News Category
From Date
To Date
Maximum Number of Result

බුද්ධාගමක් තියෙනවා ද?..

Oct 13, 2026 at 12:31 PM
|

මම ලියපු ලිපියක් පත්තරේක සම්පූර්ණ පිටුවක මුලින් ම පළවුණේ 1989 අවුරුද්දේ. “ආගම, විද්‍යාව සහ බුදුදහම” කියන නමින් මම ලියපු ඒ ලිපිය පළකළේ “විදුසර” පත්තරේ. වයස අවුරුදු විස්සවත් සම්පූර්ණ වෙලා නැති ඒ කාලේ තේරුම් ඇරැගෙන හිටිය සමහර අදහස් සහ ආර්. ජී. ද එස්. වෙත්තිමුණි මහත්තයා (සිදත් වෙත්තිමුණිගේ තාත්තා) ලියපු “බුදු දහම, ආගම හා විද්‍යාව සමඟ සම-විසම වන අයුරු” කියන පොත සේවනයෙන් ලබාගත්ත අදහස් පදනම් කරගෙනයි මම ඒ ලිපිය ලිව්වේ.

බුදුදහම මිසක් බුද්ධාගම කියලා එකක් නෑ කියලා ඒ නොමේරු කාලයේ මම පිළිගත්ත අදහස කාලයක් යද්දි වෙනස්වුණා. බුද්ධාගම කියලා එකකුත් තියෙනවා කියලා මම තේරුම්ගත්තා. මේ බුද්ධාගම අනිත් ආගම්වලින් වෙනස්වීම වෙනම කතාවක්. අනිත් ආගම් දේවවාදය මුල් කරගත්ත ඒවා. බුද්ධාගමේ එහෙම දේවවාදයක් නෑ. “තමන්ට පිහිටවෙන්න පුළුවන් තමන්ට විතරයි” කියලා බුදුදහමින් ඉගැන්වෙනවා. ඉතින් ඒ ඉගැන්වීම මත පදනම්වෙච්ච බුද්ධාගම දේවවාදයක් නෙවෙයි.

බුදුදහමේ සමහර ඉගැන්වීම් අපි පිළිගන්නේ ඒවා අත්දැකලා හරි ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගෙන හරි නෙවෙයි. උදාහරණයක් විදිහට “කර්මය” සහ “පුනර්භවය” ගැන හිතන්න. මේවා ගැන අපිට තියෙන්නේ එක්තරා ආකාරයක විශ්වාසයක්. “සංසාර ගමන” පිළිබඳ විශ්වාසයක් නැතිනම් තමන්ගේ හිත කය සතුටු කරගෙන, අනිත් අයට කරදරයක් නැති විදිහට ජීවත්වුණාම හොඳට ම ඇති. එහෙම සීමාවක් ඇතුළේ මේ ලෞකික පැවැත්ම ඉක්මවපු නිවනක් ගැන අපි හිතන්න ඕන නෑ.

ඇත්තෙන්ම ඒ විදිහට හිතන “බෞද්ධයෝ” අපි අතර ඉන්නවා. මේ භෞතිකවාදී බෞද්ධයෝ කර්මය, පුනර්භවය සහ සංසාර ගමන පිළිගන්නේ නෑ.

ඒත් අපි එච්චර “දියුණු” නෑ. අපි භෞතිකවාදී හෝ විඥානවාදී සීමාවලට කොටුවෙලා නෑ. ඒ සීමා ඉක්වවලා “ලෝකය” තේරුම්ගන්න අපි උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් “කර්මය”, “පුනර්භවය” සහ “සංසාර ගමන” ගැනත් සියලු දුකින් අත්මිදිලා අත්පත් කරගත හැකි “නිවන” ගැනත් අපි හිතනවා. ඒ පිළිගැනීම් පදනම් කරගත්ත පිළිවෙත් අනුගමනය කරන ගමන් ආශ්‍රිත ආගමික කටයුතුවලත් අපි නිරතවෙනවා.

