාගෙන තිබෙනවා. කලින් තිබුණේ කාල්ටන් කියන නමින්. රටේ පළමු ආර්යාව රාජ්‍ය මුද්‍රණ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලේඛණ යොදාගෙන තමා විවිධ ආයතනවලින් මෙලෙස ආධාර මුදල් ඉල්ලා තිබෙන්නේ. පළමු අවස්ථාවේ ළමා රෝහලට මිලියන 140ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඉල්ලා පසුව එය මිලියන 50 දක්වා වාචිකව සංශෝධනය කර අඩුකර එයිනුත් මිලියන 10ක මුදලක් තමයි මෙම NSB බැංකුවෙන් ලබා ගෙන තිබෙන්නේ. මීට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හා සෙලාන් බැංකුවෙනුත් ආධාර ඉල්ලා තිබෙනවා.
2011/5/11 දින තමයි මෙම සිද්ධියේ පළමුවන සැකකරු වන NSB බැංකුවේ හිටපු සභාපති විසින් මෙම මුදල ලබාදීම අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතියෙන් තොරව කටයුතු කරලා තියෙන්නේ.
2010/12/ 30 මෙම මුදල දෙන්න අනුමත වෙනවා. පළමුව මුදල බැර කිරීමට තීරණය කර තිබෙන්නේ කාල්ටන් ගිණුමට.
නමුත් ලංකාවේ පළමු ආර්යාව නිසා සිරිලිය ගිණුමට බැර කරන ලෙසයි පළමුවෙනි සැකකරු අනිත් අයට දන්නවා තිබුණේ. අධ්‍යක්ෂ අනුමැතියකින් තොරව තමයි මෙලෙස මුදල් ලබා දී තිබෙන්නේ.
2014 දී MRI මැෂින් එකක් චීන රජයෙන් අපට ලබා දෙනවා ආධාර වශයෙන්. ලක්ෂ 1400ක් වටින MRI එකක්. සිරිලිය එකට එක ලබා දෙනවා . රිජ්වේ ආර්යා ළමා රෝහලට එය ලබා දෙනවා මෙම දෙවන සැකකාරිය තමන්ගේ පුතාගේ උපන් දිනයක් දවසක. මේ සම්බන්ධයෙන් එවකට හිටපු කොළඹ ළමා රෝහල වෛද්‍යවරුන් දෙදෙනකුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා. NSB බැංකුවේ අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රකාශය අනුව මුලින් තිබූ නම වෙනස් කරලා තිබෙන බවද අනාවරණය වෙනවා. කලින් තිබ්බේ ශිරන්ති නවෝදය කියලා පසුව සිරිලිය කරලා. "
ස්වාමීනි, ස්වේච්ඡා සංවිධානයක් ලියාපදිංචි විය යුතු කිසිම නෛතික ක්‍රියා පිළිවෙලක් මෙහි නැහැ. විධිමත් ආකාරයට නෙවෙයි ලියාපදිංචි කරලා තිබෙන්නේ. සිරිලිය නමින් සමාගමක් හදලා මුදල් එකතු කරගෙන ඔවුන්ගේ බැංකු ගිණුම්වලට දාගෙන. මේ, කළු සල්ලි සුදු කරන ක්‍රමයක්. රටේ පළමු ආ්රයාව කිව්වම ඕන කෙනෙක් ආධාර මුදල් දෙනවනේ. සිද්ධියට අදාලව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා. ඇප ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධතාය දක්වනවා"
සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා ඉල්ලා සිටියේ කොළඹ ජාතික රෝහලේ විවෘත හෘද සැත්කමකට තම සේවාදායිකාව භාජනය කර ඇති බැවින් තම ඇයට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ප්‍රදානය කරන ලෙසයි.
එම අවස්ථාවේදි ඇප ලබා දෙනවාට විරෝධතාවය ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ සැකාකරිය රෝහල් ගත කර ඇති මුත් හෘද සැත්කමක් සිදුකරනවා යැයි පැවසීම සම්බන්ධයෙන් පැමිණිල්ල දැනුවත් නොමැති බවයි.
