එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අයගේ සාක්ෂිය නැවත කැඳවීම ඊයේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සිදු විය.
මෙම නඩුව, සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම්, ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 121/1 විජේරාම මාවත, කොළඹ 7 පිහිටි ලිපිනයේ ස්ථාපිත වූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී මෙය විභාගයට ගන්නා ලදී.
පසුගිය ජූලි 24 වැනිදා නඩුව කැඳ වූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කියා සිටියේ නඩුවේ සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත ලබා ගැනීමට අවශ්‍ය බවයි. ඊට විත්තිකාර පාර්ශ්වය විරෝධතා ඉදිරිපත් කළ අතර, එම විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල ඒකමතිකව නියෝගයක් ලබා දෙමින් සිව්වන සාක්ෂිකරු නැවත සාක්ෂියට කැඳවීමට පැමිණිල්ලට අවසර ලබා දුන්නේය.
අනතුරුව පසුගිය නඩු වාරයේදී විත්තියේ නීතිඥවරු ත්‍රිපුද්ගල මහාධිකරණයේ නියෝගයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කළහ. එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙසත්, එම අභියාචනා පෙත්සම විභාග කොට තීන්දුව ලබාදෙන තුරු මෙම මහාධිකරණයේ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවත් ඔවුහු තර්ක කළහ. ඒ අනුව එම අභියාචනයේ තීන්දුව ලැබෙන තුරු සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය නොකැඳවන ලෙස ඉල්ලා තිබිණි.
ඉකුත් සැප්තැම්බර් 04 දින විනිසුරු මඩුල්ල නිවේදනය කළේ නඩුවකට අදාළව නිකුත් කර තිබෙන අතුරු නියෝගයක් අභියෝගයට ලක් කළ නොහැකි බවත්, එමනිසා සිව්වන විත්තිකරුගේ සාක්ෂිය කැඳවන බවත්ය.
කෙසේ වෙතත් මෙම නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුරේෂ් කුමාර සුමතිපාල විසින් ඊයේ දින අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමේදී මෙම නඩුවේ පළමු විත්තිකාර ශම්මි කුමාරරත්න විසින් අවස්ථා කිහිපයකදී නඩුවට අදාළව අසත්‍ය සාක්ෂි ලබාදෙන ලෙස සාක්ෂිකරුට තර්ජනය කර ඇති බව ප්‍රකාශ කළේය.
ඒ අනුව ඊයේ දින මෙම නඩුව වෙනුවෙන් වෙන්කර තිබූ කාල සීමාව අවසන් වූ බැවින් මෙම සාක්ෂියේ ඉතිරි කොටස ලබාගැනීම සඳහා අධිකරණයේ කටයුතු ලබන 16 වැනිදා දක්වා කල් තැබීමට ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළහ. තවද එදිනට සාක්ෂි අංක 53 සහ 98 යන සාක්ෂි කැඳවීමට නොතීසි ද නිකුත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළ අතර, ඒ අනුව සාක්ෂිකරුවකු ලෙස සුරේෂ් සලේ ද ඉදිරි දිනෙක කැඳවීමට නියමිතය.
2010 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නීතිපතිවරයා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්.ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ, ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනා මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර තිබේ.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්