බුද්ධාගම කියන්නේ දේවවාදයක් නොවුනත් භෞතික විදිහට අපිට ග්‍රහණය නොවන ප්‍රාණීන්ගේ පැවැත්ම අපි ප්‍රතික්‍ෂේප කරන්නේ නෑ. එහෙම ප්‍රාණීන් ඕන තරම් ඉන්න බව අපි පිළිගන්නවා. (හැම මගුලක් ම අපේ පංචේන්ද්‍රියයන්ට සහ ඒවාට උදව් ලබාගැනීමේ අදහසින් අපි ම හදපු උපකරණවලට ග්‍රහණය වෙනවා නම් අපි තමයි සර්ව බලධාරී. එත් බෞද්ධ අපි එහෙම උද්ධච්ච ගොන් කතා කියන්නේ නෑ). ඉතින් දෙවියෝ, යක්කු, ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ වගේ ඉවරයක් නැති ප්‍රාණීන් ගැන අදහස් අපිට තියෙනවා. මේ ප්‍රාණීන්ටත් උපතක් සහ විපතක් තියෙන බවත්, ඒ කවුරුවත් සර්ව බලධාරී සත්ත්වයෝ නොවන බවත් අපි දන්නවා. ඒ වගේ ම, මෙහෙම ප්‍රාණීන්ගේ විවිධ උදව් උපකාර, ආශීර්වාද ලබාගන්නත් අපි කටයුතු කරනවා.

බුද්ධ දේශනාව තුළත් ඒ වගේ අපිට ග්‍රහණය නොවන ප්‍රාණීන් ගැන සහ වෙනත් ලෝක ගැන සඳහන් වෙනවා. බුදුරජාණන්වහන්සේ සමහර සූත්‍ර දේශනා කරලා තියෙන්නේ එහෙම ප්‍රාණීන් අරමුණු කරගෙන. එහෙම නැතිනම් ඒ වගේ ප්‍රාණීන් අහපු ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන්. ඒවා ගැන කිසිම සැකයක් අපිට නෑ.

ලෝකෝත්තර නිවන වෙනුවට ලෞකික ප්‍රශ්න අරමුණු මුල් කරගත්ත දේශනා විශාල ප්‍රමාණයකුත් ත්‍රිපිටකයේ තියෙනවා. ඛුද්දක පාළියේ තියෙන රතන සූත්‍ර දේශනාව ආශීර්වාදය මුල් කරගත්තක්. සංයුක්ත නිකායේ තියෙන ධජග්ග සූත්‍රයෙන් කියැවෙන කරුණු අපි දන්නවා. මේ වගේ දේශනාවලින් පෘතග්ජන අපි බලාපොරොත්තු වෙන්නේ ආශීර්වාදයක්, ආරක්‍ෂාවක්. මේක ආගමික වැඩක් තමයි.

බුද්ධ දේශනාව ග්‍රන්ථාරූඨ කරලා මේ තාක් කාලයක් රැකගෙන ඇවිල්ලා තියෙන්නේ සජීවි සමාජයක් ඇතුළේ. එහෙම නැතුව පුස්තකාල ඇතුළේ ගබඩා කරලා පොළොවේ වළදාලා නෙවෙයි. සජීවි සමාජයක් කියන්නේ විවිධ මට්ටම්වල මිනිස්සුන්ගේ එකතුවක්. බාල, තරුණ, මහළු අය, බුද්ධිමත් අය, මෝඩ අය මේ සමාජයේ ඉන්නවා. එක මොහොතින් ධර්මය වටහාගැනීමේ හැකියාවක් අපි බහුතරයකට නෑ. අපි ඒ වෙනුවෙන් ලොකු කාලයක් ගත කරනවා. පන්සල් එක්ක ගනුදෙනු කරනවා. ස්වාමීන්වහන්සේලා ආශ්‍රය කරනවා. දන් පින් කරනවා. දන්න දේවල් අපි අපේ ළමයින්ටත් කියලා දෙනවා.