සැකකාරියගේ පෙර හැසිරීම් දෙස බැලූවිට මෙයද පිළිගත නොහැකි බවද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පැවසුවේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියට සැබැවින්ම විවෘත හෘද සැත්කමක් කරනවාද යන්න පිළිබඳ වාර්තාවක් පස්වරු දෙකට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් නඩු විභාගය පස්වරු 2 දක්වා කල් තබනු ලැබුවේය.
ඒ අනුව අද(13) පස්වරු 2.20 ට නඩුව නැවත කැඳවනු ලැබුවේය.
ඉන්පසුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා නැවත අධිකරණයට කරුණු දැක්වීය.
" ස්වාමීනි , දිවුරුම් ප්‍රකාශයක් මාලිගාකන්ද උසාවියට දිලා මැය. දවස් 20ක් සිංගප්පූරු ගියා අසනිපයි කියලා. එහෙන් අනාවරණය වුණේ නැති සැත්කමක් දැන් කොහෙමද අනාවරණය වන්නේ. මහා ලොකු අවහිරයක් තිබ්බානම් සිංගප්පුරුවෙන් ඇයි අහු නොවුණේ මෙය සුවිශේෂි කරුණු මවන්න කියන කතා. බන්ධනාගාර වගන්ති අනුව අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා ඇප දිමට විරුද්ධයි"
ජනාධිපති නීතීඥ අනිල් සිල්වා -
"ඇත්තටම රෝගී තත්වයක් තියෙනවාද? වර්තා ඉදිරිපත් කළා. හෘද රෝගි තත්වයට ඇප දිය නොහැකිද, ඇත්ත වශයෙන්ම රෝගී තත්වයක් තියෙනවා. ස්වාමීනි. රෝගී තත්වය බන්ධනාගාරයේ තිබ්බොත් ජිවිත අවදානමක් විය හැකි සුවිශේෂි තත්වයක් තියෙනවා. මැරෙන්නම ඕනි නැහැ ඇප ගන්න. අපි දවස් 3යි බන්ධනාගාර හිටියේ. රෝහල් ගත කළා. අපි දන්නවා කට්ටිය හිතනවා ඇති මැරිලා ගියානම් හොදයි කියලා. මගේ සේවාදායිකාව හෘද සැත්කමක් කිරීමට නියමිතයි. සැත්කම සිදු කරන බව කියු ප්‍රකාශය මට වැරදීමකින් කියවුණේ. එය මම ඉල්ලා අස් කරගන්නවා එම නිසා ඇප ලබා දෙන්න.
අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා -
" ස්වාමිනි,මා කිවිවේ නැහැ. නැවත බන්ධනාගාරයටයවන්න. රෝහලේ ඉදන් අවශ්‍ය ප්‍රතිකාර ගන්න. රජයෙන් බෙහෙත් කරන්නේ. මොකක්ද තියෙන අසාධාරණය."
අධිකරණය -
ඉදිරිපත් කරන ලද වර්තා අනුව පැහැදිලි වන්නේ සැත්කම on going මට්ටමේ තිබෙන බවයි. බන්ධනාගාරයට උසාවියට ගෙන්න එපා කියලා තමා දක්වලා තියෙන්නේ. වර්තා අනුව හෘද සැත්කමක් කිරීමක් හෝ කිරීමට තිබෙන බවට සදහන් නැහැ. නමුත් ඇයගේ රෝගී තත්ත්වයේ බරපලකම දක්වා තිබෙනවා. ඒ පිළිබදව ඉදිරි දින ඇප ලබා දිම සම්බන්ධයෙන් මා තිරණය කරනවා.”
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාරිය ලබන 16 වැනිදා දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල්තැබූ අතර මෙහි පළමු සැකකරුට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කළේය.
- hirunews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..