බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව අභියසදී, පැවති අධිෂ්ඨාන සත්‍යක්‍රියාවකට එක්වෙමින් උන්වහන්සේ මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළහ.
එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ, අතීතයේදී විවිධ අර්බුද හමුවේ අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස පමණක් නොව ඔහුගේ පුත්‍රයා පවා රැකවරණය ලැබුවේ ගාල්ල ඇතුළු ප්‍රදේශවල විහාරස්ථානවල බවයි. එලෙස සංඝරත්නයේ රැකවරණය ලැබූ පිරිස් අද බලයට පත්වීමෙන් පසු බුදු සසුනට සහ භික්ෂුත්වයට එරෙහිව කෘතවේදීත්වයකින් තොරව කටයුතු කරමින් සිටින බව උන්වහන්සේ චෝදනා කළහ.
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ පවා මෙරට බෞද්ධ සම්ප්‍රදායන්ට සහ මහා සංඝරත්නයට යම් ගෞරවයක් හිමිවූ බව පෙන්වා දුන් ධම්මරතන හිමියෝ, වත්මන් පාලනය නිරාගමික න්‍යායපත්‍රයක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් බෞද්ධ උරුමයන් නොසලකා හරිමින් සිටින බව පෙන්වා දුන්හ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් මහනායක මාහිමිපාණන් වහන්සේලා ඉදිරිපත් කළ ලිපි පවා නොසලකා හරිමින් උන්වහන්සේලාගේ හඬ යටපත් කිරීමට කටයුතු කර ඇති බවටද චෝදනා නැගූහ.
ඥානසාර හිමියන් සිරගත කිරීම හුදෙක් එක් භික්ෂූන් වහන්සේ නමකට එල්ල වූ ප්‍රහාරයක් නොව, සමස්ත ශාසනයට හා සිංහල බෞද්ධ ජනතාවට එල්ල වූ අභියෝගයක් බව පැවසූ උන්වහන්සේ, බුදු සසුනත් අරහත් ධජයත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දිවි පරදුවට තබා පෙරට ඒමට මෙරට බෞද්ධ ජනතාව පසුබට නොවන බවද අවධාරණය කළහ.
පාලකයන් වැරදි මාවතක ගමන් කරන්නේ නම් ඊට එරෙහිව ජනතා බලය පෙරදැරිව ප්‍රබල අරගලයක් දියත් කිරීමට සිදුවන බවද මිහින්තලා නාහිමියෝ වැඩිදුරටත් අනතුරු ඇඟවූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්