අපි අපේ බුද්ධි මට්ටම් අනුව, අවබෝධය අනුව සහ සංස්කෘතික පුරුදු අනුව පන්සල්වලින් සහ ස්වාමීන්වහන්සේලාගෙන් විවිධ දේ බලාපොරොත්තු වෙනවා. ගෙදර කෙනෙක් මියගියාම මළකුණ සොහොනට විසි කරලා ගෙදර එන්න අපිට බෑ. ඔය සුපිරි බණ කියන කිසිම කෙනෙක් එහෙම කරන්නෙත් නෑ. ඉතින් මරණයකට අදාළව පංශුකූලය දීම, දන්දීම, ධර්ම දේශනා කරවීම, වෙනත් පින්කම් කිරීම අපි කරනවා. ඊට අමතරව තව තව කරුණු මුල් කරගෙනත් අපි දන්දීම්, බණ ඇහීම්, පිරිත් පින්කම් සිදුකිරීම් ආදී කටයුතුවල නිරතවෙනවා.

යම් අලාභයක් අන්තරාවක් ඉස්මතුවුනාමත් මිනිස්සු පිහිටක් අපේක්‍ෂා කරනවා. තමන් සන්තක දෙයක් නැතිවුනාම මිනිස්සු දේවාල ගානේ යනවා. ගෙදර කෙනෙක් ලෙඩ වුනාම ආශීර්වාද අපේක්‍ෂා කරනවා. මේ දේවල් පන්සල්වලින් කෙරෙන්නේ නැතිනම් මිනිස්සු වෙන තැන්වලට, වෙන ආගම්වලට යන්න පුළුවන්. ඒ තමයි මිනිස්සුන්ගේ හැටි. ඉතින් බෞද්ධ පිළිගැනීම් ඇතුළේ ඒ වැඩ කරලා දෙන එකේ වැරැද්දක් නෑ. ඒක මිනිස්සුන්ට පිහිටවෙන්න පුළුවන් එක ක්‍රමයක්.

කාලෙන් කාලෙට වෙන ආගම්වල රැළිත් ඇතිවෙනවා. එහෙම ආකර්ෂණීය රැළි ඇතිවෙද්දි මිනිස්සු ඒවාට ඇදිලා යනවා. ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවසේ දී චෝළ පාණ්ඩ්‍යය රාජ්‍යයන් ආශ්‍රිතව ඇතිවෙලා ඉන්දියානු උප මහද්වීපයේ උතුරට පැතිරිලා ගිය “භක්ති ව්‍යාපාරය” එහෙම එකක්. ඒක සුනාමියක් වගේ දරුණු රැල්ලක්. මිනිස්සු තමන්ට ආකර්ෂණය කරගෙන චෝළ, චේර, පාණ්ඩ්‍ය රාජ්‍යයන්ගේ තිබුණු බෞද්ධ සහ ජෛන සම්ප්‍රදායයන් සුණුවිසුණු කරලා දාන්න ඒ ව්‍යාපාරයට පුළුවන් වුණා.

මෙහෙම පෙරැළි වෙද්දි බලාගෙන හිටියොත් ලංකාවේ බෞද්ධ අපිට සිද්දවෙන්නෙත් හැඳිගෑවිලා යන්න. මිනිස්සුන්ව තෘප්තිමත් කරන්න පුළුවන් ආගමික පරිසරයක් රටේ තියෙනවා නම් එහෙම සුනාමි ඇතිවුණා කියලා බයවෙන්න ඕන නෑ. අපේ රටේ වෙස්සන්තරය ජනප්‍රිය වුණේ උඩින් කියපු භක්ති සුනාමියට ප්‍රතිචාරයක් විදිහට කියලා හිතන්න පුළුවන්.

ඉතින් මෙහෙම අවශ්‍යතා ඇතුළේ බුද්ධාගමකට පැවැත්මක් තියෙනවා. ඇත්තෙන්ම එහෙම බුද්ධාගමක් අපිට ඕන. ඒක ප්‍රතික්‍ෂේපකිරීම මෝඩකමක්.

(මේ එක්ක පළකරන පින්තූරයෙන් නිරූපණය කෙරෙන්නේ භක්ති ව්‍යාපාරයේ අවස්ථාවක්)

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සහ සමාජ ජාල තුළ නිතර කතාබහට ලක්වන,ලේඛක සරෝජ් පතිරණ විසින් රචිත ලිපිය මුල් කරගනිමින්,
රුසියානු-ඇමරිකානු සබඳතාවල නවතම හැරවුම කියෙව් පාලනය කම්පනයට පත් කර තිබේ.
රුසියානු-ඇමරිකානු සබඳතාවල නවතම හැරවුම කියෙව් පාලනය කම්පනයට පත් කර තිබේ.
හිමාල කඳු වැටියෙන් වටවූ, ලොව අවසන් වජ්‍රයාන බෞද්ධ රාජ්‍යය ලෙස හැඳින්වෙන භූතානය, භෞතික දියුණුවට වඩා ආධ්‍යාත්මික සහ මානසික සුවතාවයට මුල්තැන දෙන සුවිශේෂී දේශයකි.
අනුරාධපුර පූජා භූමිය යනු සිංහල බෞද්ධයාට පමණක් නොව, මුළුමහත් බෞද්ධ ලෝකයටම අති විශේෂ ස්ථානයකි. මේ පූජා භූමි සීමාවට අටමස්ථාන සිද්ධස්ථානද ඇතුළුව තවත් බොහෝ සිද්ධස්ථාන අයත් වේ. එයිනුත් මේ ගෞතම සම්මා සම්බද්ධ ශාසනයේ මහා සෑය වන ගාමිණිඅභය නිරිඳුන් විසින් කරවූ ස්වර්ණමාලි මහාස්ථුපය සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉතා සුවිශේෂී වේ. (මේ ලිපිය අවසානය තෙක් කියවන්නට නොහැකි නම් නොකියවාම දැන්ම ඉවත් වීම සුදුසුය. මන්ද අදහස සම්පූර්ණ ලෙස නොවැටහීමට හේතු විය හැකි බැවිනි)
ඔක්තෝබර් 9 වැනිදා වන විට චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා තිබේ.
මේ දිනවල රටේ ම කතාබහ සිවුර ගැන ය. පැවිදිවීම උප පැවිදිවීම, අරහත් ධජයේ වටිනාකම, භික්‍ෂුන් වහන්සේගේ විනය ගැන විවිධාකාරයෙන් අදහස් ඉදිරිපත් වෙති. කසාවතේ වටිනාකම උගත මිනිසුන් ඒ සම්බන්ධයෙන් ගෞරවයෙන් කතා කරනවිට ආගමක්, දහමක් නැති නිරාගමිකයින් සහ ආගමික අන්තවාදීන් සිවුරට ගරහති. වපුරන තරමට අස්වැන්න ලැබෙන බව ලෝක ධර්මතාවයකි. කසාවතට ගරහන ‘පින්වතුන්’ රැස් කරගන්නා ‘කර්මය’ සංසාර ගමනේ දී විපාක විදිහට එන බව බුදුදහමේ සඳහන් ය.
"රජයේ ආදායම් වැඩි වෙලා, භාණ්ඩාගාරයේ සැබෑ ද්‍රවශීලතාවයක් (Actual Cash) ඉතිරි වෙලා, ඉතිහාසයේ පළමු වතාවට අයවැය අතිරික්තයක් ඇවිල්ලා" කියලා අනුර සහ ආණ්ඩුව ලොකුවට සද්දෙ දානවා නේද. ?

ප්‍රධාන පුවත්

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.